කාන්තාවක් වුනත් ඔබ පාරිභෝගිකයෙක්

customer_relation_woman

මේ අවුරුදු  දවස්වල අවශ්‍ය කලමනා වගේම තෑගි බෝග මිළට ගන්න නගරයේ ඇවිදින ඔබට ඒවා මිළට ගැනීමේදී පාරිභෝගිකයෙක් විදිහට තිබෙන අයිතීන් ගැන දැන ගැනීම ඉතාම වැදගත් වෙනවා. දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියන්නා සේ කාන්තාවක් වුනත් පාරිභෝගිකයෙක් විදිහට ඔබට තිබෙන අයිතීන් ගැන දැනගැනීම ඉතාම වටිනවා.

ආරක්ෂාව සලසා ගැනීම – The right to safty

වෙළඳපොළෛන් මිළට ගන්නා දේ පිලිබඳව ආරක්ෂාව සලසා ගැනීමමට පූර්ණ අයිතියක් ඔබට තිබෙනවා. ව්‍යවසායකයින් මේ උත්සව කාලයේදි ඔවුන්ගේ ලාභ උපරිම කර ගැනීමේ කටයුතු වෙනුවෙන් යොමු වෙන විට ඔබත් ඒ අතර තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට දැනගත යුතුයි. ද්‍රව්‍ය මිළට ගැනීමේදී කල් ඉකුත් වීම, ගුණාත්මක බව ගැන දැනගැනීමට අයිතියක් තිබෙනවා. මේ වේලාවට ව්‍යාපාරිකයන්ගේ මුහුණු ඇඹුල් වුනත් ඒ එබේ අයිතිය නිසා ඒ ගැන කළබල නොවෙන්න. බොහොම සීරුවට තමන්ගේ දැණුවත් බවෙන් මේ තෝරා ගැනීම් වෙත යොමු වෙන්න.

තොරතුරු දැන ගැනීම – Right to be informed

පාරිභෝගිකයන්ට තොරතුරු ලබා දෙන්න ව්‍යවසායකයින් බොහොම මැලි බව ඇත්ත. ඒත් මේ වෙනුවෙන් ඔබට අයිතියක් තිබෙනවා. එක් අවස්ථාවක කාන්තාවක් හාල්මැස්සන් මිලට ගැනීමට ගිය කාන්තාවක් මේ හාල්මැස්සෝ මන්නාරම්ද…? ඇසූ විට ව්‍යවසායකයා පිලිතුරු දුන්නේ හාල්මැස්සන් කියන්න දන්නවා…උප්පැන්න සහතිකේ නම් බැලුවේ නැහැ…යනුවෙන් ඉතාම  උපහාසාත්මකය. මෙවන් අවස්ථාවන්හිදී කාන්තාවක් විදිහට ඔබ අපහසුතාවයට පත් වුනත් ඔබේ අයිතියක්. නිෂ්පාදන වෙනුවෙන් වූ අනන්‍යතාවයන් තිබෙනවා. ඒ වගේම ගුනාත්මක බවක් තිබෙනවා. මේ ගැන තොරතුරු දැන ගැනීමේ අයිතියක් ඔබට තිබෙන බව අමතක නොකරන්න.

තෝරා ගැනීමේ අයිතිය – The right to choose

උත්සව කාලයේ අවශ්‍ය දේ මිළට ගැනීමට ගිය විට ඔබට ඔබේ අවශ්‍යතාවය අනුව තෝරා ගැනීමේ අයිතිය තිබෙනවා. අද සුපිරි වෙළඳසැල් වෙතින් මේ අයිතිය තිබුනත් තවමත් බොහෝ ව්‍යාපාරික ස්ථානයන්හි ඒ අන්දමට ස්වයංතෝරා ගැනීමක් වෙනුවෙන් අවස්ථාවක් නැහැ. වෙළඳආයතනයේ සේවකයන් මේ අවස්ථාවන්හි දක්වන ප්‍රතිචාරයත් එතරම් යහපත් නැහැ. ඔබ තෝරාගැනීම වෙනුවෙන් යම් දෙයක් තෝරා නැවත වෙනත් දෙයක් ඉල්ලා සිටි විට ඔවුන් කියන්නේ ” කොච්චරක් ගන්නද….? ඔබේ පිලිතුර එකක්…දෙකක් යැයි කී විට මං හිතුවා කඩේම ගන්න තෝරන්නේ…මේ අන්දමේ උපහාසාත්මක වචන වලින් ඔබ පසුබට විය යුතු නැහැ. ඇත්තටම ඔබ යමක් මිළට ගන්නේ ඔබේ අවශ්‍යතාවය නිසාය. ඔබ සාධාරණ අන්දමින් උපයා ගත මුදලින්ය. එයින් ඔබ්බට කතා කිරීමට දෙයක් ඔවුන්ට අවශ්‍ය නැත.මේ නිසා පාරිභෝගිකයෙක් වුනත් ඔබ කාන්තාවකි. ඒ නිසා ඔබට තිබෙන සීමාවන් තුළ නිසි ප්‍රයෝජනය ලබා ගැනීමට නම් පාරිභෝගික අයිතීන් දැන හඳුනාගෙන සිටීම ඉතා වැදගත්.

ඔබේ මිළදී ගැනීම් වෙනුවෙන් සුරක්ෂිත සහතිකය

බොහෝ මිළදී ගැනීමේ වෙනුවෙන් සුරක්ෂිත සහතික ලැබෙන අතර කලබලකාරී පරිසරයක වුනත් ඒවා ලබා ගැනීමට අමතක නොකරන්න. එම සහතිකය නිසා අදාල කාලයේදී එහි සිදු වෙන යම් යම් අලුත්වැඩියාකිරීම් සහ වෙනත් කටයුතු වෙනුවෙන් ආයතනික බැඳිමක් ඇත. මෙම සහතික ඉල්ලා සිටීමේ අයිතිය පාරිභෝගික වනිතාවක් ලෙසින් ඔබ සතුව ඇති අයිතියකි.

ඇඳුම් තෝරා ගැනීමේදී සෑහීමකින් සහ තෘප්තියෙන් යුක්තව අවසාන තීරණය ගන්න

බොහෝ අවස්ථාවලදී ඇඳුම තෝරා ගෙන නිවසට පැමිණ සාකච්ඡා මණ්ඩපයෙන් පසුව ඒ ගැන විවිධ කතා බහ ගොඩ නැගුන විට නැවත ඒවා මාරු කිරීමට ඔබ යොමු වෙනු ඇත. සාමාන්‍ය දිනක මෙන් නොව උත්සව කාලයේද මේ තත්වය ඉතා අපහසුය. අද බොහෝ දෙනා ඇඳුම් තමාට සරිලනවාදැයි බලා මිළට ගත්තද , පසුව එයින් සෑහීමට පත් නොවේ. අද මෙන් ෆිටෝන් කාමර නොතිබුන කාලයක පවා බොහෝ දෙනා තමාටම ගැලපෙන සේ ඇ ුම් තෝරා ගැනීමට ඉණ, කොලරය වැනි ප්‍රමාණයන් පාදක කර ගෙන ඇත. අදටත් මේ අන්දමින් ඔබේ හෝ තෑගි ලබා දෙන්නාගේ ඉණ, කොළරය ගැන දැන ගෙන ඒ අනුව තෝරා ගැනීමට යොමු වෙනන්. එවිට ෆිටෝන් කාමරයේ ඇති වෙන තදබදයෙන් ඔබ නොදැනම මිදෙනු ඇත.

බිල්පතක් ඉල්ලා ගන්න

මොනතරම් සෙනග කන්දරාවක් සිටියත් ඔබේ මිළදී ගැනීම වෙනුවෙන් බිල්පතක් ඉල්ලා සිටීමේ අයිතිය ඔබට ඇත. යම් අවස්ථාවක බිල්පතේ මිළ, ලබා දුන් ඉතුරු , ආදිය ගැන කරුණු කාරණාවන් ඉදිරිපත් කිරීමට ඔබ සතුව ඇති එකම සහතිකය මෙයයි. මේ නිසා කලබලයට බිල්පත ඉල්ලා ගන්න බැරි වුනා…මං බිල්පත විසි කලා…වැනි කරැණකට ඉඩ තැබිය යුතු නැත. කිසියම් ප්‍රමාදයක්, මිළට ගත් භාණ්ඩයේ හෝ නිෂ්පාදනයේ  අඩුවක් ඇතොත් ඒ ගැන කරන කටයුතු වෙනුවෙන් ඔවුන් මුලින්ම ඉල්ලා සිටින්නේ බිල්පතය. බිල්පත නොමැතිව කිසිම සහනයක් ලබා ගැනීමට හැකියාවක් ඔබට නොමැත.

කාටද කියන්නේ…

පාරිභෝගික කාන්තාවක් ලෙසින් යම් අපහසුතාවයක් හෝ වෙනත් අක්‍රමිකතාවයක් සිදු වූ විට ඒ ගැන 1935 ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික පැමිණිලි අධිකාරියට පැමිණිලි කළ හැක.

මේ සියළු දේ ඇත්ත වුනත් ඔබේ පාර්ශවයෙන්ද ව්‍යවසායකයින්ට සහයෝගයක් ඇති වෙන පරිදි උත්සව සමයට සූදානම් වීම ඉතාම වැදගත්ය. ඔවුන්ද උත්සව සමයේ ඉතා කාර්යබහුල පුද්ලයන් වේ. ඔවුන්ට සිටින එකම ගනුදෙණුකරුවා ඔබ පමණක් නොවේ. මේ නිසා ඔබේ අවශ්‍යතාවයන් ගැන සැලසුමක් පිළියෙල කරගෙන ගමන ආරම්භ කරන්න. සාරි, ගවුම් , පාවහන් ආදි අවශ්‍යතාවයන් සහ එහි සංඛ්‍යාත්මක අගයන් පිලිබඳව පූර්ව සැලසුමකින් කටයුතු ගොඩ නගන්න.

මුදල් ගෙවන විටත් ත්මුදලින්ද, එසේත් නැත්නම් ඩෙබිට්/ ක්‍රෙඩිට් යන විකල්ප අතරින් ඔබ මුදල් ගෙවන ආකාරය ගැනත් මුලින්ම තීරණය කරන්න. එසේ නොමැතිව බිල දමා අවසානයේ අත්මුදල් ගෙන නැවත නෑ..නෑ..කාඩ් එකෙන්…වැනි විවිධ තීරණ විටින් විට නොගන්න.

ඔබේ ආරක්ෂාව ඔබම සලසා ගන්න. උත්සව සමයේදී විවිධාකාර ගැට කපන්නන්ගෙන් ආයතන පැිශ්‍රයන් පිරී පවතින නිසා ඔබේ මුදල් ගැන ආරක්ෂාව සලසා ගන්න. හදිසියේවත් මුදල් අස්ථානගත වුනොත් එහි ආර්ථික අපහසුතාවය ඔබට දැනෙන අතර අදාල ව්‍යාපාරික ස්ථානයේ කීර්තිනාමයටත් එය කැලැලක් වෙනු ඇත.

අහවල් ආයතනයේ හරියට හොරු ඉන්නවා…හැමදාම සල්ල නැති වෙනවා…මේ සංකල්පය ඔවුන්ගේ ආයතනයට එතරම් සුබවාදී නැත. මේ නිසා ඔබේ ආරක්ෂාව ඔබම සලසා ගැනීමටත් මේ උත්සව කාලයේදී තරයේ මතක තබා ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here