අනාගතයට නැතුවම බැරි R තුන

R3

ආර්ථික සහ පාරිසරික කළමනාකරණය කියන මාතෘකාව කතාකරද්දී අපට නැතුවම බැරි කාරණයක් තමයි recycling හෙවත් ප්‍රතිචක්‍රීකරණය කියන්නේ.අපි කවුරුත් දන්නවා මේවනවිට විශාල ජල හිඟයක් වගේම ඉදිරි කාලයේදී ආහාර වගේම විදුලිය ආදී බලශක්ති හිඟයක් ද ඇතිවීමේ ප්‍රවනතාවයක් පවතින බව.එයට මුලිකම හේතුව ලෙස වත්මන් පර්යේෂකයන් දකින්නේ පවතින ස්වභාවික සම්පත් නිසි කළමනාකරණයකින් තොරව අසීමිත භාවිතාව යි.ඉතින් මේ කරුණු අතර අත්‍යවශ්‍ය කාරණාවක් වන ප්‍රතිචක්‍රීකරණය ගැන ඔබ දැනුවත් කරන්නයි womanly.lk අපේ මේ උත්සාහය….

මොකක්ද මේ ප්‍රතිචක්‍රීකරණය කියන්නේ? 

මුලික වශයෙන් “ප්‍රතිචක්‍රීකරණය” කියන්නේ අපතේ හරින දෙයක් නැවත භාවිත කල හැකි වන තත්වයට පත්කර ගැනීමයි.එය ක්‍රම දෙකකින් කරන්න පුළුවන්.යම් භාණ්ඩයක් තිබෙන තත්වය වැඩි දියණු කිරීමෙන් හෝ යම් භාණ්ඩයක් කඩා,ඉරා කැබලි කර අලුත් නිෂ්පාදනයක් කිරීම යන ආකාර දෙකෙන්ම අපට ප්‍රතිචක්‍රීකරණය කරගන්න පුළුවන්.මෙය ඉංග්‍රීසි භාෂාවේ සඳහන් වන්නේ “upcycling” සහ “downcycling” ලෙසයි.

තවද E-cycling නම් සංකල්පයක් ද මේ වනවිට ක්‍රියාත්මක වනවා.ඒ තුලින් මූලික වශයෙන් සිදුවෙන්නේ අපතේ දැමෙන ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සහ උපකරණ නැවත භාවිතාවට ගත හැකි තත්වයට පත් කරගැනීමයි.ඇත්තටම ඉවත දැමෙන ඉලෙක්ට්‍රොනික උපාංග විෂ සහිත ඇසිඩ් වලින් යුක්ත වීම නිසා ඒවා පරිසරය ට මෙන්ම සත්වයාට ත් අහිතකර තත්වයේයි පවතින්නේ.එනිසා E-cycling හෙවත් ඉල්ක්ට්‍රොනික ප්‍රතිචක්‍රීකරණය ඉතාම ඵලදායි ක්‍රියාවලියක්.

මේ ප්‍රතිචක්‍රීකරණය කියන සංකල්පය  තුලින් ඇතිවන පාරිසරික වාසි මොනවද?

  • හිඟයක් පවතින ස්වභාවික සම්පත් ආරක්ෂා කරගන්න හැකියාව ලැබීම
  • ස්වභාවික පාරිසරික මෙන්ම වනජීවී පද්ධති ආරක්ෂා වීම
  • අවතැන් හෝ සුරාකෑමට ලක්වන ජනතාව ආරක්ෂා වීම
  • ශක්තිය සුරැකීම.ඇලුමිනියම් ප්‍රතිචක්‍රීකරණය මඟින් 95%  කින්  නිෂ්පාදනය උපරිම කරගන්න හැකි වන්නේ ඉතාම සුළු ශක්තියක් යොදාගෙනයි.ප්‍රතිචක්‍රීකරණය කරන ලද කඩදාසි 40% කින් නව *නිෂ්පාදන දායකත්වය ඉහල නංවා තිබෙනවා.කාබන් විමෝචනය ටොන් මිලියන 4.5 කින් අවම කිරීම
මෙතුලින් ඇතිවන ආර්ථික ප්‍රතිලාභ ගැන කිව්වොත්? 

  • මේ මඟින් කසල බැහැර කිරීමට යන වියදමට වඩා ඉතාම අඩු මුදල් ප්‍රමාණයක් වැයවන අතර නව නිෂ්පාදන ක්‍රියාවලීන් තුල අදායම් තත්වය ඉහල යනවා
  • අලුත් රැකියා අවස්ථා ද බිහිවෙනවා
හොඳයි අපි දැන් ප්‍රවේශ වෙමු R අකුරු තුනේ කතාවට..මොකක්ද මේ R අකුරු තුන? 

ඒ තමයි ගෝලීය මිතුරන් තුන්දෙනා…
1.Reduce- අවම කිරීම
2.Reuse -නැවත භාවිතා කිරීම
3.Recycle-ප්‍රතිචක්‍රීකරණය

ප්‍රතිචක්‍රීකරණයෙන් මූලිකවම අපතේ දැමෙන දේවල්නේ නැවත භාවිතයට ගැනෙන්නේ..නමුත් ඕනෙම සම්පත් ප්‍රමාණයක් වේවා භාවිතාව අවම වන තරමට ඒවා අනාගත ආයෝජනයට පහසුවක් වෙනවා.එකයි අවම කිරීම ප්‍රමුඛත්වයට පැමිණෙන්නේ..

1. reduce waste first හෙවත් කසල අවම කිරීම
2.Reuse what you can හෙවත් ඔබට හැකි දේ නැවත භාවිතයට ගැනීම
3.Recycle if you can’t use it හෙවත් ඔබට තවදුරටත් භාවිතයට ගත නොහැකි කල ප්‍රතිචක්‍රීකරණය කරන්න

මෙන්න මේවා තමයි ඔබ මතක තියාගන්න ඕනේ R අකුරු තුන…. 

දැන් අපි බලමු මේ සංකල්පය කොහොමද එදිනෙදා යොදාගන්න පුළුවන් කියලා?

නිවසේදී…

ඔබ දන්නවද ශීතකරණය විවෘත කරන හැම එක මිනිත්තුවකදීම එය නැවතත් ශීත වීමට මිනිත්තු තුනක කාලයක් අවශ්‍ය බව? ඒ නිසා ශීතකරණය හොඳින් වැසෙනවා ද බලනවා වගේම ශීතකරණය විවෘත කරන වාර ගණන සිමා කරන්න පුරුදු වෙන්න.

අවම ශක්තියකින් ක්‍රියාත්මක වන බල්බ(Light Emitting Diodes නැත්නම් LED ) ශක්තිය 20% ක ප්‍රමාණයක් වැයකරන අතර ඒවගේ 12 ගුණයක කාලයක් වුනත් පවත්වාගන්න භාවිතාකරන්න හැකියාවත් ලැබෙනවා.

විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න.අනවශ්‍ය යයි සිතෙන කිසිම විටෙකත් බල්බ දැල්වීම සහ විදුලි පංකා භාවිතයෙන් වැලකි සිටීම බජට් එකට වගේම ඔබේ මගේ අප සියල්ලන්ගේම අනාගත ශක්ති ආයෝජනයට ලොකු උදවුවක් වේවි…

Reuse 

ඔබ දන්නවද අපතේ යන අමුද්‍රව්‍ය කිලෝ 1500ක ප්‍රමාණයක් අලුත් පරිගණකයක් නිර්මාණය කරන්න යොදාගන්න සිදුවන බව?අලුත් පරිගණකයක් ඕනෙම නම් පහසුවෙන් නඩත්තු කල හැකි එකක් මිලට ගන්න සැලකිලිමත් වෙන්න.
ඔබ දන්නවද 1492 අවුරුද්දේ කොලොම්බස් පවා පොලිතින් ජලයට මුදාහැර ඇති බව?එය නොවේ වැදගත්ම කාරණය තවමත් අප ජලයට පොලිතින් මුදාහරිනවා කියන එකයි.මේ නිසා පුළුවන් තරම් පොලිතින් භාවිතයෙන් ඉවත්ව,රෙදි නැතිනම් අමුරෙදි බෑග් පාවිච්චියට හුරුවෙන්න නිවසේදීම ඔබට පුළුවන්.ප්‍රතිචක්‍රීකරණය නිවසෙන්ම,ගෙවත්තෙන්ම පටන්ගන්න.

ඔබ දන්නවා ද කෙතලයක්ම පිරෙන්න වතුර රත් කරද්දී වැයවන ශක්ති ප්‍රමාණය පැය 24ක් පුරාම රුපවාහිනියක් ක්‍රියාකරවා තැබීමේදී වැයවන ශක්ති ප්‍රමාණයටත් වඩා වැඩි බව? ඒ නිසා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට විතරක් වතුර පුරවා රත්කරන එක වඩා ඵලදායි වෙනවා.

කාර්යාලයේදී නම්….

1.Reduce-අවම කිරීම

මේසයෙන් ඈතට වන සේ කසල බඳුන තබන්න.එවිට අපතේ යන දේවල් ප්‍රමාණය ඔබටම අවම කරගන්න පුළුවනි.

2.Reuse-නැවත භාවිතය

පේපර් ටවල් වෙනුවට රෝලර් ටවල් භාවිතයට හුරුවෙන්න.

නෙස්කැෆේ කෝප්ප,වතුර කෝප්ප නිසි ලෙස ප්‍රතිචක්‍රීකරණ බඳුන් වලට බැහැර කරන්න.

3.Recyle-ප්‍රතිචක්‍රීකරණය

මේ සඳහා වර්තමානයේ කාර්යාල වල green effect හෙවත් හරිත සංකල්පය ක්‍රියාත්මක වෙනවා.ඒ තුල බැහැර කරන කසල හෝ භාණ්ඩ වේවා නැවත පරිභෝජනයට ගත හැකි ලෙස නිෂ්පාදනාගාර වලට බෙදාහැරීමක් සිදුකරනවා.එය ඉතාම හොඳ සංකල්පයක්.

මේ කාලයේ නම් කතාවෙනව අනාගතයට ජලය,ආහාර,බලශක්තිය ඉතුරුකරගන්න කියල.එහෙත් කලින් ඉඳන්ම ඉතුරු කරා නම් අද අපට මෙහෙම කතාකරන්නේ සිදුවෙන්නේ නැහැ නේද? ඉතින් දැන්වත් පටන් ගමු.අනාගත පරම්පරාව ආරක්ෂා කරගනිමු.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here