විදුලි බිලයි ඉතිරියයි

save electrecity

අපේ එදිනෙදා ජිවිතවලට විදුලිය කියන්නේ ඉතා වැදගත් කොටසක්.ඒ මත පදනම් වන බොහෝ දේවල් තිබෙනවා.බොහෝ දුරට බොහෝ ගෘහස්ත උපකරණ ක්‍රියාත්මක වන්නේත් විදුලිය මත.මෙලෙස හැමදේම වගේ විදුලිය මත පදනම්ව ක්‍රියාත්මක වෙද්දී ටිකෙන් ටික විදුලි බිල ත් ඉහල යන එක අමුතු දෙයක් නෙමේ.තමන්  අතින් විදුලිය නාස්ති වෙලා කියා බිලෙන් දකින්න අපි කවුරුවත් ආස නැහැනේ.එහෙනම් වඩා වැදගත් වෙන්නේ විදුලි  උපකරණ භාවිතය ගැන දැනුවත්භාවය ලැබීමයි.ඇත්තටම විදුලි බිල් අගය හෝ පරිභෝජනය අවම කරගන්න එක ඒ තරම් අමාරු නැහැ.එය ඇත්තටම ඔබට එක්තරා විධියකට වාසිදායි පමණක්ම නොවේ,පරිසරයටත් ඉන් ලැබෙන්නේ විශාල සහයෝගයක්.ඉතින් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරලා,විදුලි බිලට යන වියදම අවම කරගන්න womanly.lk අපි ඔබට පුංචි ඉඟි කිහිපයක් දෙන්නයි මේ හදන්නේ…..

හැමතිස්සෙම උපකරණ on එකේම තියන්න එපා…

යම් ගෘහස්ත උපකරණයක් ඔබ භාවිතා කරන්නේ නැතිනම් අදාළ අවස්ථාවේ උපකරණය standby mode එකේ තබනවාට වඩා වුනත්  ක්‍රියා විරහිත කර තැබීම ඉතා යෝග්‍යයි.on එකේම තබා යාමත් ඇත්තටම අයත් වෙන්නේ  විදුලිය පරිභෝජනය කිරීම කාණ්ඩයටයි.ඔබ උපකරණය භාවිතා නොකලා වුනත් ඉන් සිදුවෙන්නේ නිකරුණේ ඔබේ විදුලි බිලට යම් මුදල් ප්‍රමාණයක් තව එකතුවීමක් විතරයි.ඒ නිසා පාවිච්චි නොකරන හැම විටෙකම විදුලි උපකරණ ක්‍රියා විරහිත කර තැබීම අප කාගේ වුනත් අනාගත ශක්ති ඉතිරියට ත් ඉතාම වැදගත් දෙයක්.

කාල ගණකයක් (timer) භාවිතය බුද්ධිමත් තීරණයක්….

ඔබ ශක්තිය ඉතිරි කරගැනීම ගැන බොහෝ සෙවිල්ලෙන් සිටියි නම්,එයට ඉතා ප්‍රයෝජනවත් උපකරණයක් තමයි කාල ගණකය.බලශක්ති සංරක්ෂණයට එය ඉතා පහසුවක්.ඔබට කාල පරාසයක් සැලසුම් කර   (timer මඟින්) අදාළ කාලය අවසන් වූ පසුව ස්වයංක්‍රීයව උපකරණය ක්‍රියා විරහිත වීමට සැලැස්විය හැකියි.උපකරණය on එකේම තබා යාමට වඩා එය උචිතයි.හීටර් වැනි උපකරණ වල ඔබට කාල ගණකය භාවිතා කරන්න පුළුවන්.එයින් යම් කාලයක් තුල ක්‍රියාත්මක වී කාලය අවසන් වනවිට ආරක්ෂිතව ස්වයංක්‍රීයව උපකරණය ක්‍රියා විරහිත වීම සිදුවෙන එක වඩා ආරක්ෂාකාරී පිලියමක් ද වනවා.මේ ක්‍රමයට ඔබේ නිවසත් උණුසුම් ව තබාගන්නා ගමන් විදුලි බිල cool down කරගන්න පුළුවන්.

බුද්ධිමත් ගැනුම්කරුවෙකු වන්න…

බුද්ධිමත් පාරිභෝගිකයකු වීම මත ඔබට බොහෝ ආරක්ෂාකාරි වෙන්න පුළුවනි.පැරණි විදුලි උපකරණ පැරණි තාක්ෂනය මතයි පදනම් වෙන්නේ.එනිසා ඒවා කාර්යක්‍ෂම නැහැ.ඒවාට විදුලිය කා දමන්නට තරම් විශාල ශක්තියක් වැයවන නිසා වඩා හොඳ වන්නේ නව ආරේ උපකරණ වලට නැඹුරු වීමයි.පැරණි තාලයේ ඒවා භාවිතා කිරීමේ චක්‍රයෙන් පිටතට ගමන් කරද්දී,හැමවිටම අලුත් තාක්ෂණයේ උපකරණ භාවිතයට හුරුවීමට තරම් ඔබ smart වීම ඉතා වැදගත්.

බලශක්තිය තරු මඟින් ශ්‍රේණිගත කර ඇති උසස් තත්වයේ උපකරණ දැන් වෙළඳපොලේ තිබෙනවා.බලශක්ති තරු ශ්‍රේණිගත කර ඇති උපකරණ වල මූලික වියදම ඉහල වුවත් ඒවායේ ධාවන පිරිවැය ඊට සාපේක්ෂව පහත මට්ටමක  තිබීම වාසිදායි වනවා.

Home automation සමඟින් පරිසර හිතකාමී වන්න…

තාක්ෂණයේ උසස් බව සමඟ,ශක්තිය ඉතිරි කරගැනීම පහසු වෙමින් පවතිනවා.ගෘහස්ත ස්වයංක්‍රීයකරණය විශාල ලෙස සංවර්ධනය  වෙලා තිබෙනවා.එය ද බලශක්තිය ඉතිරි කිරීමේ එක් මුලාශ්‍රයක් වී තිබෙනවා.නිවෙස් ස්වයංක්‍රීයකරණය ස්ථාපනය  හරහා සැලකිය යුතු මට්ටමින් විශාල ලෙස කාබන් මුදාහැරීමේ අඩුවීමක් දක්නට ලැබෙනවා.මින් ඔබ කරන්නේ පරිසරයට ලොකු උදව්වක්.ඔබට එය පාලනය කරන්නට හැකියි වගේම අසීමිත ලෙස ශක්තිය වැය නොවන ලෙස කටයුතු කිරීමට වගබලාගැනීම ඔබේ වගකීම වනවා.

ඔබේ Tv එකත් එක්ක ශක්තිය ඉතිරි කරගන්න…

හැම නිවෙසකම වගේ දැන් රූපවාහිනී යන්ත්‍රයක් තියෙනවා.පොඩි පොඩි උපායන් දන්නවනම් ඔබට විශාල ශක්ති ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවන්.ඔබට ඇත්තේ පැරණි තාක්ෂණයේ රූපවාහිනී යන්ත්‍රයක් වුවත් භාවිතයෙන් තොර වන හැම විටම ක්‍රියා විරහිත කර තැබීම (standby mode වලින් වැලකීම) වැදගත්.බුද්ධිමත් ලෙසින් රූපවාහිනී යන්ත්‍ර භාවිතා කරන වෙනත් ක්‍රම තිබෙනවා.

රූපවාහිනියේ තිරයේ දීප්තිය අවම කිරීම ත් එක්තරා ශක්ති ඉතිරියක්. බොහෝවිට රූපවාහිනී තිරයේ වෙනසක්කිරීමට මත්තෙන් තිබෙන්නේ ඉතාම දීප්තිමත් තිරයක් වෙන්න පුලුවන්.එය ඔබේ ඇසටත් එක්තරා හානිදායි හේතුකාරකයක්.ඒවගේම ආලෝක සංවේදක භාවිතා කිරීම හෝ energy saving mode ක්‍රියාත්මක කිරීම හරහා පවා ශක්තිය ඉතිරි කරගන්න පුළුවන්.

Common sense…

බුද්ධිමත් භාවය තුල ශක්තිය ඉතිරි කරගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි මේ ටිප් එක.ගෘහස්ත උපකරණ භාවිතය තුල ඔබ දක්ෂ වීම වැදගත්.මේක නම් අමුතුවෙන් කියන්න ඕනෙත් නැහැ,කොමන් සෙන්ස් කියන්නේ මේකට තමයි.උදාහරණයක් විධියට පිටත පරිසරය හොඳින් පායලා තිබෙනවානම් dryer එකක් පාවිච්චි කිරීම අවශ්‍ය නැහැ.ඒ වෙනුවට ඔබේ රෙදි අවුවේ වේලාගන්න පුළුවන්.ඇතැම් ගෘහණියන් සහ පවුලේ සාමාජිකයන් මේ සරල උපක්‍රම පවා තේරුම් නොගන්නා එක නම් ගැටළුවක්.

ඉතින් smart වුනොත් ඊළඟ මාසේ විදුලි බිල ත් හුඟක් අඩුවේවි…

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here