මතක හිටින්න පාඩම් කරන්නේ කොහාමද ?

0
5869
Young girl studying with book isolated

ඉදිරියට එන්නෙ විභාග කාලයක්. වාර විභාග වගේම කඩයිම් විභාග තුනක්ම ඔබට ඔබේ දරුවන්ට ඉදිරියට එනවා. ඉතින් අපේ පාසල් යන බොහෝමයක් දරුවන්ට නම් කිසිම විවේකයක් නෑ.  පාසලේ වැඩ, පන්ති වල වැඩ  මේ හැම දේම අපේ දරුවන් පටලවන් තමයි විභාග වලටත් සුදානම් වෙන්නෙ. මොන තරම් පංති වලට සහභාගි වුනත්  අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න නම් හොඳින් පාඩම් කළ යුතුයි.

පාඩම් කරනවා කිව්වට ඉතින් පාඩම් කරන්න ඕන නිසා පාඩම් කරනවා කියන දේට නැතිව කරුණු  හොදින් ධාරණය වන පරිදි පාඩම් කළ යුතුයි. ඉතින් විශිෂ්ට ජයක් බලාපොරොත්තුවෙන් විභාග වලට යන්න ප්‍රථම  ඔබත් හොඳින් විෂය කරුණු  ඔබේ මනසේ තැන්පත් වෙන ආකාරයට පාඩම් කටයුතු වලට හුරු වෙන්න. ඔබ පාඩම් කරන කරුණු  ඔබට අවධාරණය වෙන්න නම්  අධ්‍යාපන කටයුතු වල නිරත ඔබ  මේ දේවල් ගැනත් ටිකක් හිතන්න.

වටපිටාව

ඔබ පාඩම් කරන ශිෂ්‍යයෙක්, ශිෂ්‍යාවක් නම් එහෙමත් නැතිනම්  ඔබේ ගෙදර පාඩම් කරන දරුවන් ඉන්න තැනක් නම් ඒ අයගෙ පාඩම් කටයුතු වලට සරිලන ලෙස ඔබේ නිවසේ වටපිටාව සකස් කර දෙන්න.  ඇතැම් ගෙවල් වල නම් දරුවන්  ඉඳලා ඉඳලා පාඩම් කරන්න ගත්තොත් ගෙදර වැඩිහිටි අය එක්කො රූපවාහිනිය  දමා ගනිවී, නැත්නම් රටටම ඇහෙන්න මහ හඩින් සිංදුවක් දමා ගනීවි.  ඉතින් මෙන්න මේ වගේ දේවල්  නිසා පාඩම් කටයුතු වල නිරත දරුවන්ගෙ අවධානම බිඳ වැටෙන්න ඉඩ තියෙනවා.

ඒ වගේම තමයි ඔබ, ඔබේ දරුවන්  පාඩම් කරන්නෙ කාමරයක් ඇතුලෙ නම් ඒ ස්ථානය ඇසට ප්‍රියමනාප තැනක් කර ගන්න.  පිළිවෙලින් පොත් තබා ගත් මේසයක් ළඟ පාඩම් කිරීමට සකස්කර  ගන්න.  හොඳින් හිරු එළිය වැටෙන ලෙස කාමරයේ ජනෙල් දොරවල් ඇර ගන්න. නැත්නම් පාඩම් කරන විටදි ඔයාට නිදිමත හැදෙන්න පුළුවන්.

ඒ වගේම තමයි ඔබ දවසට පැය දෙකක් පාඩම් කරත් ඇති ඒ දේ හරියටම කරනවා නම්. ඒ නිසා  පාඩම් කටයුතු වලට සූදානම් වෙන කොටම ඔබේ ජංගම දුරකථනය ඒ පැය ගානට පමණක් විසන්ධි කරන්න. නැත්නම්  ඔය දේ සැරින් සැරේට නාද වෙද්දි පාඩම් කරන ඒවා නම් කවදාවත්  මතකෙට ගන්න වෙන්නෙ නෑ.

වැදගත් කරුණු

ඔයා පාඩම් කරද්දි ඒ ඒ විෂයන්ට අදාල වැදගත් කරුණු   ලකුණු කර ගන්න අමතක කරන්න එපා. පසුව ඒ ලකුණු කර ගත් කරුණු  වෙනම  පොතක් අරන් පොයින්ට් එකෙන් පොයින්ට් එකට ඒ පොතේ ලියන්න. ඒ වගේම ඒ  කරුණු  ලොකුවට ලියලා ඔයා පාඩම් කරන තැන බිත්තියේ එල්ලා ගන්න. ඔයා එතනට යන හැම වෙලාවකම ඔයාට ඒ කරුණු  බැලෙනවා ඉතින් දවසට තුන් වතාවක් වත් ඔය දේවල් බැලෙනවා කියන්නෙ ඔයාට වැදගත් තියරි දේවල්  පාඩම් වෙනවා කියන එක.

කාලය

පාඩම් කරනවා කියලා එක දිගට පැය  තුන හතර එකම තැන ⁣ඉඳගෙන පාඩම් කරන්න අවශ්‍ය නෑ.  එහෙම උනාම ඔයාටත් හරි බෝරිං. ඒ නිසා දවසට පැය දෙකක් වෙන් කරන්න. ඒ පැය දෙකෙත් ටිකක් වෙලා පාඩම් කරලා  ඒ පාඩම් කරපු කරුණු  වල වැදගත් දේවල් අර මම මුලින් කිව්ව විදියට   නෝට් එකට ලියා ගන්න. එතකොට ඔයාට ඒක මතකෙ හිටිනවා.

මහන්සි වෙලා ස්ට්‍රෙස් එකේ ඉන්න වෙලාවල් වලදි පාඩම්  කරන්න යන්න එපා. නිතරම පාඩම් කරන්න නිදහස් වෙලාවක් හොයා ගන්න. රෑට නිදිමරාගෙන පාඩම් කරන්න යන්නත් එපා.  ඔබ දන්නවද පාඩම් කරන කරුණු හොඳින් මතකෙට ගන්න පුළුවන්  උදේ පාන්දර 4 ඉදන් පාඩම් කළොත්.

නිරවුල් මනස

පාඩම් කරනවා නම් අනිවාර්යයෙන්  නිරවුල් මනසක් තිබියම යුතුයි.  එහෙම නැත්නම් ඔයා මොන තරම් පාඩම් කරත් ඔයාට ඒ කරුණු මතකයේ තබා ගන්න අමාරු වෙනවා.  පාඩම් කරන්න කලින් විනාඩි  පහක් විතර භාවනාවක් කරලා හිත නිදහස් කර ගන්න.  හවස් කාලෙදි වගේ පාඩම් කරනවා නම් ඔබට පුළුවන් එළියෙ නිස්කලංක තැනකට ගිහින්  පාඩම් කරන්න. ඉතින් එහෙනම් මනස නිදහස් කරගෙන  පාඩම් කටයුතු වල නිරත වෙන්න  උත්සාහ කරන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here