නිරෝගී ආහාරවේලකට ඔබ දැනගත යුතුම tips ටිකක්

eating_healthy_foods

නිරෝගී ආහාර වේලක් ගැන හරිහැටි අවබෝධ කරගන්න, කතාකරන්න අද අපට බැරි වෙලා තියෙන්නේ ආහාර ගැන එකිනෙකට පටහැනි තොරතුරු ගොඩකින් හරි තොරතුරු තෝරා බේරා ගන්න අපට සිදුවෙලා තිබෙන නිසයි.නිදන්ගත් රෝග මෙන්ම වෙනත් රෝග වලින්ද වැලකි සිටීමට සෞඛ්‍යවත් ආහාර පිළියෙළ කිරීම යනු ගෘහණියක් විධියට ඔබ ගන්නා ඉතාම නිවැරදි තීරණයක්.නැවුම් අමුද්‍රව්‍ය,එළවලු සහ පලතුරු මෙන්ම නිසි ප්‍රමාණයෙන් කුළුබඩු යොදාගැනීමෙන් මේ නිරෝගී ආහාර වේලක් සකසා ගන්න ඔබට ලැබෙන හැකියාව හුඟක් වැඩියි.

වැඩිපුර පලතුරු එකතු කරන්න

නැවුම් පලතුරු වලින් විවිධ ආහාර සකසා ගැනීම එක ටිප් එකක්.මෙහිදී අපේ ගෘහණියන් කරන වැරද්දක් තිබෙනවා.එනම් පලතුරු සලාදයක් හදද්දී හෝ ජූස් එකක් හදද්දී හෝ ඔබ එයට සීනි එකතු කරන එක.පලතුරු වල ස්වභාවයෙන්ම සීනි අඩංගු වෙනවා.ඒවායේ අඩංගු සීනි ප්‍රමාණය කිසිසේත්ම ඔබේ සිරුරට අහිතකර නැහැ.ඒවගේම ඒවායේ සීනි අඩංගු වෙන්නේ සුක්‍රෝස් ලෙසින්.හුඟක් පැණි රස නොමැති වුවත් ඒ සීනි ප්‍රමාණය ඔබේ සිරුරට හොඳටම ඇති.ඒ නිසා සීනි එකතු කරන්න නම් එපා.ඔබට පුළුවන් නම් පලතුරු සලාදයක් හෝ ජූස් එකක් ඔබේ උදේ ආහාරය ලෙස සකස් කරගන්න….එය ඉතාම හොඳ ක්‍රියාවක්.

උදේම හිස්බඩ පළතුරක් ආහාරයට ගන්න එක සිරුර ශක්තිමත් මෙන්ම නැවුම් කරනවා.එමෙන්ම සිරුරේ පරිවෘතිය ක්‍රියාවලියට ඉන් ලැබෙන්නේ හොඳ පිටිවහලක්.

එළවලු අඩංගු ආහාර වැඩිපුර සකස් කරන්න

පුංචි දරුවන් එහෙම වැඩිය එළවලු කන්න ආස නැහැනේ.කටට රසට සැරට තියෙන මස් මාළු වගේදේවලට තමා හුඟක්ම කැමති නේද? ඒ පුරුදු වෙලා තියෙන හැටි වුනත් අම්මා කෙනෙක්,ගෘහණියක් ලෙස ඔබට පුළුවන් මේ ආකල්පය වෙනස් කරන්න.ඒ එළවලු වල ගුණයත් රැකගෙන රසට එළවලු කෑම හදලා.

එළවලු බටර් වල ගිල්වීම, තෙම්පරාදු කිරීම,විවිධ සත්ව මෙදයන් අඩංගු තෙල් වර්ග එකතු කිරීම ආදියෙන් සිදුවන්නේ අමතර කැලරි සිරුරට එක්වීම මිස පෝෂණයක් ලැබීම නොවෙයි.ඒ තුල ඔබට සෞඛ්‍යවත් ජීවන රටාවකට යාමට නොහැකියි.ඔලිව් ඔයිල් ස්වල්පයක් එකතු කරගනිමින් එළවලු තැම්බීම (steam) හෝ රෝස්ට් හෝ කරන්න හුරුවෙන්න.

ඒවගේම ආහාර පිළියෙළ කිරීමට සූරියකාන්ත තෙල්,ඔලිව් ආදී ශාක තෙල් යොදාගැනීමෙන් ආහාර වල රස වගේම ගුණ ත් වැඩිවනවා.ඒ විතරක් නෙමේ…ඕනෑවට වඩා එළවලු තැම්බීමේදිත් තෙම්පරාදු කිරීමේදීත් එළවලුවල ගුණය නැසී යනවා…එළවලු කපා සේදිමේදීත් එළවලුවල වර්ණක ඉවත් වීමෙන් විටමින් ආදිය ඉවත් විය හැකියි.මේ දේවල් ගැනත් ගෘහණියක ලෙස කල්පනාවට ගන්න.

කුඩා දරුවන් එලවලු කන්න අකමැති නම් ඔබට එළවලු යොදා කට්ලට් හදන්න පුළුවන්…තවද එළවලු යොදා රොටි හදන්න ත් පුළුවන්.සුප් වර්ග හදා දෙන්නත් පුළුවන්.

ප්‍රෝටීන නිසි ප්‍රමාණයෙන් තෝරාගන්න. ඔමේගා 3 මේද අම්ල අඩංගු ප්‍රෝටීන භාවිතයට හුරුවන්න. සැමන් ආදී ඔමේගා 3 අඩංගු ආහාර හෘද මාංශ පෙශින්ගේ මනා ක්‍රියාකාරිත්වයට බොහෝ පිටුවහලක් වනවා. බෝංචි ආදී එළවලු ත් බතට එකතු කරගත්තොත් ඔබට ප්‍රෝටීන් පහසුවෙන් ලබාගන්න හැකියාවක් තියෙනවා. මතක තියාගන්න මස් වුනත් ඔබ ලබාගන්න ඕනේ අත්ල ප්‍රමාණයට අඩු ප්‍රමාණයක් බව.ඒ නිසා පුළුවන් තරම් සරල ආහාර පිළියෙළ කරන්න හුරුවෙන්න.

කිරි ආහාර

කිරි ආහාර වලින් ලැබෙන කැල්සියම් සහ විටමින් වර්ග ද බොහෝ වැදගත් සංඝටක.එහෙත් බොහෝ කිරි ආහාර වලින් සෞඛ්‍යවත් මේද ලැබෙනවා අඩුයි.මේදය රහිත කිරි ආහාර භාවිතා කිරීම තුලින් ආහාර වුවත් පිළියෙළ කරගැනීම බුද්ධිමත් තීරණයක්.

විවිධ රසකාරක අඩංගු චීස් වර්ග ආහාරයකට එක් කරගන්න හිතනවා නම් ඊට කලින් හිතන්න දෙයක් තියෙනවා.ඒ තමයි ස්වභාවික රසකාරක යොදා චීස් අඩුවෙන් යොදාගෙනත් ඔබට ආහාර පිළියෙළ කල හැකියි කියන එක.

  • කැනොලා තෙල්,ඔලිව් තෙල්,සූරියකාන්ත තෙල්,එළවලු තෙල් ආහාරය යොදාගැනීම
  • සලාද වැනි ආහාර වැඩිපුර ගැනීම
  • ගම්මිරිස්,දෙහි ආදිය ආහාරයට ගැනීමට පෙර සලාදයට එකතු කර ගැනීම
  • ආහාරවලට (හොද්දට) ලුණු එකතු කරද්දී ආහාරය පිස අවසානයේ එකතුකිරීමට වගබලා ගැනීම

මේ වගේ පුංචි ටිප්ස් ඇති ඔබට රස වගේම ගුණත් රැකෙන ආකාරයෙන් ආහාර පිසින්න නේද?

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here