ඔබේ සම තව තවත් දිදුලවන නවතම තාක්ෂණය “Hydrosoft”

අප ජීවත් වන්නේ තාක්ෂණයේ දියුණුවත් සමගින් ශ්‍රීඝ්‍රයෙන් ඉදිරියට ඇදෙන සමාජයකයි. ඒ හේතුවෙන් අපගේ සෑම කාර්යයක්ම ඉතාම පහසු මෙන්ම උපරිම උසස් මට්ටමකින් ඉටුකරගැනීමට මේ වන විට හැකියාව පවතිනවා. කාන්තාවකගේ සුන්දරත්වය පවත්වා ගැනීමටත් දැන් තාක්ෂණයේ සහය අපට ලැබී තිබෙනවා.

පංච කල්‍යාණ අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි වන ඡවි කල්‍යාණය ඔබේ රුව ඔප් නංවනවා. සම යනු අපේ සිරුරේ විශාලතම ඉන්ද්‍රියයි. ඒ වගේම සුන්දරත්වය රැදී පවතින්නේ ද සම මතයි. සමෙහි තෙතමනය මෙන්ම සුමුදු බව සමගින් සමට මනා රැකවරණයක් අවශ්‍ය වන්නේ ඒ නිසයි. නිරන්තරව බාහිර පරිසරය හා ගැටෙන නිසාම බාහිරව ඇති විය හැකි බලපෑම් හේතුවෙන් සමෙහි යම් යම් ආබාධ ඇති විය හැකියි. උදාහරණයක් ලෙස නිරන්තරයෙන් හිරු එළියට නිරාවරණය වීම සමෙහි එවැනි ආබාධ ඇති කිරීමට හේතු විය හැකිය. එය සමේ නිරෝගී පැවැත්මට බාධා ඇති කරවයි.

බාහිර සුන්දරත්වය ඔප් නංවා ගැනීමට නම් මනා ශාරීරික පෝෂණයක් අවැසි බව ඔබ හොදින් දන්නා අතරම අවශ්‍ය පමණට ජලය මෙන්ම පෝෂකාංග අඩංගු ආහාර රටාවකට හුරුවීම ද නිරෝගී සමක් පවත්වා ගැනීමට උපකාරී වේ.
පැහැපත් දිදුලන සමක් යනු සුදු පැහැ සමක් නොවේ. ඔබේ සම රැලි වැටීම්වලින් තොර, තෙතමනය සහිත, පිරිසිදු මෙන්ම ලප කැළැල්වලින් තොර සමක් නම්, වර්ණය සුදු/කලූ/තලෙළු වුවද එය නිරෝගී සමකි. සම සුදු/කලූ/තලෙළු වීම ගැටලූවක් නොවේ. නිරෝගී සම මතුපිට කිසිවිටෙකත් යම් යම් රෝග තත්ත්වයන් ඇති වීමේ හැකියාව අවමය.
පැහැපත් දිදුලන සමක් තිබීම අපේ හැඩරුව වඩාත් ඔපවත් කරන අතරම නිසි පෝෂණය ලද සුන්දර සම, ඔබේ තරුණ පෙනුම ද රැකගනී. අන්න ඒ නිසාම සම රැකගැනීම පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කිරීම වඩාත් වැදගත් වනු ඇත. ඒ හා සමානවම සමෙහි රැකවරණය උදෙසා නව්‍ය සොයාගැනීම් පිළිබඳව නිසි දැනුවත් බවක් තිබීම ද ඉතාම වැදගත් වේ.
සමෙහි දුර්වලතා වළකමින් සුන්දරත්වයෙන් පිරි දිදුලන සමක් මින් ඉදිරියට ගැටළුවක් නොවනු ඇත. ඒ “Hydrosoft Technology” සතු නිසයි.

පිරිසිදු මෙන්ම පියකරු බවින් යුතු සමක් තිබීම ඔබේ සුන්දරත්වයට ප්‍රබල ලෙස බලපාන ප්‍රධානතම සාධකයයි. ඔබේ සොදුරු බව රැක දෙන සුන්දර සමක් තවදුරටත් ඔබට ගැටළුවක් නොවන්නේ “Hydrosoft Technology”, ඔබේ සහයට සිටින නිසයි. නව වෙල්වට්වල , “Hydrosoft Technology” නිසා සමේ මතුපිට ආරක්ෂක ආවරණයක් ලබාදී සමේ තෙතමනය රදවා, සුමුසු බවක් ලබාදෙයි.

සුන්දරත්වය පිළිබදව සැලකිලිමත් වන ඔබ වෙනුවෙන්ම වෙල්වට් සබන් දැන් , “Hydrosoft Technology” සමගින් ඔබ වෙත පැමිණෙන්නේ ඔබේ සමෙහි තෙතමනය රැකදී නිරෝගී පැහැපත් දිදුලන සමක් හිමිකරදීමටයි.

About The Author

Previous articleසුන්දර දෙපයකට නිවසේදිම කල හැකි සත්කාරයක්
Next articleදරුවන්ට කරුණාවන්ත වෙන්න කියා දෙමුද ?
අධ්යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here