දෝරෙ ගලනා මව් සෙනෙහස කවියාගේ නෙතින්

0
14349
දෙවැනි බුදුන් ලෙස
ලොව මැව්වම් කළ
ලොවට පිදුම් ලද
ලොවට උතුම් ලද
අම්මා….අම්මා….අම්මා…… 

 

මෙලොව ඇති සියලුම දේ මවකගේ ආදරයට යටත්ය. මවකගේ උණුසුමට, ආදරයට හා කරුණාවට සැසදීමට වෙන අන් කිසිම දෙයක් මෙලොවෙහි නොමැත. අම්මාගේ ආදරය, දරුවන් වෙනුවෙන් උපදින සෙනෙහස පෙර සිටම කවියා තෙලි තුඩඟට මුහු කරන ලදී. කවිය, නිසැදැස, මේ වන විට ගීතය කරා මව් සෙනෙහේ තෙලි තුඩට නැගුමට අද වන විට  ඇතැමුන් දක්ෂ වී ඇත. මවකගෙ හැගුම්, මව පිළිබඳ දරුවන්ගේ හැගුම් යන මේ සියල්ල වර්තමාන සංගීත කේෂත්‍රය තුල ඉතාමත් ජනප්‍රිය වී ඇත. එලෙස මව උපමා කොට නිර්මාණය වූ ඉතා සංවේදී ගීත ත්‍රිත්වයක් පිළිබඳව අද womanly.lk තුලින් කතා කිරීමට මා තීරණය කළා. ඔබත් ආදරණීය මවක් වෙන්න පුළුවන්. නැතිනම් ආදරණීය මවක් ලද දියණියක්, පුතුණුවෙක් වෙන්න පුළුවන් ඉතින් මවකගෙ ආදරය සෙනෙහස ඉදිරියේ දරුවකුට තියෙන වටිනාකම මිල කළ නොහැකියි. ඔබත් ඔබේ මවට ආදරණීය දරුවෙක් වන්න.

මගෙ තුරුලේ උණුහුම සොයලා
හුරතල් උනු පුතුනේ
ඇයි අද මා  දෙසවත් නොබලා
ඉවතක නුඹ යන්නේ
මවු සෙනෙහේ දෝරෙ ගලලා
මේ හදවත පතුලේ
යනවා මා දෙනෙතම තෙමිලා
මගෙ ආදර පුතුනේ… 

කුඩා වියේ සිටම ආදරයෙන් හදාවඩා ගත් තම පුතු වැඩිහිටි වියට පත් වීමත් සමඟ තම මවකට සිදු කරන වෙනස් කම්  මවකගේ නෙතින් දැකීමට සමත් වූ මෙම ගීතය  මවකගේ  සිතේ ඇති වූ වේදනාව ඒ ලෙසටම කියා පෑමට මෙහි ගී පද රචිකාව සමත් ව ඇත.
හර්ෂි සේනාධීර අතින්  ලිය වුන මෙම ගීතය තරිඳු බණ්ඩාර හා රසික විජේරත්න යන දෙපල සංගීතවත් කරන ලදී. දේදුණු රත්නායක විසින් ගායනා කරන මෙම ගීතය තුලින් වර්තමාන දරුවන් හට මහත් ආදර්ශයක් ලබා දෙති. මවකගෙන් දරුවන් හට සිදු වන මෙහෙය මිල කල නොහැකිය. නමුත් වර්තමාන සමාජයට ආදර්ශයක් ලබා දෙමින්  නිර්මාණය වූ මෙම ගීතය මුළු මහත් සමාජයටම පණිවිඩයක් ලබා දෙති. එනම් අම්මා යන අමිල සම්පත දරුවන් හට මෙලොව ඇති  වටිනාම වස්තුව වන බවය.

අම්මා කියලා බහ තෝරනා
වයසේ ඉඳලා නැතිවම බැරි වුනා
ගන්නා හුස්මන් පවා
නැලවිලි ගීයක් වුනා
මඟ හැරුණාද අම්මාව
පෙම් කරන දා….. මා පෙම් කරන දා 

වර්තමාන සමාජයට ගැලපෙන ලෙස ගීතයට නැගුන මෙම පද වැල සමාජයට මහත් පාඩමක් කියා දෙති. දුක් කරදර දහසක් විඳ දරුවන් වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන මව අමතක කර තමා වෙනුවෙන් දහසක් දේ කැප කරන මවට  වර්මාන දරුවන් බොළඳ ආදරය ළඟ සිදු කරන දේ මෙහිදි ගම්‍ය කොට ඇත.
ජනප්‍රිය ගීත රචකයකු වන ඩිලාන් ගමගේ විසින් රචනා කොට ඇති මෙම ගීතය ජනප්‍රිය ගායක ශිල්පී ජූඩ් රොගන්ස්  විසින් ගායනා කරන අතර. වර්තමාන සමාජයට ගැලපෙන ලෙස නිර්මාණය වූ මෙම ගීතය තරුණ දරුවන් හට මහත් ආදර්ශයක් ලබා දේ.

අම්මා… අම්මා… අම්මා
මගෙ ජීවිතයේ කඳුලයි සුසුමයි
මගෙ කදුලේදි  ළඟ ඉන්නවා
අම්මා..අම්මා…මගෙ ජීවිතයේ
කදුලයි…සුසුමයි

ඔබෙ ආදරේ…
මගෙ කඳුලේදි ළඟ ඉන්නවා
සතුටේදි ළඟ ඉන්නවා… 

දරුවෙකුගේ සිතෙහි මව පිළිබඳ ඇති හැගීම අපූර්ව ලෙස විඳහා පාන කවියා මවක් දරුවන් වෙනුවෙන් කැප වෙන ආකාරය මෙම ගීතය මගින්  මනාව පෙන්නුම් කරයි.

අරුත් ඇති වදන් මගින් මවකගේ ආදරය, සෙනෙහස මෙන්ම දරුවන්ගේ සිතෙහි ඇති මවක් පිළිබඳව හැඟීම තෙලි තුඩට නැගීමට තරම් දස්කම් දක්වන කවියා මවගේ ජීවිතය තුලට කිදා බසිමින් මවගේ හැඟීම් ගීතයට තුලට නැගීමට තරම් මව් සෙනෙහස උත්තරීතර  වූ දෙයකි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here