එළුවන් බලාගෙන අධ්‍යාපන ඇමති වූ “ නජාට් ”

education_minister_najad

සිහින සහ අපේක්ෂාවන් වත්මන් තත්වය මත හෝ විවිධ බාධක මත පදනම්ව බැඳ තබාගන්න සිදුවීම සාමාන්‍ය දෙයකි.එහෙත් චිත්ත ශක්තිය සහ අධිෂ්ඨානය ඇතිවිට කෙනෙකුගේ හැකියාවන් අසීමිතය.එයට වත්මන් සමාජයෙන් දක්නට ලැබෙන කදිම උදාහරණයකි ඇය.ඇය ප්‍රංශයේ වත්මන් අධ්‍යාපන අමාත්‍යවරිය යි.මේ ඇගේ කතාවයි.

නමින් ඇය නජාට් බෙලාකෙම්.සහෝදර සහෝදරියන් සත් දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නා වූ ඇය ඉපදෙන්නේ 1977 වසරේ මොරොක්කෝවේ ගැමි ප්‍රදේශයක් වූ බ්නි චිකර් හි නේදෝර් ගම අසල ය.1982 වසරේදී ඇය සිය පියාගේ උපකාරයට ඇමියන් තදාසන්න ප්‍රදේශය බලා පවුලේ අය  සමඟ පිටත් වුවා. එහිදී ඇගේ දින චර්යාව වුයේ එළුවන්  බලාගැනීම,ඔවුන්ට ආහාර සැපයීම සහ වතුර සැපයීම. වෘත්තියෙන් ඇගේ පියා පෙදරේරුවෙක්.
najad “කෙනෙක්ගේ උපන් රට,අසල්වැසියන් සහ පවුලේ අනෙක් අය දාල දන්නේ නැති රටකට ගිහින් ජිවත් වෙන්න සිදුවෙන එක දරාගන්න අමාරුම දෙයක්.ඒත් මගේ තාත්තා ඒක කොහොමහරි දරාගත්තා,ඒ ඔහුගේ අධිෂ්ඨානය සහ අපට තිබූ සෙනෙහස නිසා.” නජාට් ඇගේ පියා ගැන පවසන්නේ එලෙසයි.නජාට් සහ ඇගේ පවුලේ අනෙක් සොහොයුරියන්ට වයස අවුරුදු 18 සම්පුර්ණ වනතුරු අසීමිත ලෙස යහළුවන් ඇසුරු කිරීම් සහ රාත්‍රී සමාජශාලා වෙත යාම පවා ඇගේ පියා තහනම් කර තිබුනා.

ප්‍රංශයට සංක්‍රමණය වීමත් සමඟ  ප්‍රංශ බස පාසලේ ප්‍රථම වසරේදී ම චතුර ලෙස හැසිරවීමට ඉගෙනගන්නා ඇගේ කුඩා කල සිටම ඈ තුල දේශපාලනයට තුබූ ඇල්ම දිනෙන් දින වර්ධනය වෙන්න පටන් ගත්තා.2002 වසරේදී ඇය පැරිස් දේශපාලන විද්‍යා අධ්‍යයනය ආයතනයෙන් උපාධිය ලබාගන්නා අතර ඇගේ ආදරය ත් ඇය සොයාගන්නේ එතැනදී.ඒ බොරිස් වොලෝඩ්.පෙම්වතුන් වන මේ දෙදෙනා 2005 වසරේදී අතිනත ගැනීමට තීරණය කරනවා.

නජාට් ගේ සොයුරියක වන ෆාතියා වර්තමානයේ පැරිස් හි නිතිඥවරියක ලෙස කටයුතු කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්ද අසාධාරණයට එරෙහිව ද සටන් කිරීම උදෙසා 2002 වසරේ දී සමාජවාදී පක්ෂයට සම්බන්ධ වන ඇය ඉන්පසු 2003 වසරේදී ලියොන් නගරාධිපති ජෙරාඩ් කොලොම්බ් කණ්ඩායමට එක්වන අතර ඉන් නොනැවතී මාන අයිතීන්,වෘතිමය අයිතිය සහ නිවාස අයිතිය වෙනුවෙන් ජනයා නැඟී සිටීමේ ලා මහඟු මෙහෙවරක් ඉටුකරනවා.2004 වසරේදී රෝන් අල්පෙස් කලාපීය කවුන්සිලයට තේරී පත්වන ඇය එහි සංස්කෘතික කොමිසමෙහි මුලසුන හොබවන අතර 2008 වසරේදී ඉන් ඉල්ලා අස් වනවා.සමාජවාදී පක්ෂය සඳහා උපදේශක තනතුරට 2005 වසරේදී පත්වන ඇය 2005 සහ 2006 වසරවලදී  සංස්කෘතික වැඩසටහනක් වූ සෙස්ටෝට් වූ ඕන ටෙලි ලියොන් හි තීරු රචකයකු ලෙසද කටයුතු කරනවා.

2008 වසරේදී ඇය රෝන් කොට්ටාශයේ කන්සිලියර්  ජෙනරාල් මැතිවරණයේ සමාජවාදී පක්ෂය යටතේ තරග වැද දෙවන වටයෙන් 58.52% ක මනාප ප්‍රමාණයක් ලබාගන්නා අතර 2012 මැයි 16 වනදා නජාට් ප්‍රංශ ජනපති ෆ්රන්සුවා හොලන්දේ කැබිනට් මණ්ඩලයේ කාන්තා අයිතීන් පිලිබඳ අමාත්‍යවරිය ලෙසත් රාජ්‍ය ප්‍රකාශකයකු ලෙසත් තේරී පත්වන ඇය 2014 අගෝස්තු 15 වැනිදා ප්‍රංශයේ ලාබාලතම අමාත්‍යවරිය  (වයස අවුරුදු 36 දී ) මෙන්ම ප්‍රථම අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යවරිය ලෙස වාර්තා තබමින් ම  ප්‍රංශ කැබිනට් මණ්ඩලය තුල සිය තනතුර භාරගන්නවා.සංක්‍රමණික මුස්ලිම් දිළිඳු දැරියක්  අවසානයේ රාජ්‍ය උසස් තනතුරක් හෙබවීම දක්වා වූ ඇගේ ගමන මල්,මීපැණි වලින් පිරුණු ගමනක් නොවූවාට කිසිදු සැකයක් නැත.ඔබේ අරමුණ,අපේක්ෂාවට ලඟා වීමට දිළිඳුකම,සම්ප්‍රදාය සහ කාන්තාවක වීම කිසිදු බාධාවක් නොවන බව නජාට් පෙන්වා  හමාරය.අරමුණට වැඩ කරන්නේ නම් ඔබට ජයග්‍රහණය ඇත්තේ පෙනෙන මානයේ ය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here