ජිවිතේ අමාරු කාලවලදී දිනන්නේ කොහොමද?

Sathya_Wijewardhana_Womanly_2017_04_002

අපේ ජීවිතය තුල හැමදේම බලාපොරොත්තුවෙන්න අපට බැහැ.සමහර අවස්ථා වලදී අපට අප හිතන දේ නොලැබෙන්නත් නොහිතන දේ ලැබෙන්නත් පුළුවන්.අපේ ජිවිතයේ හැමදේම සමබර ව ගෙනයාමයි හපන්කම විය යුත්තේ.අමාරු කාල අප කාටත් එනවා.ඇතිවෙනවා…නැතිවෙනවා…එහෙත් නැතිවෙන සහ නැතිවුණ දේ ගැන වැළපීමෙන් කිසිදු පලක් නැති බවත් කැපවීමෙන් සහ උත්සාහයෙන් අරමුණු කරා යාම ට හුරුවීමත් අප ජිවිතයේ හඳුනාගත යුතු ලක්ෂණ දෙකක්….හිතන්න….මේ සුළු දේවල් යැයි ඔබට පෙනේවි…එහෙත් ඔබේ ජිවිතයේ කොතනකදී හෝ ඔබට වරදින්න ට ඇති….එහෙම වෙලාවලදී ඔබ මොකද කලේ?….හිතන්න ආයිත් වැරද්දක් නොවෙන්නම….

ඉර හඳ පායන ලෝකේ….
ආලෝකය අතරේ…..
සැප දුක සමබර වේ….
මේ ජිවන කතරේ..මේ ජිවන කතරේ…
සැප දුක සමබර වේ…..

හැමවිටම මාර්ගය මේකමයි කියලා හිතන්න එපා

මගෙත් මන්ත්‍රය මේකයි.මගෙත් අමාරු කාලවලදී මමත් හිතුවේ මේ විධියටයි.වෙනසක් වෙන්න මුලදී අපි කාටත් අමාරුයි.නමුත් ලෝකයේ අපට වෙනස් කල නොහැකි එකම දෙයත් වෙනස්වීම ම තමයි.ඒ නිසා ජිවිතයට යහපත් වෙනසක් ඇතිකරගන්න හැමවිටම උත්සාහ ගන්න.පුරුදු වෙන්න.හැමදෙයකටම මෙහෙමයි වෙන්න ඕනේ කියල නියතයක් නැහැ.ඇතැම් අවස්ථා අපට ගිලිහුනත් අනාගතයේ ලැබෙන අවස්ථා වඩා වටිනා ඒවා විය හැකියි.ඒ වගේම හොඳ අවස්ථා ගිලිහිලා නිෂ්ඵල අවස්ථා ලැබී තියෙන්නත් පුළුවනි.එහෙත් ජීවිතය ගලාගෙන යන නිසා අපට වඩා හොඳ අවස්ථා වලට යන්න තව මාර්ග විවර වෙන්න පුළුවන්.අවශ්‍ය වන්නේ දැනුම සහ කැපවීම යි.ඉතින් අද ඉඳන් පටන්ගන්න..අලුත් දේව හදාරන්න…ඉගෙනගන්න……

වුන දේවල් වලින්  පාඩම්  ඉගෙනගන්න

අද කරනා අරගලය හෙට දවසේ යහපතක් උදාකරනු ඇත.මම මෙය විශ්වාස කරනවා.මොකද ප්‍රශ්න ඇතිවුන සහ ඇතිවෙන හැම වෙලාවකදීම මම මගෙන් ප්‍රශ්න කළා,”ඇයි මටම මෙහෙම වෙන්නේ?” කියලා. “ඇයි මේ දේවල් වෙන්නේ?”මම මොනවද කලේ මට මෙහෙම වෙන්න?මට දැනුනා මම මා විසින් අවතක්සේරු කරගන්නවා කියල.අපට ජිවිතයේ හැමදෙයක්ම සාර්ථක කරගන්න බැරි බව…
එහෙම වුනා කියල අපි අපිටම බැනගෙන අනික් අයට බැනල කරන දේවලින් කිසිදු පලක් නැහැ.ඒ වගේම අඩුපාඩු වෙන්නේ මිනිස්සු අතින්…ඒවා හදාගන්න ඕනෙත් එයාලාමයි.ඉතින් අපෙන් වෙන වැරදි,අපට නොලැබුණු දේ වලින්  අපටම ශක්තියක් ඇතිකරගන්න පුළුවන්.එයට අවශ්‍ය වන්නේ ඉවසීම,කාලය සහ ශක්තිය…..තමන්ගේ වැරදි හඳුනාගන්න ඇත්තටම අමාරුයි.හැබැයි පරිස්සම් වුනොත්,සැලකිල්ලෙන් හිටියොත් එය එතරම් අපහසු නැතිවේවි.

වැඩිවන ආශා මැඩලන වේගේ…
වැඩිවන ආශා මැඩලන වේගේ..
ජිවන මඟ කැළඹේ….
ඒකම රසමුසු වේ….
මහ මඩ වගුරේ වනවිල් මතුවේ..
මහ මඩ වගුරේ වනවිල් මතුවේ…
පියුම් පිපී නැටවේ….

උදවු ඉල්ලන්න

මේ කාරණයේදී ඔබට විශ්වාසවන්ත,උදවුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් සහ අවංක අයෙක් හමුවිය යුතුයි.එහෙම පුද්ගලයන් ලෙස මා දකින්නේ අම්මා සහ තාත්තා….ඕනෙම ප්‍රශ්නයක් ඔවුන්ට කියන්න….අන් කවරකුටත් වඩා විශ්වාසවන්තව ලස්සනට ඔබේ ගැටලුව විසඳා දී ඔබව ඔවුන් ශක්තිමත් කරාවි.අපට තනිව ම සමාජයේ ජිවත් වෙන්න බැහැ.අන්‍යයන් හා සම්බන්ධතා ගොඩනඟා ගැනීම ත් අත්‍යවශ්‍යයි.එහෙත් අම්මා තාත්තා කියන බැඳීම කෙතරම් සමාජ සම්බන්ධතා තිබුනත් නැතිවෙන,නැතිකරන්න නොහැකි ශක්තිමත් බැඳීම්.ඔබේ ජිවිතයේ ඔවුන් ඔබට කරන ආදරය ගෞරවය වෙන කිසිවකුගෙන් හෝ ඔබට ලැබෙන්නේ නැහැ.දෙමව්පියන් නැති අයකු නම් ඔබට පුළුවන් අවංක සහ ඔබට විශ්වාසය තැබිය හැකි අයකුට ඔබේ ගැටළු කියන්න.හිතෙන් විඳවන්න එපා.පසු කාලීනව ඔබව ඩිප්‍රෙස් වෙන්නත් පුළුවනි.

සමාව දෙන්න. සමාව ගන්න පසුබට වෙන්න එපා

“දුර්වලයාට කිසිවිටෙක සමාව දිය නොහැකියි… සමාව දීම ශක්තිවන්තයාගේ  ලක්ෂණයකි.”

මහත්මා ගාන්ධි වරක් එලෙස ප්‍රකාශ කර තිබෙනවා.සමාව දීම මෙන්ම වරදක් වූ විට සමාව ගැනීම ද වැදගත් දෙයක්.හැබැයි එතැනදී සමාව ගෙන නැවත වැරදි කිරීම තුල ඔබේ ආයාචනයට ලැබෙන වටිනාකමක් නැහැ.නැවත වරදක් සිදුනොවන ලෙස හැසිරීම සහ වැඩ කිරීමයි ඔබ කල යුත්තේ.සමාව දීම තුල අනෙකාගේ වරද පිළිගැනීම ක් සිදුවන්නේ නැහැ.එතැනදී සිදුවන්නේ අනෙකාට ඔවුන් වරදක් කර තිබේ යැයි තේරුම් යාමයි.

මිනිසාට ඇති හොඳම මිතුරා බුද්ධිය යි. බුද්ධිමත් වීම තුල ඔබ යහපත් වනු ඇති.

වර්තමානයේ ජීවත් වෙන්න

හෙට වෙන්නේ මොකක්ද? මොනවා වෙයිද? අනාගතය කොහොම වෙයිද කියල හිතලා කිසිම පලක් නැහැ.හැබැයි අනාගතය වෙනුවෙන් ව්ර්තමනයේදී කැපවුනොත් ඔබේ අනාගතය ඔබටම කියන්න පුළුවනි.ඒ නිසා මේ මොහොතේ ජිවත් වෙන්න…අනාගතය වෙනුවෙන් කලහැකි ආයෝජනය වර්තමානයේදී ම කරන්න…හෙට ට කල් නොදමන්න…. ඔබ ඉබේම ඔබ තුල ඇති අරමුණු කරා ගමන් කරාවි

සිනහවෙන්න.. ආදරය කරන්න.. සතුටෙන් ඉන්න..

සතුට කියන්න හරිම පුදුම දෙයක්.විද්‍යාත්මකව වුනත් කෙනෙකුගේ යහපැවැත්මට සතුට සහ සිනහව හුඟක් වැදගත් වෙනවා.ඇතැම් අය සිය ගැටළු සහ සිත් වේදනා අවම කරගන්න සිනහව සහ හාස්‍යය කියන දේවල් පාවිච්චි කරනවා.එය ඉතාම හොඳ දෙයක්.

ආයාසයෙන් සිනහ වෙන්න එපා…ආයාසයෙන් සතුට පෙන්වන්න එපා.ඇත්ත.ප්‍රශ්න තියෙද්දී කොහොමද සතුටින් ඉන්නේ?

එහෙත් මතක තියාගන්න..ඔබ දුකෙන් ඉන්න තරමට ඔබේ ශක්තිය කායිකව මෙන්ම මානසිකවද අඩුවන බව.ඒ නිසා මුලින්ම ප්‍රශ්නයට එරෙහිව ඔබ හිතන්න…කොහොමහරි මම වැටෙන්නේ නැහැ.නැඟිටිනවමයි.කොහොමටවත් කාටවත් මාව වට්ටන්නත් බෑ.ප්‍රශ්නයට මම බයවෙන්නේ නෑ…ප්‍රශ්නය මට බය කරගන්නවා…

අභියෝග එනවා ජිවිතයට…ඒවාට බයවෙන්න එපා..කවුරු මොනවා කිව්වත් තැවෙන්න වැටෙන්න එපා…එයයි ඔබේ හපන්කම…ශක්තිය

“හොඳ ඔලුවක් සහ හොඳ හදවතක් හැමවිටම පැරදිය  නොහැකි සබඳතාවයකි ” 
– නෙල්සන් මැන්ඩෙලා –

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here