ජනප්‍රිය හිංදු සිංදු ආරෙට යන ලස්සනම සිංහල සිංදු 04ක් හා ඒවාට පාදක වූ හිංදි ගීත

0
5176
listen_to_music

ඇත්තටම අපි එදිනෙදා පීඩනයෙන් මිදෙන්න සිංදුවක් අහලා හිත නිදහස් කර ගන්නවා. ඉතින් සංගීතය කියන්නෙ මිනිසාගේ ජීවිතය තෘප්තිමත් කරන තවත් එක් දෙයක්. ඔබ අප සියලුම දෙනා වගේ ගොඩක් දුරට අපේ වැඩ කරද්දි මනසට සහනයක් ලබා ගන්න ලස්සන ලස්සන සිංදු අහන්න පුරුදු වෙලා ඉන්නවා. වැඩ පළේ වුනත්, ගෙදර වුනත්, බස් රථයේ වුනත් ඔබ අප යන සෑම තැනකම අපට අපි කැමති සිංදු ඇහෙන අවස්ථා වැඩියි . ඉතින් අපි ආසාවෙන් අහන ගීත අතර සිංහල, හිංදි, දෙමළ, ඉංග්‍රීසි යන මේ හැම භාෂාවකම ගීත තිබෙන්න පුළුවන්.
ගොඩක් දෙනාගෙ කැමැත්ත ගැන අහලා බැලුවොත් නම් අපේ තරුණ තරුණියන් බොහොමයක් දෙනා වැඩියෙන්ම කැමති හිංදි සිංදු අහන්න. ඉතින් ඔබ අප සියලුම දෙනා ගොඩක් දුරට ආසාවෙන් රස විඳින හිංදු ගීත රසිකයන් අතර මොන තරම් ජනප්‍රිය ද කියනවා නම්  ඒ ජනප්‍රිය හිංදි ගීත තාලෙට යන සිංහල ගීතත් අද වන විට නිර්මාණය වෙලා තිබෙනවා. ඉතින් මම හිතුවා අන්න ඒ ජනප්‍රිය හිංදි සිංදු අනුසාරයෙන් නිර්මාණය කරපු අපේ ලස්සනම ලස්සන සිංහල සිංදු හා ඒවාට පාදක වූ හිංදි ගීත  ගැන කතා කරන්න.

” මියෙනාතුරා මගෙම වේවා
සතුටින් ඔයා ලොව හිදීවා
මොහොතක් මගෙන් වෙන් නොවේවා 
අහසක් තරම් පෙම දැනේවා
ඔබ ළඟින් මා ….
සසරෙ ඉන්නම්….
ඔබ ළඟින් මා…
සසරෙ ඉන්නම්
නෙතු පියෙනා තුරුම ඔබෙම වෙන්නම්… “

සත්සර කසුන් පතිරණ විසින් පද රචනය කළ, අමිත් ගුරු විසින් සංගීතය සපයන මෙම ගීතය යොවුන් පරපුරේ ගායන ශිල්පියෙකු වන එෂාන් උදේශ විසින් ගායනා කරනු ලබනවා. ඉතින් ඔබ දන්නවද මෙම සිංහල ගීතය 2000 වර්ෂයේ තිරගත කරන ලද Mohabbatein චිත්‍රපයේ එන

” හම්කෝ හමීසේ චුරාලෝ
දිල් මේ කහි තුම් චුපාලෝ
හම් අකේලේ
කෝන ජායේ….
දූර්…තුම්සේ
හෝන ජායේ….
පාස ආ ගලී සේ ලගා ලෝ “

යන ගීතය අනුව නිර්මාණය වුන ගීතයක් බව. ශාරුක් ඛාන් හා ඓයිෂ්වර්යා රායි රංගනයෙන් දායක වන ආදිත්‍ය චොප්රාගේ නිර්මාණයක් වන Mohabbatein චිත්‍රපයේ එන මෙම ජනප්‍රිය ගීතය ආනන්දි බක්ෂි විසින් පද රචනය කරන ලද අදටත් අප අතර ජනප්‍රිය ගීතයක්. ඉතින් එම හිංදි ගීතය අනුව නිර්මාණය වූ මියෙනා තුරා මගෙම වේවා ගීතයත් ඔබට පුළුවන් දැන් අන්තරජාලය ඔස්සේ ලබා ගෙන රස විඳින්න.

” දෑසම කඳුලින් පෙගිලා…..
අඳ මා අඳුරේ ගිලිලා….
සිත නැහැ සතුටක් පතලා…
ඉන්නම් මෙලෙසින් විඳවා…
නෙතු මගෙ හඬනා…
හඬනා මතකය පාරා..
මා හඳ ගින්නේ  දැවෙන්නේ
ඔය රුව මවලා…. “

යොවුන් හදවත්  වලට කතා කරන මෙම ගීතය අපේ කාලේ ජනප්‍රිය ගායන ශිල්පීනියක් වන සයුරි මන්දිරා විසින් ගායනා කරන අතර,  මනීෂා ඒකනායක විසින් පද රචනය කරන මෙම ගීතය අකී විෂ් හෑගොඩ විසින් සංගීතවත් කරන ලදී. RNB  Music Style Cover Song එකක් වන මෙම ගීතය  Ek- Villain චිත්‍රපටයේ එන ගලියාන් ගීතයට අනුව නිර්මාණය වූවකි. සිද්ධාර්ත් මල්හෝත්‍රා හා ශ්‍රද්ධා කපූර් රංගනයෙන් දායක වන Ek- Villain චිත්‍රපයේ එන තේරී ගලියා ගීතය අන්කිත් තිවාරී විසින් ගායනා කරන ජනප්‍රිය හිංදි ගීතයකි.

 

” මාගේ දෑසින් වැටෙනා හැම කඳුලක් පාසා
මට සිහිවෙන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ… “

 

විරාජ් පෙරේරා විසින් පද රචනය කරන ලද මෙම ගීතය විරාජ් පෙරේරා හා දිල්රුක්ෂි පෙරේරා විසින් ගායනය කරන අතර මෙම ජනප්‍රිය සිංහල ගීතය  සල්මන් ඛාන් හා කරීනා කපූර් විසින් රංගනයෙන් දායක වන බොඩිගාඩ් චිත්‍රපටයේ එන

 “තේරී මේරී, මේරී තේරී ප්‍රේම් කහානී හයි මුෂ්කිල්
දෝ ලප්සූන් මේ යේ බයානා හෝ පායේ “

යන ජනප්‍රිය හිංදි ගීතයට අනුව නිර්මාණය වූවකී.  ශබීර් අහමඩ් විසින් පද රචනය කරන ලද තේරී මේරී ගීතය හිමේෂ් රේශම්මියා විසින් සංගීතවත් කරන ලදී.

 “සිත මගෙ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගියදා…
නෙතු මගෙ හැඩුවා මතකය ගෙන ආ….
ඔබෙ ආදරෙ සොයලා “

දමිත් අසංක විසින් ගායනා කරන ලද මෙම ජනප්‍රිය ගීතය රවීන්ද්‍ර ශ්‍රී නාත් විසින් සංගීතවත් කරන අතර. Tezz චිත්‍රපටයේ එන

” තෙරෙබිනා තෙරෙබිනා දිල්යෙනු ලගදා
මෙරි දිල්යෙනු ලගදා.. “

යන ජනප්‍රිය හිංදි ගීතය අනුව  යමින් නිර්මාණය වූවකි.  Sajid Wajid විසින් සංගීතවත් කරන ලද තෙරෙබිනා ගීතය Rahat Fatch Ali Khan විසින් ගායනා කරන ලදී.

ඉතින් ඔබ රසවිඳින මෙම ලස්සන සිංහල සින්දු  ජනප්‍රිය හිංදි චිත්‍රපට වල ජනප්‍රිය හිංදි ගීත වලට අනුව යමින් නිර්මාණය කරන ලද ලස්සනම නිර්මාණ අතුරින් කිහිපයක් පමණයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here