Movies වලින් මතුවුණු සැබෑ ජිවිත කතා

girls_watching_movies

ෆිල්ම් එකක්  නැත්නම් චිත්‍රපටයක් කියන්නේ මොකක්ද? කැමරාවකින්  පටිගත කරලා එහි  චලන රූප ආශ්‍රය කරගෙන නිර්මාණය කර සිනමාව හමුවේ ප්‍රදර්ශනය කරන  කතාවක් හෝ සිදුවීමක්….ඇත්තටම වෙච්ච සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කරපු කාගේත්  වචනයෙන් කිව්වොත් “පට්ටම” ෆිල්ම්ස් ටිකක් තමයි මේ. මේ සියල්ලම වගේ සම්මානලාභී විශිෂ්ට චිත්‍රපට ගණයට අයත් වෙන්නෙත් ඒ නිසාමයි…… බලන්න ඔයා මේවගෙන් කීයක් බලල තියෙනවද කියල?

schindler’s list  (1993) 


අධ්‍යක්ෂණය : ස්ටිවන් ස්පිල්බර්ග් (Steven Spielberg)
නිෂ්පාදනය   :ස්ටිවන් ස්පිල්බර්ග් (Steven Spielberg) ,
ජෙරල්ඩ් මොලන් (Gerald R. Molen)
රංගනය : ලියම් නිසම් (Liam Neeson) ,
බෙන් කින්ස්ලි (Ben Kingsley),
ජෝනතම් සාගල් (Jonathan Sagall)
සංගීතය   : ජෝන් විලියම්ස් (John Williams)
ප්‍රදර්ශනය : නොවැම්බර් 30,1993

 

 

ස්ටීවන් ස්පිල්බර්ග් ගේ සම නිෂ්පාදනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුනු මේ ෆිල්ම් එකේ තිර රචනය ස්ටීවන් සලියාන් ගේ.තෝමස් කෙනේලි නම් ඕස්ට්‍රේලියානු නවකතාකරුවාගේ කෘතියක් වන schindler’s ark ආශ්‍රය කරගෙනයි මෙය නිර්මාණය වෙන්නේ.

මෙහි කතානායකයා නමින් ඔස්කා ශින්ඩ්ලර්…ඔස්කා බොහෝ කෑදර,අධි මාන්නයකින් තමන් ගැන තක්සේරු කල එතරම් මානුෂවාදී නොවූ ජර්මානු ව්‍යාපාරිකයෙක්.එහෙත් කාලයත් සමඟ ඔහු මානුෂීය පුද්ගලයකු බවට පත්වන්නේ ඓතිහාසික වෙනසක් ද සිදුකරමින්. දෙවන ලෝක යුධ සමයේදී මිලේච්ඡ නාසි හමුදාවන් හමුවේ  සිය කර්මාන්ත ශාලා යුදෙව්වන් සඳහා  සරණාගත කඳවුරු බවට හැරවූ  ඔහු ඔස්විච් හි වධකාගාරයේ  යුදෙව් සරණාගතයන් 1100 ක් පමණ ගෑස් කාමර වලින්  බේරාගන්නවා.ඔස්කා ගේ ජිවිත කතාව අළලා නිමවුණු මේ ෆිල්ම් එක ප්‍රේක්ෂකයන්ට එකතු කරන්නේ විශාල අත්දැකීමක් මෙන්ම දෙවරක් හිතන්න යමක්.ඇත්තටම සත්‍ය සිදුවීමක් යැයි  විශ්වාස කරන්නත් බැරි වුණත් ෆිල්ම් එක තුල ප්‍රේක්ෂකයාට සිතන්න වෙනවා කෑදර,අවස්ථාවාදී ජර්මානු ව්‍යාපාරිකයෙක් ඔස්විච් සමූල ඝාතනයට නියම වුනු යුදෙව්වන් 1100 ක ප්‍රමාණයක් මුදා ගැනීම කෙතරම් විප්ලවකාරී වෙනසක් ද කියල.ස්ටීවන් ස්පිල්බර්ග් දැනෙන්න ඒ බව කියා තිබීම අපුරුයි.

Movie trailer :

The King’s Speech


අධ්‍යක්ෂණය : ටොම් හූපර් (Tom Hooper)
නිෂ්පාදනය : ඉයන් කැනින් (Iain Canning) ,
එමලි ශර්මන් (Emile Sherman),
ගාරේත් අන්වින් (Gareth Unwin)
තිර පිටපත : ඩේවිඩ් ශෙඊඩ්ලර් (David Seidler)
රංගනය : කොලින් ෆිර්ත් (Colin Firth),
ජෙෆ්රි රශ් (Geoffrey Rush) ,
හෙලේනා කාටර් (Helena Carter) ,
ගායි පියර්ස් (Guy Pearce)
සංගීතය : ඇලෙක්ස්ඇන්ඩර් ඩේස්ප්ලේට් (Alexandre Desplat)
ප්‍රදර්ශනය: සැප්තැම්බර් 06 ,2010

මේ ෆිල්ම් එක 2010 වසරේදී එළිදැක්වුණු ෆිල්ම් එකක්.ටොම් හූපර් අධ්‍යක්ෂණය කල ඩේවිඩ් සිල්ඩර් තිර රචනය කල මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ කොලින් ෆර්ත්….

කිරුළ  හිමි  සයවන ජෝර්ජ්  රජු කෙතරම් බල සම්පන්න වුවත්  එක්තරා දුර්වලකමකින්  පෙළෙනවා. ඒ සන්නිවේදනය කිරීමට  හෙවත් කතාකිරීමට ඇති බාධාවයි. රටක අනාගත සංවර්ධනයට  සිය ස්වාමි පුරුෂයාගේ   මනා සන්නිවේදන හැකියාව සහ පෞරුෂය ඉතා  අවශ්‍ය බව තේරුම් ගන්නා එලිසබෙත් බිසව  ජෝර්ජ් රජුගේ ගොතගැසීමේ කථන බාධාව මඟහරවගන්න එක්තරා පුද්ගලයකු කැඳවනවා.ඔහු ඕස්ට්‍රේලියානු නළුවකු සහ කථන චිකිත්සකයකු වූ ලයනල් ලෝග්. ලෝග් භාවිතා කරන සම්ප්‍රදායික නොවන ක්‍රමවේදයන් මෙන්ම රජු සහ ලෝග් අතර ඇතිවන අසමාන මිත්‍රත්වය තුල අවසානයේදී රාජ්‍යත්වයට අවශ්‍ය වූ මනා සන්නිවේදන හැකියාවෙන් අනූන රජෙකු බිහිකරන්න ලෝග් සමත් වනවා.

Movie trailer :

The Beutiful Mind (2001)


අධ්‍යක්ෂණය : රොන් හොවර්ඩ් (Ron Howard)
රචනය:  අකිව ගොල්ඩ්ස්මන් (Akiva Goldsman),
සිල්වියා නසාර් (Sylvia Nasar) (කෘති රචනය)
රංගනය: රසල් ක්රෝව් (Russell Crowe),
එඩ් හැරිස් (Ed Harris),
ජෙනිෆර් කොනොලිලි (Jennifer Connelly)
සංගීතය : ජේමිස් හෝනර් (James Horner)
ප්‍රදර්ශනය: දෙසැම්බර් 13,2001

 

 

දක්ෂ වූ නමුත් එතරම් සමාජශීලි නොවූ ගණිතඥයෙකු වූ ජෝන් නෑෂ් ගුප්ත ලේඛන සම්බන්ධ රහසිගත වැඩකටයතු භාරගැනීමෙන් පසුව සිය ජිවිතයේ මුහුණ දුන් දුක්ඛිත අත්දැකීම් සමුදායක් අළලා නිර්මාණය වුනු මේ චිත්‍රපටිය ඇති විශිෂ්ට රංගනයෙන් ජිවිතයට දැනෙන්න ප්‍රේක්ෂකයා තුල හැඟීම් උද්දීපනය කරන්න සමත් වනවා. ජෝන් නෑෂ් ගේ න්‍යායන් අදටත් ආර්ථික විද්‍යාවේ පුළුල් ලෙස භාවිතා වනවා. 1994 දී තමන්ට ලැබුණු ආර්ථික විද්‍යාව සම්බන්ධ නොබෙල් ත්‍යාගය රෙයින්හර්ඩ් සෙල්ටෝන් සහ ජෝන් හර්සනියි සමඟ බෙදාගන්නා මේ අපූරු මනස නැවතත් 2015 වසරේදී තමන්ට ලැබුණු ඒබල් ත්‍යාගය ඔහු හා අර්ධ අවකලන සමීකරණ සම්බන්ධ කටයුතු සිදුකල ලුවිස් නිරෙන්බර්ග් සමඟ බෙදාගන්නවා. එවැනි උතුම් ගුණාංග පිරුණු මිනිසකු ඇසුරින් නිර්මාණය වූ මේ චිත්‍රපටිය දෑසට කඳුළු නංවන්න තරම් හැඟීම්බර චිත්‍රපටියක්.

Movie trailer:

12 Years a Slave (2013)


අධ්‍යක්ෂණය: ස්ටීව් මැක් ක්වින් (Steve McQueen)
නිෂ්පාදනය : බ්‍රේඩ් පිට් (Brad Pitt)
තිර පිටපත: ජෝන් රයිඩ්ලි (John Ridley)
රංගනය: චිවෙතල් එජෝයෝෆෝ (Chiwetel Ejiofor) (සොලමන් ලෙස)
සංගීතය  :හාන්ස් සිම්ර් (Hans Zimmer)
ප්‍රදර්ශනය: අගෝස්තු 30 , 2013

පැවැත්ම සහ නිදහස වෙනුවෙන් තනි සටනක නිරත වන එක් මිනිසකුගේ කතාවක් පාදක කොටගෙන නිර්මාණය වුන මේ චිත්‍රපටිය සොලමන් නොර්තප් සිය ජීවිතය ගැන ලියූ 12 Years a Slave කෘතිය ඇසුරින් නිමවූවක් වන අත‍ර කළු ජාතිකයකු විසින් අධ්‍යක්ෂණය මෙන්ම නිෂ්පාදනය කල පළමු චිත්‍රපටය ලෙසත් මෙය සැලකෙනවා.එක්සත් ජනපදයේ ජිවත් වන සොලමන් සිවිල් යුද්ධයට පෙර වකවානුවේදී පැහැරගැනීමට ලක්වන අතර ඔහුව වහල් සේවයට අලෙවි වනවා.වහල් හිමියාගේ පුද්ගලාරෝපිත කෘරත්වයට සහ අනපේක්ෂිත කරුණාවට ද ලක්වන සොලමන් ජිවත් වීමට පමණක් ම නොව සිය ගෞරවය රැකගැනීමට ද අරගල කරනවා.සිය ජිවිතයේ අමතක නොවන ත්‍රාසජනක 12 වන වසරේදී කැනේඩියානු ජාතිකයකු වූ වහල් භාවය අහෝසි කිරීමේ ලා ක්‍රියාකාරියකු හමුවීම ත් සමඟ සිය ජීවිතය වෙනස් වූ කොල්ලකුගේ කතාවයි මේ 12 Years a Slave….

Movie trailer:

Balto (1995)


අධ්‍යක්ෂණය: සීමන් වේල්ස් (Simon Wells)
නිෂ්පාදනය : ස්ටිව් හිකර් (Steve Hickner)
තිර පිටපත : ක්ලිෆ් රුබි සහ එල්නා ලෙස්ර් (Cliff Ruby & Elana Lesser)
සංගීතය : ජේම්ස් හොනර් (James Horner)
ප්‍රදර්ශනය : දෙසැම්බර් 22, 1995

 

 

 

1925 වසරේ ඇලස්කාවේ නෝම් ප්‍රදේශයේ ශිත සෘතුවේදී ළමුන් විශාල ප්‍රමාණයක් ගොදුරු වූ පිටගැස්ම රෝගයට තවදුරටත්දරුවන් ගොදුරු වන්නට ඉඩනොහැර ඔවුන් බේරාගැනීමට අවශ්‍ය වෛද්‍ය ආධාර පතා සැතපුම් 600 ක දුරක් බලු කරත්ත ඇදගෙන ගිය සුනඛයන් කණ්ඩායමක එක් වීරයකු වූ අර්ධයක් වෘක සහ අර්ධයක් හස්කි වර්ගයට අයත් වූ මිනිස් හිතටත් වඩා අපූරු හිතක් ඇති සුනඛයකුගේ සංවේදී කතාවක් තමයි බෝල්ටෝ කියන්නේ…මෙය ඇමෙරිකානු ත්‍රිමාන සජීවිකරණ චිත්‍රපටයක් වූ අතර අධ්‍යක්ෂණය කලේ සයිමන් වේල්ස් විසින්.මෙහි බෝල්ටෝ ගේ හඬ නළු වුයේ කෙවින් බේකෝන් ය.

Movie trailer:

Hachi a Dog’s Tale (2009)


අධ්‍යක්ෂණය: ලෙසි හාල්ස්ටොම් (Lasse Hallström)
නිෂ්පාදනය : රිචඩ් ග්‍රී (Richard Gere)
තිර පිටපත : ස්ටෙපන් ලින්ඩ්සි (Stephen P. Lindsey)
රංගනය : රිචඩ් ග්‍රී (Richard Gere) ,
ජෝන් එලන් (Joan Allen) ,
සේරා රෝමර් (Sarah Roemer)
සංගීතය : ජැන්(Jan A. P. Kaczmarek)
ප්‍රදර්ශනය : ජුනි 13,2009

හාචි කියන්නේ අතරමං වුනු කුඩා බල්ලෙක්.ඔහුට දුම්රියපොලේදී පාකර් විල්සන් (නළු-රිචඩ් ගියර්) නම් එක්තරා මිනිසෙක් මුනගැසෙනවා.එතැන් පටන් හාචි ගේ මුළු ලෝකයම වන්නේ ඔහුයි.ඔහු විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක්.හැමදාම දුම්රියපලෙන් ගමන් අරඹන ඔහු නැවත ගෙදර බලා එන්නෙත් ඒ දුම්රියපලටමයි.හාචි ව දරුවෙකු ලෙස හදා ගන්නා මේ මිනිසාගේ ආදරය හමුවේ හාචි හැමදාත් හවස් වන තුරු දුම්රියපල තුල රැඳී සිට ඔහු එනතුරු බලා ඉන්නවා.නමුත් කාලයක් යද්දී පාකර් කෙදිනකවත් නැවත නොපැමිණෙන ගමන යනවා. මෙය හාචි දන්නේ නැහැ. කෙසේවෙතත් මියයන තුරුම හාචි සිය ස්වාමියා එනතුරු දුම්රියපලේ බලා සිටිනවා.

මෙය ඇත්ත කතාවක්.ජපානයේ සිදුවූ සිදුවීමක්.අදටත් ඔබ ජපානයේ ශිබුයා දුම්රියපළට ගියොත් හාචි වෙනුවෙන් ඉදිවූ ස්මාරකය ඔබට දැකගන්න පුළුවන්.මෙහි කතානායකයා වූ තොක්යෝ විශ්වවිද්‍යාල  කථිකාචාර්ය වරයා වන්නේ හිදෙසබෙරු උඑනො යි.1935 වයස අවුරුදු 11 දී මියයන මේ හාචි ගේ කතාව කඳුළු නැංවෙන කතාවක් බවට නොඅනුමානයි. කනෙතෝ ශින්දෝ ගේ රචනයක් වන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය  සිදුකලේ ලේස් හැල්ස්ට්‍රොම්…

Movie trailer :

Capote (2005)


අධ්‍යක්ෂණය : බෙනට් මිලර් (Bennett Miller)
නිෂ්පාදනය : කැරෝලින් බර්න් (Caroline Baron) ,
විලියම් වින්ස් (William Vince)
තිර පිටපත : දෑන් ෆටර්මන් (Dan Futterman)
රංගනය : ෆිලිප් සෙයිමන් හොෆ්මන් (Philip Seymour Hoffman) ,
ක්‍රිස් කුපර් (Chris Cooper) ,
බ්‍රස් ග්‍රීන්වුඩ් (Bruce Greenwood)
සංගීතය : මිචෙල් ඩේනා (Mychael Danna)
ප්‍රදර්ශනය : සැප්තැම්බර් 02 , 2005

 

මෙහි අධ්‍යක්ෂණය බෙනට් මිලර් ගෙන්.තිර රචනය දෑන් ෆටර්මන් ගෙන්. මෙය ජෙරාල්ඩ් ක්ලාර්ක් ගේ Capote කෘතිය ඇසුරින් නිමවූවක්.ප්‍රධාන රංගනය ෆිලිප් සෙයිමන් හොෆ්මන් ගෙන්.
1959 වසරේ නොවැම්බර් 15 රාත්‍රියේ කැන්සාස් හි හොලොකොම්බ් ප්‍රදේශයේ ෆාම්හවුස් එකක් කොල්ලකන අපරාධකරුවන් දෙදෙනෙකු වූ පෙරී ස්මිත් සහ ඩික් හික්හොක් බලාපොරොත්තු වන්නේ ඉන් ඇමෙරිකානු ඩොලර් 10,000 ක් පමණ සොරාගැනීමට යි.ඇසින් දුටු කිසිදු සාක්ෂිකරුවකු හෝ  ඉතිරි නොකරමින් මොවුන් දෙදෙනා පවුලේ සියලුම සාමාජිකයන්ව සාහසික ලෙස ඝාතනය කරනවා.සමලිංගික කතුවරයකු වන ට්රුමන් කැපොටේ සිය මිතුරා වන නෙල්ලි හාර්පර් ලී සමඟ මෙම කුඩා නගරයට පැමිණෙන්නේ මේ සිදුවීම අළලා කෘතියක් ලියන්නයි. ඝාතකයන් අත් අඩංගුවට ගැනීමෙන් පසු පෙරී සමඟින් මිත්‍ර වන ට්රුමන් අවසානයේ ඔහු හා අසමාන සබඳතාවක් ඇති කරගන්නත් උත්සාහ කරනවා.  කෙසේ හෝ අවසානයේ පෙරී සහ ඩික් දෙදෙනා වෙනුවෙන් නීතිඥයකු ද සොයාගන්නා කැපොටේ 1965 අප්‍රියෙල් 14 වනදා දක්වා මරණ දණ්ඩනය කල්දමාගන්න ත් සමත් වනවා.මෙය තරමක වෙනස් කතාවක්.

Movie trailer:

තවත් මේ වගේ අපූරු ෆිල්ම්ස් එක්ක Womanly.lk තුලින් ඔබව හමුවෙන්න මම එන්නම්….ඔබට සුබ දවසක්!

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here