අලුත් අවුරුද්දේ අලුත් වෙන්න ක්‍රම 08 ක් මෙන්න

new_year

කාලය ගෙවී යනවා අපිට නොදැනීම.ඔබ අලුත් වෙන්න කැමති කෙනෙක්ද? පහුගිය කාලයේ ඔබේ අතින් වුන වැරදි හදාගෙන ජීවිතය ලස්සන කරගන්න,සාර්ථක කරගන්න කැමති කෙනෙක්ද?අනිවාර්යයෙන්ම කවුද එහෙම වෙන්න අකමැති නේද? මේ පුංචි කරුණු කාරනා වලින් ජීවිතය සාර්ථක කරගන්න හැකියාවක් ලැබෙන බව ඔබට හිතිලා තියෙනවද බලන්නකෝ…

(01) හැම දවසකම පොතක් කියවන්න පුරුදුවෙන්න

පොත් කියන්නේ ඥානය වර්ධනය සඳහා ඇති මූලාරම්භය.වැඩියෙන් පොත් කියවන තරමට වැඩියෙන් ජිවිතයට දැනුම වගේම බුද්ධියත් එකතුවෙනවා.ඔබේ බුද්ධි වර්ධනය සඳහා කියවන්න පටන් ගන්න හොඳ පොත් මොනවද?ඔබම තීරණය කරන්න.හැම පොතක්ම කියවන්න පුරුදුවෙන්න.මන්ද හැම පොතකින්ම ජිවිතයට එක් කරගන්න පුළුවන් කුමක් හෝ සන්ධිස්ථානයක් තිබෙන නිසා.

(02) අලුත් භාෂාවක් ඉගෙනගන්න

අලුත් භාෂාවක් ඉගෙනීම තුල මතක වර්ධනය ඉබේම වැඩිවෙනවා වගේම මතකය විටින් විට නැවුම් වෙනවා.ඒ තුල සාමාන්‍යයෙන් ඔබේ ජිවිතයේ මතක තබාගත යුතු හැම කරුණක්ම නිරායාසයෙන්ම මතකයේ තැන්පත් වෙනවා.මෙය අනාගත රැකියාවකට වුනත් හොඳ ආයෝජනයක්.මන්ද භාෂා චතුර ලෙස හැසිරවිය හැකිබව අතලොස්සකගෙන් දකින්න පුළුවන් දෙයක් වගේම හොඳ ඉල්ලුමක් ඇති රැකියා අවස්ථා වලට යා හැකි මාර්ගයක්.ඒ සඳහා විවිධ පාඨමාලා රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් හදාරන්නත් පුළුවන්.

(03) අලුත් විනෝදාංශයක් එකතු කරගන්න

එදිනෙදා විනෝදාංශ අතර ඔබ අලුතෙන් කැමැත්තක් දක්වන යමක් තියෙනවද? අලුත් ක්‍රීඩාවක් එහෙම?පාපන්දු,පිහිනුම්,ස්කොෂ්,බැඩ්මින්ටන්,කැරම් ආදී ලෙසින් ඔබ කැමති ක්‍රීඩාවක් තියෙන්න පුළුවන්.නැත්නම් සින්දු අහන එක,ගායනය,ලිපි ලිවිම,කවි ලිවිම,තර්කන ගැටළු විසඳීම වගේ වෙනස් ක්‍රියාවලටත් ඔබ කැමති ඇති.අලුත් දෙයක් ඉගෙනීම තුල ඔබේ මානසික මෙන්ම ශාරීරික සුවය වර්ධනය කරගන්නත් ඔබට පුළුවන් වෙනවා.

 (04) අලුත් පාඨමාලාවක් හදාරන්න

ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් අලුත් පාඨමාලා තිබෙනවද සොයන්න.දැනුම වගේම හැකියාව වර්ධනය කරගන්නත් අනාගත රැකියා සඳහා හොඳ ආයෝජනයක් ලෙසත් පාඨමාලා ක්‍රමය දකින්න පුළුවන්.කාලය නාස්ති වෙන්නට ඉඩ නොහැර අදම ඔබ කැමති ඔබට ගැලපෙන ඔබේ නම්‍යශීලිත්වය ඇති පාඨමාලාවක් හදාරන්න අවස්ථා සොයන්න,ක්‍රියාත්මකවෙන්න පටන්ගන්න.

(05) අරමුණට උත්තේජනයක් ලැබෙන්න ඔබේ පරිසරය සකස්කරගන්න

ඔබේ පරිසරය ඔබේ අනාගත අරමුණු වලට රුකුලක් හෝ බාධාවක් වෙනවා.ඔබ අනාගත අරමුණු සඳහා කැපවේ නම් අවට පරිසරය ඔබේ නිවස සහ කාමරය ඒ සඳහා සුදුසු ලෙසින් සකස් කරගන්න සැලසුම් කරගන්න.නිතර ඔබව දිරිමත් වෙන විවිධ වැකි පෙනෙන්නට තබන්න.ඔබේ මේසයේ,කාමරයේ බිත්ති වල,පරිගණකයේ පසුබිමේ,ජංගම දුරකතනයේ පසුබිම් තිරයේ වුනත් ඔබව ශක්තිමත් කරන ප්‍රසිද්ධ වැකි පෙනෙන්නට සලස්වන්න.මගේ ප්‍රියතම වැකියක් තමයි “nothing is impossible” කියන්නේ. කිසිම දෙයක් බැරි නැහැ ඇත්තටම.අවශ්‍ය වෙන්නේ ඔබේ උනන්දුව සහ කැපවීමයි.

(06) ඔබේ බිය නැතිකරගන්න ක්‍රියාත්මක වෙන්න

අපි හැමෝටම බය එක එක ආකාරවලින් තියෙනවා. ඒක ස්වාභාවිකයි.අස්ථිර අනාගතයක් ගැන බිය,ප්‍රසිද්ධ ස්ථානවල කතාකරන්න තියෙන බිය,අවදානමක් ගන්න තියෙන බිය ආදී ලෙසින්.මේ හැම දෙයකින්ම වෙන්නේ ඉදිරියට යන්න තියෙන අපේ ශක්තිය ටිකක් හරි හීන කරන එකයි.මම හැමවිටම හිතන්නේ බිය යනු දියුණුවට එක්තරා ශක්තියක් කරගන්න පුළුවන් කියල.හැබැයි ධනාත්මකව හිතුවොත් තමයි.බිය තුල අපි ප්‍රවේසම් වීමට ඉගෙනගන්නවා.ආරක්ෂා වෙන්න සැලකිලිමත් වෙනවා.ඉතින් එය පමණක් ශක්තියක් කරගත්තොත් වඩා හොඳින් අපේ වගකීම් කරගන්න අපිට ඉබේම ශක්තිය ලැබෙනවා.

(07) උදෙන් ඇහැරෙන්න

ජිවිතයේ ගුණාත්මකභාවය සහ සාර්ථකත්වය සඳහා ක්‍රියාකාරිවිම වර්ධනය කරගන්න උදෙන්ම අවදි වෙන එක හොඳ උත්තේජකයක්.

(08) ඔබේ දුර්වලතා හඳුනාගන්න

විද්‍යාත්මකව දුර්වලතා කියන්නේ අපේ ඇසට දකින්න පහසුවෙන් නොලැබෙන එහෙත් දැකිය යුතුම දේවල් වලටයි.දුර්වලතා හඳුනාගැනීම තුල අපේ දක්ෂතා වර්ධනය කරගන්න ලැබෙන අවස්ථාව සහ ශක්තියත් වැඩිවෙනවා.එහෙම දුර්වලතා හඳුනාගන්න තියෙන හොඳ ක්‍රමයක් තමයි එදිනෙදා ජීවිතයේදී අපට හමුවන මිනිසුන්,මුහුණ දෙන්න වෙන සිදුවීම් හමුවේ අපි කොච්චර දුක් වුනාද? තරහ වුනාද කියන එක ගැන සිතා බැලීමයි.ඉගෙනගද්දී වුනත් අපි වැඩිපුරම අකමැති,කම්මැලි වෙන්නේ අපි දුර්වල දේවලටයි.අන්න ඒ දේවල් ටික හඳුනගන ඒවා ඔයාට බය කරගන්න.ඒ ගහල බැනල භේද කරලා නෙමේ.ඔයාගෙම ශක්තියෙන් අභියෝග වලට සැහැල්ලුවෙන් සිනහවෙන් මුහුණ දීලම තමයි.ඉතින් ඔයාල හැමෝටම වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here