ඔබත් වධක භාර්යාවක්ද ?

0
7759
angry_wife

මෙලොව සෑම ගැහැනියක්ම දිනක බිරිදක් ලෙසින් පතිකුලයට පිවිසෙන අතර  අප සමාජයේ  නොයෙක් ආකාරයේ බිරින්දෑවරැන්  ජීවත් ව සිටී.  ඒ අනුව සාර්ථක ගෘහ ජීවිතයක පැවැත්ම රදා ගැනීම සඳහා භාර්යාවකගේ හැසිරීම හා ගති පැවතුම් පිළිබඳව බුදුන් වහන්සේ පවා නොයෙක් අවස්ථාවන් වලදී දේශනා කොට ඇති අතර  භාර්යාව පිළිබඳ වෙන් වෙන් ලෙස හදුනා ගැනීමට  සත්තභරියා සූත්‍රය දේශනා කොට වදාළහ. ඒ අනුව බුදුන් වහන්සේට අනුව  බිරිදක් වන ඔබ මෙම බිරින්දෑවරැන් සත් දෙනා අතරින් කුමන ආකාරයේ බිරිඳක් ද යන්න ඔබටම මෙම ලිපිය කියවීමෙන් පසුව වටහා ගත හැකිය.

වධක භාර්යාව

මෙම භාර්යාවන් තම සැමියාට  හිතානුකම්පිත නොවන අතර ඉතා  දුෂ්ඨ ගති පැවතුම් ඇතිව ක්‍රියා කරනු ලබයි. නිතර නිතර ද්වේශ සහගත ක්‍රියා කිරීම මගින් සිය සැමියාට හිරිහැර  හා කරදර කිරීමට පෙළඹෙති. සැමියා ඉක්මවා කටයුතු කිරීම හා පර පුරුෂයන් කෙරෙහි ඇලීම වධක භාර්යාවක් සතු ලක්ෂණ වේ.

චෞර භාර්යාව 

සිය සැමියා  දුක් මහන්සියෙන් උපයන ධනය අල්පයක් හෝ සැමියාට හොරෙන්  තමා සතු කර ගැනීමට උත්සාහ දරන මෙවන් බිරින්දෑවන්  ගේදොර අවශ්‍යතා හා දරුවන්ගේ අවශ්‍යතා නිසි පරිදි ඉටු කිරීමට  අපොහොසත් වෙති.

ආර්ය්‍යා භාර්යාව 

මෙවැනි භාර්යාවන් ඉතා රළු හා සැඩ  ගති වලින් යුත් වන අතර නිතරම සියලු කටයුතු වලදී නොරිස්සුන ස්වභාවයකින් කටයුතු කරයි. එමෙන්ම ඉතා අලස ගති පැවතුම් ඇතිව තම සැමියා  යටත් කොට ගෙන සිටීමට නිතර කටයුතු කරයි.

මාතු භාර්යාව 

මෙවැනි භාර්යාවන් නිතරම තම සැමියාගේ යහපත වෙනුවෙන් කටයුතු කරයි. මවක් තම දරුවන් රකිනා සේ  සිය සැමියාව රැක ගැනීමට නිතර කටයුතු කරන අතර  තම සැමියා උපයන ධනය පවා රැක ගනිමින් හිතානුකම්පිත ලෙස කටයුතු කරයි.

භගිනි භාර්යාව 

මෙම බිරින්දෑවන් සිය සැමියා කෙරෙහි මහත් ගෞරවයෙන් කටයුතු කරනු ලබයි. ලැජ්ජා සිත් ඇතිව සැමියා ඉදිරියේහි තැන්පත් ලෙස කටයුතු කිරීමට නිතර වග බලන මෙම භාර්යාවන්  සිය ස්වාමියා අනුව යමින් ඔහුගේ මඟ පෙන්වීම අනුව කටයුතු කරනු ලබයි.

සඛී භාර්යාව

සිය සැමියාට මිතුරියක්  ලෙසින්  කුළුපගව කටයුතු කරන මෙම බිරින්දෑවරැන්  කුල සපන් ඇතිව ඉතා දැහැමි ලෙස හා සිල්වත් ලෙස තම පවුල තුල කටයුතු මනාව ඉටු කරන අතර පතිවත  රැක ගනිමින් සිය සැමියා වෙනුවෙන්ම ජීවිතය කැප කොට කටයුතු කරනු ලබයි.

දාසි භාර්යාව 

සිය සැමියාගෙන් කොතෙක් අකටයුතුකම් සිදු වුවද ඔහුට සමා දෙමින්  කටයුතු කරනු ලබයි. ඉතා ඉවසීමෙන් හා දුර දක්නා නුවණින් කටයුතු කරන මෙම භාර්යාවන්  ස්වාමියාගේ සියලු ඕනෑ එපාකම් සොයා බලමින් දාසියක ලෙස සැමියා වෙනුවෙන් කැප වේ.

මෙලෙස ලොව සිටින සියලු භාර්යාවන් වර්ග කර පෙන්වූ බුදුන් වහන්සේ   වදාළේ  අප සමාජයේ  ප්‍රගමනයට හා සමාජ සදාචාරයට  බිරිඳකගෙන් වන සේවය ඉතා උතුම් බවය.
එමෙන්ම ඔබත්  මාතු, භගිනි , සඛී , දාසි භාර්යාවන් මෙන් සිය පවුල, සැමියා වෙනුවෙන් කැප වෙන දුර්ගුණ ගති පැවතුම් වලින් තොර බිරිඳක් වීමට අධිටන් කර ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here