ජිවිතේ smart කරගන්න එකතු කරගන්නම ඕනේ විනෝදාංශ 06 ක්

smart_girl

“අපේ බුද්ධිය  වර්ධනය කරගන්න කරන්න පුළුවන් දේවල් මහා ගොඩක් නැහැ…අපි උපතින්ම ගෙන ආව බුද්ධිය තමයි කවදත් තියෙන්නේ” කියල යම් පිරිසක්  සෘණාත්මක ලෙස හිතන අවස්ථා හුඟක් දකින්න ලැබෙනවා.කොහොම වුනත් මේ සියල්ල දුර්මත.සමහර පුද්ගලයන් සිය බුද්ධිය වර්ධනය කරගන්න පුළුවන්කමක් නැතැයි සිතද්දී බොහෝ පුද්ගලයන් සිය දක්ෂතා සහ බුද්ධිය හැකියාව වර්ධනය කරගනිමින් ජීවිතය දිනනවා ඔබ දැකල ඇති.අන්න එහෙම අයටයි මේ ලිපිය ලියවන්නේ…විනෝදාංශ කියන්නේ අපි නිතිපතා කළහොත් අපේ ජිවිතයට නැතිවම බැරි වෙන දෙයක්.විනෝදාංශ ජිවිතයට බුද්ධිය මෙන්ම සතුට ත් ලබාදෙන ක්‍රියාවලියක්.
womanly.lk පරිශීලනය කරන ඔබ කවුරුත් ජීවිතය ජයගන්න වෙහෙසෙන එවැනි ධෛර්යවත් පිරිසක් බව රහසක් නොවේ. පහතින් ලියවෙන්නේ එවැනි ඔබට  විද්‍යාත්මකව සනාථ වන බුද්ධි වර්ධනය සහ දක්ෂතා වර්ධනය සඳහා කියාපු විනෝදාංශ 06 ක්…. බලන්න මේ විනෝදාංශ ඔයාගේ ලැයිස්තුවේ තියෙනවද කියලා…..

සංගීත භාණ්ඩයක් වාදනය කිරීම

කොන්ෆියුසියස් දර්ශනයේ සංගීතය හඳුන්වාදෙන්නේ මිනිස් ස්වභාව ධර්මයාට නැතුවම බැරි අධ්‍යාත්මික සුවයක් ගෙනදෙන්නක් ලෙසයි.සංගීතය ඔබේ මොළයේ උත්තේජනය සඳහා බලපාන අඩිතාලමක් බව විද්‍යාත්මක පර්යේෂණ වලින් ද සනාථ කොට තිබෙනවා.
සංගීතයට මානසික පීඩනය සහ සංකීර්ණ හැඟීම් නිවාරණය කිරීමේ බලයක් තිබෙනවා.සංගීතයට,ගීතයට සවන්දීම මෙන්ම සංගීත වාදනය යන ක්‍රියාවන් දෙකෙන්ම ඔබේ මතක වර්ධනය කරගැනීමේ පරාසය වැඩිකරගන්න හැකියාව ලැබෙන බව පර්යේෂකයන් පවසනවා.සංගීත භාණ්ඩයක් වාදනය කිරීම තුල ඔබේ ඉවසීම මෙන්ම නොපසුබට උත්සාහය වැඩිදියුණු වන්නේ අදාල වාද්‍ය භාණ්ඩය වාදනය කරන්න ඔබට යම් කාලයක් මෙන්ම ඉගෙනීමට,මතක තබාගැනීමට ඔබ යම් උත්සාහයක නිරත විය යුතු වීම නිසයි.

දැනෙන්න කියවීම

 

 

 

 

ඔබේ බුද්ධි මට්ටම වර්ධනය කිරීමේ ලා කියවීම ඔබව දිගු දුරක් රැගෙන යනවා.මෙය හොඳින් දැනෙන්නේ චරිතාපදාන,ප්‍රබන්ධ සිට වෙනත්  විවිධ මාතෘකා දක්වා ඔබ දැනෙන්න කියවීම තුල ඔබේ බුද්ධි මට්ටම වැඩිදියුණු කරගත හැකියි.
කියවීම ඔබේ මනසික පීඩනය අවම කරගන්නත්,හැඟීම් දනවන්නත් වගේම විවිධ විෂය කරුණු කෙරෙහි ඔබේ දැනුම සහ උනන්දුව දියුණු කරන්නත් උත්තේජයක් වෙනවා.ඔබව  වඩා පහසුවෙන් තබන්න වගේම ඉතාම වැදගත් කරුණක් වන අධ්‍යාත්මික සාමය ඇතිකරගැනීමේ පදනම කියවීම ට ඇතිකළ හැකියි.විෂයක් පිලිබඳ ඔබේ දැනුම වර්ධනය කරගන්න කියවීම ඔබට ලබාදෙන්නේ මහඟු සේවාවක්.වඩා ඵලදායි ලෙසින් ඕනෑම දෙයකට පෙර සුදානම් වෙන්නත් කියවීම හරහා ඔබට හැකියාව ලැබෙනවා.

දිනපතා භාවනා කිරීම

ඔබ කෙරෙහි අවධානය යොමු කරමින් ඔබ තුලින් ඔබව සොයාගන්න භාවනාව හුඟක් වැදගත් රුකුලක් වෙනවා.භාවනාව පුද්ගලයා ගුණදත්,වැදගත් අයකු බවට පත්කරන්න යහපත් මාර්ගයක් ද වනවා.අවපීඩනය නැතිකරන්නත්,සිතෙහි කනස්සලු ස්වභාවයන් මර්දනය කරන්නත් භාවනාවට හැකියාව තිබෙනවා.භාවනාවෙන් ලැබෙන සාමකාමී මානසික ඒකාග්‍රතාවය තුල එදිනෙදා කටයුතු පිලිවෙලින් පැහැදිලිව සැහැල්ලුවෙන් කරගන්නත් වඩා හොඳින් ඉගෙනගන්න,සිතන්න,විවිධ කටයුතු සැලසුම් කරගන්න අවශ්‍ය අඩිතාලම ලැබෙනවා වගේම
දිනපතා භාවනාව තුල ඔබ විසින්ම ඔබව පාලනය කරගැනීමේ ශක්‍යතාවය ඔබට ලැබෙනවා.සියල්ල පිලිබඳ සාවදානව කටයුතුකරන්න හවනාවෙන් ඔබට ලැබෙන හැකියාව තුල නිවැරදිව ඉගෙනගන්න ඉඩහසර වැඩි වැඩියෙන් ලැබෙනවා.

මොලය වෙහෙසවා වැඩ කිරීම නැත්නම් මොළයටත් ව්‍යායාමයක් ලබාදීම

ශරීරය නිරෝගිව තියාගන්න අපි නොයෙක් ව්‍යයාම කරනවා වගේම අපේ මොලය නිරෝගිව තබගන්නත් විවිධ ව්‍යායාම කිරීම වැදගත්.මොලය තියුණු ලෙසින් වර්ධනය කරගන්න හැමදාම පුංචි අභියෝග්‍යතාවක් කිරීම හරිම වැදගත් දෙයක්.

සුදොකු,ප්‍රහේලිකා විසඳීම,බෝර්ඩ් ක්‍රීඩා (ස්ක්‍රබල් වැනි) ගැටළු විසඳීම් වැනි විනෝදාංශ තුලින් ඔබේ මොලයට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා මෙන්ම එය බුද්ධි මට්ටම ඉහල දැමීමටත් රුකුලක් වන්නක් බව අමතක කරන්න එපා.නිර්මාණාත්මකව සියලු අභියෝගයන්ට මුහුණ දීමටත් ප්‍රතිචාර දක්වන්නත් මෙවැනි විනෝදාංශ ඔබට හොඳින් මඟ පෙන්වනවා.වඩා ඵලදායි ලෙසින් ඕනෑම ගැටලුවක නොදකිනවා වුනත් දැකිය යුතු පැත්ත පහසුවෙන් දකින්න තරම් බුද්ධි මට්ටම සහ තාර්කික ඥානය වර්ධනය කරගන්න ඔබට මේ විනෝදාංශ මඟ පෙන්වාවි.

අලුත් තැන් සොයා සංචාරය කිරීම

ඔබේ සිතේ පීඩනය නැතිකරන්නම නෙමේ සංචාරය කිරීම වැදගත් වෙන්නේ.ඒ තුල ඊට වඩා සැඟවුණු දේවල් තිබෙනවා.ඇත්තටම සංචාරය කිරීම ඔබේ බුද්ධිය වර්ධනය කරන්න හොඳ ප්‍රවනතාවයක් වෙනවා.සංචාරය කිරීම මත පදනම් වන කායික සහ මානසික ව්‍යායාමයන් ඔබේ ස්ට්‍රෙස් එක අඩු කරන්න හේතුවක් වෙනවා.පීඩනය අවම වෙන තරමටම ඔබේ රාජකාරි කෙරෙහි පුර්ණ අවධානය යොමුකරන්න ඔබට මනසේ ඒකාග්‍රතාවය ඇතිවෙනවා.ඔබ සංචාරය කරන හැම අලුත් තැනක්ම  ඔබට ඉගෙනගන්න තිබෙන අවස්ථා ද වැඩිකරනවා.මින් පෙර නොහඳුනන පුද්ගලයන් හා සම්බන්ධතා ඇතිකරගන්නත් අලුත් මිතුරන් ඇතිකරගන්නත්,විවිධ සංස්කෘතීන් සහ පරිසරයන් ගැන ඉගෙන ගන්නත්,අලුත් ආහාර රස විඳින්නත්,විවිධ සමාජ තලයන් ගැන අධ්‍යයනය කරන්නත් සංචාර කදිම තෝතැන්නක්.ඉන් ඔබට අලුත් අදහස් එක්ක ඉදිරියට යන්න අවස්ථාව හැකියාව ලැබෙන්නෙත් ඔබ නොදැනුවත්වම වීම ත් විශේෂත්වයක්.

අදහස් වචන වලට පෙරලීම සහ  ලිවිම

ලිවිම තුල උද්දීපනය වන අවබෝධය සහ බුද්ධිය මත ඔබට ළඟා කරගත හැකි වාසි බොහොමයක් තිබෙන බව ඔබ දන්නවා ද?ලිවිම හරහා ඔබේ භාෂාමය හැකියාව වර්ධනය වෙනවා.අවධානය යොමු කිරීමේ හැකියාව,නිර්මාණශිලිත්වය,උපකල්පනය කිරීමේ හැකියාව වර්ධනය කරගන්න ලිවීමත් එක්තරා කලාවක්.ඔබට වෙනස් ආකාර වලින් ලියන්න පුළුවන්.ඔබට ඔබේ අතින්ම ලියන්නත් පුළුවන් නැතිනම් blog එකක් නිර්මාණය කරන්නත් පුළුවන්.කුමක් කලත් ඔබ වචන වලට පෙරලන්නේ ඔබේ මනසේ ඇති සිතුවිලියි.අදහස් ප්‍රකාශ  කරන්න ඉගෙන ගැනීම තුල බුද්ධි වර්ධනය සඳහා ලැබෙන්නේ විශාල හැකියාවක්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here