කුරුලෑ මර්දනයට ලෙහෙසිම ප්‍රතිකාර 6 ක්

0
7489

කුරුලෑ පවතින මුහුණක් සාමාන්‍ය මුහුණකට වඩා ඉක්මණින් අවලක්ෂණ වෙනවා. හම රැලි වැටෙනවා විතරක් නොවෙයි හම ගිලා බැසීමක්ද වෙනවා. මේ නිසා කුරුළෑ සහිත සමක් තිබෙන කෙනෙක් නම් ප‍්‍රතිකාර තරමක් කලින් ගත යුතුයි. මුහුණේ කුරුලෑ එන එක සාමාන්‍ය දෙයක්. එයින් වෙන්නේ සිරුර තුල තියෙන විෂ සහ අපද්‍රව්‍ය බැහැර වීමයි. එත් සමහර වෙලාවට අපට කරදරයක් වෙන තරමට මුහුණේ කුරුලෑ එන්න ගත්තොත් අපි ගොඩක් කලබල වෙනවා.මෙම දවස් වල නම් වැඩිපුර තෙල් කෑම කාලම  තරුණ උදවිය නම් කුරුලෑ  නිසා ටිකක් විතර කරදරයෙන් තමයි ඇත්තෙ. අවුරුදු සීසන්  එකේ ඉතින්  වැඩිපුර තෙල් සහිත ආහාර  ගන්න  නිසා  ශරීරයේ  තෙල් මට්ටමත් ඉහල ප්‍රමාණයෙන් තමයි මෙම දවස් වල ක්‍රියා කරන්නෙ. ⁣වැඩිපුර තෙල් කෑම කාලා කුරුලෑ නිසා කනස්සල්ලෙන් ඉන්න ඔබට  අද womanly.lk තුළින් මම කියන්න යන්නෙ කුරුලෑ කරදරයෙන් මිදෙන්න පහසුම ක්‍රම කිහිපයක්. ඔන්න  මෙම අවුරුදු කාලෙ තෙල් කෑම කාලා කුරුලෑ  දාලා කිය කියා අපහසුතාවට ලක් වුන ඔයාට කරන්න පුළුවන්  ලෙහෙසිම ප්‍රතිකාර ක්‍රම කිහිපයක්.

දෙහි ප්‍රතිකාරය 

කුරුලෑ ගෙඩි හට ගත් ඔබේ  මූණෙහි දෙහි බෑයක් ගෙන  මූණෙහි පහළ සිට උඩට  ⁣අතුල්ලන්න. විනාඩි තුන හතරක් දෙහි බෑයෙන් මූණ පිරිමැද එම දෙහි යුෂ මුහුණට උරා ගන්නා තෙක් විනාඩි පහක් පමණ සිට මද රස්නය සහිත වතුරින් මුහුණ  සේදන්න. මුහුණ  සේදීමෙදී  සබන්  හා වෙනත්  ආලේපන භාව්තා නොකරන්න. මුහුණ  සෝදා  පසුව ස්වභාවික ලෙස මුහුණ  වේලීමට ඉඩ දෙන්න. නොකඩවා සතියක් එක දිගට මෙය සිදු කරන්න.

උණු  වතුර හුමා⁣ලය 

හොදින් උණු කර නටවා ගත් උණු වතුර  එකක් ගෙන  මුහුණට හොදින් සම්භාහනය වන  ⁣⁣ෙස්  විනාඩි විස්සක් පමණ හුමාලය  අල්ලන්න. එමගින් මුහණෙහි ක්‍රියා කරන තෙල් අංශු විනාශ වී කුරුලෑ ඒම තුලින් ඔබේ මුහුණ ආරක්ෂා කර දේ.

අයිස් සම්භාහනය 

අයිස් කැට කිහිපයක් ගෙන කපු රෙදි කැබැල්ලකට තියා පොට්ටනියක් ලෙස සාදා ගෙන හොදින් මුහුණ  තවන්න. කුරුලෑ  ගෙඩි හටගත් ස්ථාන වල අයිස්  පොට්ටනිය  තබා සම්භාහනය කරන්න. එමගින් හට ගත් හා හට ගැනීමට  නියමිත කුරුලෑ  ක්‍රමයෙන් මැඩ පත්  වෙයි.

අමු කහ

අමු කහ කැබැල්ලක් ගෙන ඇල් දියෙන් අඹරා මුහණෙහි ගල්වන්න. විනාඩි තිහක් පමණ එය තිබෙන්නට හැර  අයිස් වතුරින්  නැත්නම්  ඇල් වතුරින් මුහුණ  සෝදා  හරින්න.

දෙහි යුෂ මිශ්‍ර  ඇල් දිය

ඇල් වතුර භාජනයක් ගෙන එයට දෙහි ගෙඩියක පමණ දෙහි යුෂ  එක් කර විනාඩි දහයක් පමණ තිබෙන්නට හැර  මුහුණ  සෝදන්න.  එමගින් මුහණෙහි එක් වූ කුණු  දූවිලි හා තෙල් අංශු  විනාශ වී කුරුලෑ ඒම තුළින් ඔබේ මුහුණ ආරක්ෂා කර දේ.

කොහොඹ දළු ආලේපනය

කොහොඹ දළු මිටක් ගෙන එයට අමු කහ එක්  කොට දෙහි ඇඹුලින්  අඹරා  මුහණෙහි ආලේප  කර  විනාඩි විස්සකින් පමණ පසු ඇල් දියෙන්  සෝදා හරින්න.

මෙම ආකාරයට ඔබේ මුහුණ කුරුලෑ ආසාදනයෙන් වලකාලීමට ඔබට නිවසෙ සිටම පිළිවෙත් කිරීමට හැකිය. මෙම පිළිවෙත් තුළින්  ඔබේ මුහණෙහි තැන්පත් වූ දූවිලි හා තෙල් අංශු විනාශ  කර මුහුණ කුරුලෑ ආසාදනයෙන් ආරක්ෂා කර ගැනීමට ඔබට පුළුවනී.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here