ඔබත් ගෙදරට අළුතින් ගෘහ විදුලි උපකරණ මිළදී ගන්නවා නම් මේ දේවල් ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න

0
4923
woman shopping at home appliance supermarket

අපි හැමෝම කැමතියි අපේ ගෙදරට අලුතින් අලුත් අලුත් දේවල් මිලදී ගන්න. සමහර වෙලාවට ගෙදර තියෙන ගෘහ විදුලි උපකරණ  වල යම් යම් දෝෂ  තියෙනව‍ා නම් ගොඩක් දුරට අපි අළුතින් උපකරණ මිලදී ගන්නවා නේද?  ඉතින් අපි අලුතින් ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න කොට සැලකිලිමත් වෙන්න ඕන හේතු කාරණාවන් කිහිපයක්ම තියෙනවා.  අද womanly.lk තුලින් මම හිතුවා ඔබට වැදගත් වෙන ඒ කරුණු මොනවද කියලා කියන්න. එහෙනම් ඔබත් අළුතින් ගෘහ විදුලි උපකරණ මිලදී ගන්නවා නම්  මේ කරුණු ගැනත් විමසිලිමත් වෙන්න.

වර්ගය

ඇත්තටම අද වෙන විට වෙළෙඳපොළේ එක එක මාදිලියෙ උපකරණ තියෙනවා.  ඒ හැම උපකරණයක්ම  නවීන තාක්ෂණයට අනුව ඔබේ පහසුව ගැනම හිතලා නිෂ්පාදනය කරපු උපකරණ. ඉතින්  මේ උපකරණ අතර ජපන්, තායිවාන්, කොරියන්, චීන,  කියන මේ තාක්ෂණයන්ගෙන් ඒ ඒ රට වල ප්‍රධාන පෙලේ  නිෂ්පාදන ආයතන හරහා නිපදවා  අප රටට ගෙන්වන උපකරණ  නම් බහුලයි.  ඒ අතර  Sony, Toshiba, LG, Samsung, Philips, Panasonic  කියන මෙම වර්ගයන්ගෙ  උපකරණ ඉතා උසස් තත්වයෙන් නිෂ්පාදනය කරපු ඒවා. ඉතින් ඔබත් අළුතින් උපකරණ මිලදී ගන්නවා නම්  මේ කියපු වර්ගයේ ගෘහ විදුලි උපකරණ මිලදී ගැනීමට වග බලා ගන්න.

වගකීම

අපි ගෘහ විදුලි උපකරණ මිලදී ගැනීමේදි සැලකිලිමත් වෙන්න ඕන තවත් ප්‍රධාන කාරණාවක් තමයි  වගකීම. අලෙවියෙන් පසු  එම භාණ්ඩය ගැන සමාගමෙන් ලබා දෙන වගකීම අවුරුද්දක් දෙකක් නම් ඇත්තටම එය හොඳයි. ඇතැම් ආයතන  සමහර වෙලාවට භාණ්ඩ අලෙවි කරාට ඒවාට වගකීමක් ලබා දෙන්නෙ නෑ. මොකද එවැනි භාණ්ඩ  අලුත් වැඩියා කර  අලෙවි කරන භාණ්ඩ විය හැකියි. ඒ නිසා යම් උපකරණයක් මිලදී ගන්නවා නම්  වගකීමක් සහිත උපකරණ මිලදී ගන්නට සැලකිලිමත් වෙන්න.

අතේ තියෙන මුදලට හරිම දේ ගන්න

ඇත්තටම අළුතින් උපකරණ ගෙදරට අරන් එද්දි සමහර අය ගෙවීමේ ක්‍රමයට උපකරණ මිලදී ගන්නවා. තවත් අය අත්පිට මුදලට උපකරණ මිලදී ගන්නවා. මේ කොහොම උපකරණ මිලදී ගත්තත් සමහර ආයතන වලින් ඔබ මිලදී ගන්නා උපකරණයෙ මිල ගණනට අනුව ඔබට තවත් පොඩි පොඩි භාණ්ඩ ලැබෙනවා. නමුත් අපි අත්පිට මුදලට ඒ භාණ්ඩ මිලදී ගත්තත් සමහර ආයතන නම් ඔබට ලැබෙන්න ඕන අනිත් භාණ්ඩ දෙන්නෙ නෑ. ඔවුන් ඒවා වෙනම අලෙවි කරන අවස්ථා තියෙනවා. ඉතින් මොනව‍ා උනත් අතේ තියෙන මුදලට ඔබ හරිම දේ තෝරා ගන්න.  අළුත් වැඩියා කරලා  අඩු මුදලට ඇගේ ගහන්න යන අයට නම් හසු වෙන්න එපා

කිහිප තැනකින්ම බලා මිලට ගන්න

යම් කිසි දෙයක් මිලට ගන්නවා නම් එකම තැනකින් බලලා ඒ තැනින්ම මිලදී ගන්න එපා. කිහිප තැනකින්ම බලන්න. මිල , වගකීම , තත්වය, ප්‍රමිතිය , සහතිකය  මේ හැම දෙයක් ගැනම ගෘහ විදුලි උපකරණයක් මිලදී ගනිද්දි සොයා බලන්න  සමහර ආයතන පුද්ගලයාගේ හැටි බලලත් ගණන් කියනවා. ඒ නිසා තැන් කිහිපයකින්ම බලලා හොඳම දේ හොඳම විදියට මිලට ගන්න කල්පනාකාරී වෙන්න.

ඉතින් එහෙනම් ඔබත් ඔබේ නිවසට අළුතින් ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න හිතන් ඉන්නවා නම් හරි යන්න ඉන්නවා නම් හරි මම මේ කියාපු  දේවල් ගැනත් ටිකක් හිතන්න. සල්ලි දීලා බාල දේවල් ගන්නවට වඩා හොදයි නේ  මේ දේවල් ගැනත් දැනුවත් වෙලාම භාණ්ඩ මිලදී ගන්න යන එක.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here