එකිනෙකාව තේරුම් ගෙන ආදරේ කරමු

0
7785
happy_couple

විවාහ ජිවිතයක් සාර්ථකව පවත්වා ගෙන යනවා කියන එක එතරම් ලේසි පහසු කාර්යයක් නොවේ. නමුදු මනා අවබෝධයෙන් යුතුව පවුල් ජීවිතය රැගෙන යන්නේ නම් එය හිතන තරම් අමාරු කර්යයක්ද නොවේ. පවුල් ජිවිත අසාර්ථක වන විට තමාට අවශ්‍ය ආදරය අනියම් මාර්ග වලින්  ලබාගැනීමට උත්සහා කරනවා. අද වන විට පවතින තරගකාරිත්වය නිසාම දෙදනාටම එකිනෙකා වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නොමැති තරම්. මේ නිසා දෙදනාගේම අවශ්‍යතා එකිනෙකා අතින් ගිලිහි යන්නට පුළුවනි. පුංචි පුංචි අඩුපාඩු නිසා විවාහය දික්කසාදයෙන් කෙලවර විය හැකිය.

තමන්ගේ උපන්දිනය, විවාහ සංවත්සරය වැනි දෑ ගැහැණුන් නියමාකාරයෙන් මතක තබා ගෙන සිටි. ඔවුන්ට ඒ දේවල් හරිම වැදගත්. ගැහැනුන් කොතරම් එවැනි දේවල් ගැන සිතුවත් පිරිමින්ට එවැනි දේවල් එතරම් විශේෂ නෑ. නමුදු ගැහැනුන් ඉතාමත් කැමැත්තෙන් මතක තබා ගන්නා මේ දේවල් පිරිමින් ඉක්මනින් අමතක කරන විට ගැහැනුන් ඉක්මනින්ම වේදනාවට පත් වෙනවා. එවිට ඇය සිතන්නේ ස්වාමියා තමන් නොතකා හරින බවයි. මෙවෙනි දෙයක් සිදු වූ පසු තව තව පොඩි පොඩි දේවල් පවුල් ජීවිතය තුල සිදු වන විට ගැහැණියට තම සැමියා කෙරෙහි කලකිරීමක් ඇති වෙනවා.

බොහෝ දෙනෙක් සිතනුයේ අනියම් සම්බන්දතා ඇති වීමට බලපාන්නේ අඹු සැමියන්ගේ ලිංගික ගැටළු බවයි. නමුදු සෑම විටම ලිංගික ජීවිතය පමණක් විවාහය දෙදරා යෑමට බලපාන්නේ නෑ. ඊට එහා ගිය පුංචි කාරනයක් වුව විවාහ ජීවිතය බිද වැටීමට බලපා හැකිය.

විවාහ ජීවිතය සතුටෙන් ගෙවන්න කවුරුත් කැමතිය. එහිදී කායික සතුට විතරක් නෙමේ මානසික සතුටද බලපානවා. කොහොම උනත් මේ සතුට කියන දෙය එකිනෙකා ලබා ගන්නේ විවිධාකාරයෙන්. බිරිදක් සාමාන්‍යයෙන් සතුට ලබන්නේ සැමියා අසල නිතර ගැවසීමට අවස්ථාව ලැබීමෙනි. එසේම එදිනෙදා දවසේ සිදුවීම් සැමියා සමග කියවමින් ඇය සතුටක් ලබයි. කතා කරන්න දෙයක් නොමැතිව ලගට වී හිදිමින් කාන්තාවක් විශාල ලෙස මානසික සතුටක් ලබයි. එය කාන්තාවන්ගේ ස්වභාවයයි. මෙවැනි අවස්ථාවක කාන්තාවන්ට සවන් දීම පිරිමින්ගේ යුතුකමකි. නමුදු බොහෝ සැමියන් තම බිරිද කියන දේවල් පිලිබදව එතරම් තැකීමක් කරන්නේ නෑ. තමන්ගේ සැමියා තුලින් තමන්ට ලැබෙන අවධානය ගිලිහෙන විට කාන්තාවක් අසතුටට පත් වී කලකිරීමක් ඇති වෙනවා. එවිට කාන්තාව සැමියාගෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. පිරිමින්ට මෙය ගැටලුවක් වෙනවා. ” මම එයාගේ සියලු අවශ්‍යතා සපුරනවා. තවත් මම මොනවාද එය වෙනුවෙන් කරන්න ඕනෑ. මම මට පුළුවන් හැමවෙලාවකම එයා ගැන හොයලා බලනවා. තවත් මම මොනවද එය වෙනුවෙන් කරන්න ඕනෑ. මට පුළුවන් වෙලාවට ගෙදර වැඩටත් උදව් කරනවා.” සැමියාගෙන් බිරිදට මොන යුතුකම ඉටු උනත් ඔබ ඇය වෙනුවෙන් කාලය යොදවන්නේ නැති නම් ඇයට ඔබ වෙනවා. බිරිදක් සෑම විටම සැමියා තමා වෙනුවෙන් පුංචි කාලයක් හෝ වෙන් කරාවි යැයි බලාපොරොත්තු වෙනවා.

ගැහැණිය එලෙස පිරිමියාගෙන් බලාපොරොත්තු වන විට පිරිමියද ගැහැනියගෙන් බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා. තම සැමියා සතුටු වන්නේ කුමන දෙවල්ගෙන්දැයි ගැහැණියට අවබෝධයක් තිබිය යුතුය. එකිනෙකාගේ අවශ්‍යතා නියමාකාරව අවබෝධ කර ගන්නේ නම් දෙදනා අතර ඇතිවන ගැටළු ඉතාමත් අඩුයි. එමගින් දෙදනා අතර සතුට පවත්වා ගෙන යා හැකිය.

බොහෝ අය ආදරේ කරන්න පටන් ගත් දා සිට දෙදනා එක් අයෙකු ලෙස සිතන්න පටන් ගන්නවා. එය වැරදිය. විවාහ යුවලක් යනු දෙදෙනෙකු මිස එක් පුද්ගලයෙකු නොවේ. පුද්ගලයන් දෙදනාගේම අදහස් විවිධය. ඒ නිසා සිතුම් පැතුම් වල වෙනසක් තිබීම ස්වභාවික දෙයකි. විවාහ ජිවිතේ සතුට පවත්වා ගෙන යන්නට නම් මෙම වෙනස හදුනා ගත යුතුය. මම පිරිමියා. මට ඕනෑ විදියට බිරිද සිටිය යුතු යැයි සිතා බිරිද වෙනස් කරන්න යෑමෙන් බිරිදටද ඔබ එපා වනු ඇත. එමෙන්ම බිරිදද තමන්ට අනුව සැමියා හැඩ ගස්සවා ගන්නට යෑමෙන් එයද ගැටළුවක් බවට පත් වෙනවා. මේ බව අවබෝධ කර ගතහොත් පවුල් ජීවිතය සතුටින් ගෙවිය යුතුය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here