පවුල තුළ කාන්තාවගේ භූමිකා රංගනය

0
9817
Happy family

පිරිමියෙක් දෙවැනි වරට උපදින්නේ බිරින්දෑගෙන්.ඒ වගේම දරුවන් වෙනුවෙන් සුබසෙත සලසන්නීද අම්මාය. දුවක, බිරිඳක, මවක ලෙසින් විවිධ පැතිකඩයන්හි ඇය ලබා දෙන දායකත්වය සුලුපටු නැත. සමහර පිරිමින්ට නිවස අපායකි. එහෙත් සමහරුන්ට නිවස දිව්‍යලෝකයකි. මේ ස්ථාන දෙකම නිර්මානය වන්නේ කාන්තාව පවුල තුළ හැසිරෙන රටාව අනුවය. ඔබටත් නිවස මේ වගේ ස්ථානයක්ද…?

පොඩි දුවගේ සිනා කටයි
පොඩි පුතුගේ කතා හඬයි
පිය බිරිදගෙ සෙනෙහෙ විලයි
මගේ නිවස මගේ පැල්පතයි….

එසේ නම් පවුල තුල කාන්තාවක් විසින් ලබා දෙන දායකත්වය කෙසේද කියල කිව්වොත්….

පවුලට සිරියාව

නිවස ඔබට අපායක්ද?….නිවස සිරිවිමනක් වන්නේ එය ගොඩ නැගීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය මත නොවේ. එහි ජීවත්වෙන සාමාජිකයන් අතර පවතින සහජීවනය මතයි.ඇතැම් උදවිය නිවස කී විට ඉතාම අප්‍රසන්න විදිහට හිතුවත් සමහර අයට නිවස තරම් ප්‍රසන්න තැනක් තවත් නොමැති වෙන්න පුලුවන්.

ඉතිං එහෙමනම් නිවසේ සිරියාව හැමටම බෙදන පවුගේ ප්‍රධාන චරිතය බිරිඳ එසේ නැත්නම් අම්මා බව ඔබ නොදන්නවා විය හැකියි. බිරිඳ ‍/ අම්මා යනු ආදරයේ මෙන්ම සිනාවේ උල්පත විය යුතුයි.පවුල තුළ තිබෙන දහසකුත් එකක් ප්‍රශ්න ඉදිරියේ හෙම්බත් වුන ඔබ මුහුණ එල්ලා ගෙන කටයුතු කළ යුතු නැහැ.

මොකද නිකං අප්සෙට් මූඩ් එකෙන්…යමෙක් විමසන විට ඔබේ පිළිතුර මේ විදිහට විය යුතු නැහැ.

ප්‍රශ්න අනේ…ඉවරක් නැහැ…මේ පිළිතුර ඔබට පමණක් නොව සමස්ත සමාජයටම බලපාන තත්වයකි. ඒත් ඔබ මුහුන එල්ලා ගෙන ජීවත් වුන පමණින් ප්‍රශ්න විස‍ඳෙන්නේ නැත. ඒ නිසා ප්‍රශ්න ඉදිරියේ හෙම්බත් බවක් ඔබ පෙන්විය යුතු නැත. සිනා මුහුණෙන් සිටින්න. එය පවුලේ සාමාජිකයන් වෙක කාන්තාවක ලෙසින් ඔබ ලබා දෙන විශාල ධෛර්යකි.

පවුල ගොඩනගන්න

පවුලක පැවැත්ම හෝ නස්පැත්තිය වෙනුවෙන් අම්මා/ බිරිඳ සුවිශේෂී චරිතයක් වෙනු ඇත. අම්මත් අහස වගේ කියන්නා සේම අම්මාටත් සමාජයෙන් නැගෙන චෝදනා අවසානයක් නැත දරුවෙක් නොමග ගිය විට එයින් ප්‍රධාන චූදිතයා වන්නේ අම්මාය. මේ නිසා පවුල ගොඩනගන්නී අම්මා හෝ බිරිඳ නැමැති කාන්තාවයි. මේ නිසා මවක . බිරිදක ලෙසින් ඔබේ යුතුකම් වගකීම් ඉටු කරන්න. කඩා ඉහිරුන පවුල් පිලිබඳව විමසා බලන විට පෙනෙන්නේ අම්මා තමන්ගේ චරිතය මැනවින් ඉටු නොකළ අන්දමයි. සැමියා සහ දරුවන් වෙනුවෙන් වූ උපරිම කැපවීම ලබා දෙන්න. පවුල පවුලක් විදිහට ගොඩ නගන සුවිශේෂී අත්තිවාරම ලැබෙන්නේ කාන්තාවගෙන්ය. මෙම ස්ථිර අත්තිවාරම නොලද තැනදී පවුල නැමැති ඒකකය කඩා වැටෙන්නේ ඔබ කිසිවෙකුටවත් අදහා ගත නොහැකි අන්දමින්ය. මේ නිසා පවුල ගොඩ නගන්නී කාන්තාව බව අමුතුවෙන් කිව යුතු නැත.

ඥාතින් අතර ජනප්‍රිය චරිතයක් වීම

මානව හැසිරීම් සමග ඇති වෙන විවිධ ගැටුම් නිසා නෑදෑයන් අතර කාන්තාව ගොඩ නගන සම්බන්ධතාවය කෙසේද….? මේ අන්දමේ දෙබස් ඔබට කොතෙකුත් ඇසී ඇති.

අපේ පුතා ගෑණි ගත්තට පස්සේ වෙනස් වුණා….අපේ අයියාට බැන්දට පස්සේ අපිව අමතකම වුණා.

පවුලට සම්බන්ධ වුන කාන්තාව මුල් කර ගෙන මේ අන්දමින් චෝදනා නැගෙනු ඇත. නැන්දම්මා-ලේලි , නෑනාවරුන් අතර අරගල අනාදිමත් කාලයක පටන් සමාජගතව ඇත. මේ අන්දමින් පවුලක පෙර පැවැති සම්බන්ධතාවය කාන්තාව නිසා දෙදරා යෑම ඇගයීමට ලක් නොවේ.

ඒ වගේම අලුතින් පවුලට එක් වෙන කාන්තාවද පිලිගැනීමට පවුලේ සාමාජිකයන් සැදී පැහැදී සැරසී සිටීම අවශ්‍ය වේ. කමන්ගේ පුතා, සහෝදරයා සමග ජීවිතය ආරම්භ කරන්නේ තවත් ගැහැණියකි. එම ගැහැණිය වෙනුවෙන්ද පවුලේ ආදරය, ආරක්ෂාව සහ පිලිගැනීම අවශ්‍ය වේ. ආගන්තුකව පැමිනෙන ඇය ජීවිතය පටන් ගන්නේ මේ අලුතින් සම්බන්ධ වුන පවුල සමගින්ය. එය දිනකින් දෙකකින් අවසාන වෙන්නක් නොවේ. මේ නිසා පවුලට අලුතින් එක්ව ජීවිතය පටන් ගන්නා සේම, ඔබේ ජීවිතයට සම්බන්ධ වෙන ආදරණීය දියණියට, සොහොයුරියට පවුලේ ඇය සුවිහේෂීය යන සංකල්පයෙන් කටයුතු කිරීම ඉතාම වැදගත් වේ.

සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගන්න

ඔබට අවශ්‍ය වන්නේ සමාජ තරුවක් වීමද නොඑසේනම් කනාමැදිරියෙක් වෙන්නද…මෙයට හැම දනාගේම පිලිතුර වන්නේ තරුවක් විදිහට ආලෝකය ලැබීමයි. එහෙත් අද බොහෝ දෙනා සමාජ තරුවක් වුනත් අල්ලපු ගෙදර සමග කිසිම සම්බන්ධතාවයක් නැත. පවුලේ අවශ්‍යතාවයක් වෙනුවෙන් මුලින්ම පැමිණෙන්නේ ඔබේ උගත් වැදගත් නැදෑ හිතවතුන් නොව අල්ලපු හෝ උඩහ. පහළ නිවසේ උදවියයි. එහෙත් අද බොහෝ තැන්හිදි ගමේම සිටින්නේ වෛරකරුවන් පමනි.ලෙඩක්, දුකක්, මරණයක් වූ තැනදී පිටස්තරයන්ගේ පැමිණීම සිද්ධ වෙන තෙක් ගමෙන් සහයෝගයක් නැත. මේ තත්වය සාර්ථකත්වයට පත් කාන්තාවක විසින් තම පවුල තුල ගොඩ නගන යහපත් ප්‍රතිරූපයක් නොවේ. ඒ නිසා සමාජ සහජීවනය සමග පවුලේ කටයුතු ඉදිරියට ගෙන යෑම යහපත් පවුලක කාන්තාවකගේ වැදගත් භූමිකාව වන්නේය.

ආර්ථිකය ගලපන්න

අද ලෝකය බෙහෙවින් විසිතුරුය. විචිත්‍රය. එහෙත් මේ විසිතුරු ලෝකයේ අප අතරමං විය යුතු නැත. ඇගිල්ලේ තරමට ඉදිමිය යුතුය කියන්නා සේ ආර්ථිකය අපට අවශ්‍ය විදිහට ගලපා ගත යුතුය.සැමියා උපයන ආදායම මදි බවත් දැනේ නම් කිසියම් ස්වයං රැකියාවකින් පවුලට දායකත්වය ලබා දිය හැක. අල්ලපු ගෙදරට අලුත් වර්ගයේ රූපවාහිනියක් මිළට ගත් තැන පටන් අවශ්‍යතාවයක් නොමැතිව වුනත් රූපවාහිනිය ගැන සිහින මැවීම අවශ්‍ය නැත. එය ඔබට අවශ්‍ය නම් සල්ලි මුදල් ඇති දිනක මිළට ගනු විනා අද දවසේ ණය වෙලා හෝ රූපවාහිනිය මිළට ගනිමි යන ස්ථාවරයේ සිටින්න අවශ්‍ය නැත. පවුලට ලැබෙන ආදායමට ගැලපෙන ලෙසින් කටයුතු කොට ආර්ථික ලෙසින් ශක්තිමත් වීම ඉතා වැදගත් වේ.

අනාගතය වෙනුවෙන් අරමුණු අවශ්‍ය වේ

හැම පුද්ගලයෙක්ම ජීවත් වෙන්නේ බලාපොරොත්තු මතය. බලාපොරොත්තු මිනිසා ජීවත් කරයි යන කියමන සැබැවින්ම අපේ ජීවිත වෙනුවෙන් අදාල කර ගත යුතුය. බිරිඳක/ මවක ලෙසින් ඔබ දරුවන් හෝ පවුලේ දියුනුව වෙනුවෙන් ගොඩ නගා ගන්නා ඉලක්කයට පවුලක් ලෙසින් හැම දෙනාගේම දායකත්වය ලැබීම අවශ්‍ය. තනි අතින් අත්තල ගැසිය නොහැකි සේ  නිතරම මේ වෙනුවෙන් පවුලේ සෙසු සාමාජිකයන්ද දායක කරගන්න. අපේ අරමුණු මේවාය යන්න කියා දෙන්න. එම ඉලක්ක අරමුණු ඉතා යහපත් බවත්, ඒවා ජයගැනීමට නම් අපි හැම දෙනාම එක්ව යා යුතු ගමනක් ඇති බව පවුලේ උදවියට තේරුම් කරන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here