කරපු මෝඩ වැඩ ජීවිතේට පාඩමක් කරගෙන මේ ලබපු 2017 නව වසරේ ජීවිතේ දිනන්න ඔබත් එක් වන්න

0
3274
welcome

ජීවිතය… ඇත්තටම ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා අපිට හරියටම නිර්වචනයක් දෙන්න බෑ. මොකද ජීවිතේ කියන්නෙ ඒ තරමට සංකීර්ණ වූ දෙයක්.  මේ ලෝකෙට ඉපදුන දවසෙ පටන් මේ ලිපිය කියවන මෙම මොහොත දක්වාම අපි ජීවිතේට ගොඩක් දේවල් එකතු කර ගන්නවා,ඉගෙන ගන්නවා. ඉතින්  ඉපදුන දා පටන් මැරෙන මොහොත දක්වාම  ජීවිතේ දුකක් නැතුව ගැට ගහගෙන ඉස්සරහට යන්න තමයි ඔබ අප කාගෙත් බලාපොරොත්තුව වෙන්නෙ.

මේ ලබපු 2017 නව වසරේ  womanly.lk අපි ඔබට අභියෝගයක් දෙන්න කැමතියි. කැමතිද භාර ගන්න. ඇත්තටම ඒ අභියෝගෙ වෙන  මොකුත් නෙවෙයි 2017 වසරේ ජීවිතේ ජය ගන්න  ජීවිතේ තේරුම් අරන් ජීවත් වෙන්න කියලා දෙන පාඩම.
පසු ගිය වසර පුරාවටම ඔබ ඔබේ ජීවිතේට ගොඩක් පාඩම්, අත්දැකීම් එක් කර ගන්න ඇති. ඒ පාඩම් ඒ අත්දැකීම් ආශිර්වාදයක් කර ගෙන මේ අවුරුද්දේ ජීවිතේ ඉදිරියට යන්න ඕන කියලා ඔයාලා හැමෝටම පොඩි හරි උවමනාවක් තියෙයි නේද? . එහෙනම් ඔයාගෙ ඒ අහිංසක බලාපොරොත්තුවට පණ දෙන්න ඔයා ඔයාගෙ ජීවිතේට ආපු හැම අභියෝගයක්ම අවියක් කර ගන්න.
ගිය වසරේ ඔයාගෙ ජීවිතේ‍ට ආපු ගියපු සමහර අය අද වෙද්දී ඔයාගෙ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම ඒ දේවල් හිතේ තියාගෙන මතක් කර කර ඔයා අදටත් ඔයාගෙ ජීවිතේ අපායක් කර ගන්න දඟලනවද?. අර කතාවකුත් තියෙන්නෙ  ගිය අකුරට නාඩන්නේ තියෙන අකුර රැක ගන්නේ කියලා. ඉතින් ඇයි තාවකාලිකව ජීවිතේට ගොඩ වෙලා බැහැලා ගිය අය වෙනුවෙන් තවත් තැවෙන්නෙ. හිතන්න… හැම දේම සිදු වෙන්නෙ ඔයාගෙම හොඳට කියලා. තාවකාලික මිනිසුන් ජීවිතේට ළං කර ගෙන  මොනවද ඔයාට ලැබුනේ. දුකයි, මතකයනුයි විතරයි නේද?  ඒ දුකම ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න පන්නරයක් කර ගන්න. මින් ඉදිරියට තමන්ගෙ ජීවිතේට ස්ථීර බැඳීමක් අරගෙන එන උරුමක්කාරයට ඇරෙන්න ජීවිතේ අපායට අරන් යන කරුමක්කාරයන්ට හසු වෙන්න ඉඩ තියන්න එපා.

ඒ වගේම තමයි ඔයා ගොඩක් අයව විශ්වාස කරලා  පහු ගිය අවුරුද්දේ වගේ  අමාරුවෙ වැටෙන්න නම් හිතන්න එපා. අපි අනිත් අයත් අපි වගේ කියලා හිතුවට අපි එක්ක ඉන්න ගොඩක් අය බලන්නෙ අපෙන් උදව් අරන් අපිව වලට දාන්න. ඉතින් ඔයා විශ්වාස කරපු අය නිසා ඔයාට ඔයාගෙ ගමනට යන්න බැරි උනා නම් අද ඉඳලා හොඳට සිහියට ගන්න ඔයාට ඉන්නෙ ඔයා විතරයි. ඔයාගෙ ගමන යන්න ඕන ඔයා තනියම.මොකද ඔයා තනියම යන ගමනෙදි ඔයාට වැරදුනත් හිනා වෙලා ඔයාව පහලට දාන්න අය නෑ. ඒ නිසා ඔයාගෙ Target එකට යන්න හොඳම කාලය දැන් එළඹිලා.

ඔයාටත් හිතෙනවද මං මොනවද මෙච්චර කාලයක් මට කියලා කර ගත්තෙ කියලා. ඇත්තටම ගිය වසරේ ඔයා ඔයාගෙ ජීවිතේට කියලා කර ගත්තු දෙයක් නෑ නේද?. ලබා ගත්තු දෙයක් නෑ නේද?. ඒ වැරැද්ද  මේ අලුත් අවුරුද්දේ වෙන්න ඉඩ තියන්න එපා. පටන් ගන්න, දැන්ම තියා, ඔයාගෙ ජීවිතේ වෙනස් කර ගන්න. ඔයා බලාපොරොත්තු වුන ඔයාගෙ හීන එකින් එක ඉෂ්ඨ  කර ගන්න දැන් ඔයාට කාලෙ එළඹිලා. උත්සහා කරන්න ඔයාගෙ හීන වලට පාර කපා ගන්න. අත අරින්න එපා ඔයාගෙ බලාපොරොත්තු. කැප වෙන්න වීරිය ගන්න,  යන්න ඔයාට යන්න ඕන හීන වලට. ඒ හීන වලට යන්න ඔයාම පාර හදා ගන්න. එක එක අය පෙන්වන පාරවල් වල ගිහින්  කලින් වගේ අතරමං වෙන්න හදන්න එපා.

ගිය වසරෙ ඔයා අඩන්න ඇති, නොලැබුන දේවල් වෙනුවෙන් දුක් වෙන්න ඇති ඒත් මේ වසරේ ඔයාට පුළුවන් ඔයාට නොලැබුන, ඔයාට සාර්ථක කර ගන්න බැරි වුන හීන වෙනුවෙන් කැප වෙන්න, මහන්සි වෙන්න. හැබැයි මතක තියා ගන්න ගිය වසරෙදි ඔයා ළං කර ගත්ත සමහර    දේවල් වලින් ඔයාට ලැබුනේ  දුක විතර නම් මේ වසරෙදි ඔයාගෙ ජීවිතේට දුකක් වෙන කිසිම දෙයක් ළං කර ගන්න එපා. දුක අමතක කරන්න සතුට හොයා ගන්න.

එහෙනම් මේ ලබපු 2017 නව වසරෙ කලින් කරපු සියලුම වැරදි, මෝඩ වැඩ ජීවිතේට ශක්තියක් කර ගෙන හරි විදියට ජීවිතේ ජය ගන්න, සතුටින් ජීවිතේට මුහුණ දෙන්න ඔයාටත් වාසනාව උදා වේවා කියලා womanly.lk අපි ප්‍රාර්ථනා කරනවා..
ඔබ සැමට ජය

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here