කාන්තාවක් වීම ගැන ඔබත් ආඩම්බර වන්න

0
3187

මෙම සමාජයේ කාන්තාවට අද වන විට විශාල ස්ථානයක් හිමිව තිබෙනවා. නමුත් අතීතයේ පටන් කාන්තාව යන නාමයට පවා ගැරහුම් කළ අවස්ථාවන් ද නැතිවාම නොවෙයි.එදා භාරතයේ පවා දියණියක් ඉපදීම අවාසනාවක් ලෙස බ්‍රාහ්මණයන් පවා තරයේ කියා සිටියා. නමුත් යශෝදරාව,මහාමායා දේවිය, විශාඛාව වගේම සඝමිත් තෙරණිය පවා පසුකාලීනව භාරතයේ වැඳුම් පිඳුම් වලට ලක් වූවා.

එදා සමාජය තුල කාන්තාවට දාසියකගේ ස්ථානය ලබා දුන්නද අද වන විට කාන්තාව තම ස්ව අභිමානය සමාජයට,රටට,ලෝකයට පවා අරගෙන යෑමට තරම් දක්ෂ වෙලා තිබෙනවා. ඉතින් එසේ ලොව ජය ගත්ත කාන්තාවන් කිහිප දෙනෙක් ගැන මම අද womanly.lk තුලින් ඔබට කියන්න ඕන කියලා හිතුවා.

කාන්තාවක් වීම ඉදිරියට යෑමට බාධාවක් නො‌වේ.කාන්තාවක් වේවා පිරිමියෙකු වේවා, වැදගත් වන්නේ තම ඉලක්කයට යෑමට දුර වුවත් ප්‍රතිපත්තිගරැකව නිවැරදි මග තෝ‌රා ගැනීමයි. ලොව පුරා විසිරී සිටින කාන්තාවන් boardroom එකේ ක්‍රියාකාරිත්වයට,අලුත් ව්‍යාපාර නිර්මාණයට,නැවුම් දිවියක් සැකසීමට වගේම රටක් පාලනය කිරීමටත් ඉතා විශ්මිත දේවල් සිදු කරනවා. ර්යේෂණ වලට අනුව, කාන්තාවන් වඩා පහසුවෙන් වගේම මාරු කරමින් Multi-Tasking එහෙමත් නැතිනම්, බහු-කාර්ය වැඩවලට වඩා හොඳින් මුහුණදෙනවා කියන දේ හෙළිවෙලා තිබෙනවා. එසේ ලොව ජය ගත්ත අපේ කාන්තාවන් කිහිප දෙනෙක්,

සිරිමාවෝ බණ්ඩාරනායක

ඇත්තටම කාන්තාවක් විදියට වගේම ශ්‍රී ලාංකිකයෙකු විදියටත් අපට තියෙන ආඩම්බරයට ⁣සිරිමාවෝ මැතිනිය⁣ හොඳම උදාහරණයක්. ලොව ප්‍රථම අගමැතිනිය ලෙස ලංකාවේ කාන්තාවක් නම් දැරීම අපටත් අභිමානයක්.

ජයන්ති කුරුඋතුම්පළ

එවරස්ට් තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙසටද කාන්තාවක් නම් දැරීම කාන්තාවක් ලෙස අපට අභිමානයකි. කැපවීම හා අධ්ෂ්ඨානය තුලින් තම නම ගිනස් පොත දක්වා ගෙන ගිය හෙළ කතුන් අපේ දිවිගමනටද අපට ආදර්ශයකි.

සුසන්තිකා ජයසිංහ

ආසියාවේ කළු වෙළඹ ලෙස විරුදාවලිය ලත් ඇය ඔලිම්පික් රන් සම්මානයෙන් පිදුම් ලැබූ තවත් ලක් මෑණියන්ගේ දිරිය දියණියක් වේ. ලොව රටවල් රැසක ක්‍රිඩිකාවන් අභිබවා යමින් ලක් දෙරණේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ඇය ගැන කාන්තාවක් ලෙස සැබවින්ම අප ආඩම්බර විය යුතුය.

ඔටාරා ගුණවර්ධන

දෙස් විදෙස් වල පවා තම වෙළඳනාමය පැතිරුව ඔටාරා ගුණවර්ධන යනු ODEL ව්‍යාපාරයෙහි හිමිකාරියයි. කාන්තාවක් වීම තම ගමනට බාධාවක් නොකර ගත් ඇය මේ වන විට ජාත්‍යන්තරයෙහි පවා ලක් මෑණියන්ගේ නම මෙන්ම තම නාමයද බැබළවූ අභිමානවත් කාන්තාවකි.

කාන්තාවක් වීම තම ගමනට තම දියුණුවට බාධාවක් නොකර ගත් මෙම හෙළ කතුන් ජාත්‍යන්තරයෙහි පවා තම නම බැබළවූ අතර අධ්ෂ්ඨානය හා තම ආත්ම විශ්වාසය තුලින් සිය ජිවිතය ගොඩ නගා ගත් ආඩම්බරකාර හෙළ කතුන්ය.
කාන්තාවක් ලෙස ඔවුනට තම ගමන යෑමට හැකි වූවේ නම්  ඔබට මට අපගේ සිහිනයට යෑම තවමත් සිහිනයක් වන්නේ කෙලෙසද?
සියලුම බාධාවන්ට එක ලෙස මුහුණ දෙමින් යෑමට නියමිත ස්ථානය කරා ලගා වීමට අප කාන්තාවක් ද පිරිමියෙක්ද යන වග බලපාන්නේ නැත.
අද වන විට ලොකේ බොහොමයක් ජාත්‍යන්තරයට නම ගෙන ගොස් ඇත්තේ කාන්තාවන්ය. ඔවුන්ව ආදර්ශයට ගනිමින් කාන්තාවක් ලෙස අපිද නොසැලී අපගේ ගමනට පියවර තැබිය යුතුය.
කාන්තාවක් වීම ආඩම්බරයකි. දියණියක්, බිරිඳක්, මවක් ලෙස සමාජයෙහි පැතිකඩ රාශියක් මෙහෙය වන කාන්තාව රටට  ලෝකයට ආඩම්බරයකි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here