බත් හැලිය ඉදෙනවාට වඩා එහා ගියොත්

Angry Indian couple having an argument

සැරයටියෙන් අපි යනෙන තුරා අපි එකට යමු … කියමින් ජීවිතය පටන් ගන්නා බොහෝ දෙනාගේ විවාහය අඩුම ගනනේ විවාහ ඡායාරූප ඇතුලත් ඇල්බමය ලැබෙන තෙක් හෝ රැ‍ඳෙන්නේ නැති බව දැන් බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබෙන ගැටලුවක්. ඇත්තටම විවාහය පිලිබඳ ගැටලු ගැටුම් ඇති වීම සාමාන්‍ය තත්වයක්. ඒත් මේ සියල්ල සමග ඉදිරියට යන ශක්තිය තිබෙනවා නම් විවාහ සංස්ථාව බිඳ නොවැටී පවත්වා ගන්න අපහසුවක් නැහැ.එදා විවාහය තුල ඇති වෙන පුංචි පුංචි ගැටුම් සීමා වුනේ බත් හැලිය ඉදෙන තුරු පමණයි. ඒත් අද මේවා කෙලවර වෙන්නේ උසාවියෙන්..පොලිසියෙන්…එහෙමත් නැත්නම් සමථ මණ්ඩලයෙන්… ඒ තරමටම තත්වය දරුණු අතට හැරී අවසානයි.

ආදරය කරනවා වගේ ලස්සන නැහැ

අපි හැම දෙනාම හිතන්නේ ප්‍රේමයේ ආරම්භය සිද්ධ වුන කාලයේ වගේ අපේ ජීවිතය ඉතාම සුන්දර බවයි. ඒත් ඒ සිතුවිල්ලේ නම් ඉන්න එපා. අපි හිතන චරිතයට වඩා පවුල තුල ජිවත් වෙන චරිත බොහොම වෙනස් විය හැකියි. ආදරයේ සියුම් තැන් ඇත්තටම ස්පර්ශ නොවෙන තරම් මේ තත්වය කටුකයි. ඒ නිසා නිතරම ඔබ ආදරය කරන කාලයේ  සිටි චරිත පවුල් සංස්ථාවේදී හමු නොවෙන්න පුලුවන්. ඒ වගේ අවස්ථාවන්හිදී පසුතැවිලි නොවන්න.කෙසේ හෝ මුලින් ඔබ ආදරයේ ආරම්භය සිදු වූ යුගයේ සිටි සහකරුගේ තත්වයට ඔහු පත් කරගන්න.

වෙනත් අය සමග සංසන්දනය කරන්න එපා

පවුල් අතර බොහෝ අරගල ඇති වෙන්නේ ඔබේ සැමියා වෙනත් පිරිමින්ට සාපේක්ෂ ලෙසින් අධ්‍යනය කරන්නට යෑම නිසයි. හැම පුද්ගලයෙකුටම අනන්‍ය වූ ගතිපැවතුම් ඇත. එය වෙනත් අයෙකුට සමාන නොවන්නේය.මේ නිසා අහවලාගේ සැමියා ගැන නොව මගේ සැමියා ගැන පමණක් කතා කරන්න. සුනිලාගේ සැමියා යනු එක් චරිතයකි. ඔහු හැසිරෙන්නේ ඔහුට ඇවැසි ලෙසින්ය. ඒ අනුව ඔබේ සැමියා හැසිරවීමට සිතන්නේ නම් එයද නිරර්ථක කටයුත්තකි.

පරමාදර්ශි චරිත නැත

අපිට මුන ගැසෙන චරිත අතර සම්පූර්ණ සුදු හෝ කලු ලෙසින් වූ චරිත නැත. හැම කෙනෙකුටම අඩු වැඩි වශයෙන් ඇති ගති ලක්ෂනයන් අනුව ඔවුන් හැසිරෙනු ඇත.එහෙත් බිරිඳක් ලෙසින් ඔබ සැමියාගෙන් හොඳම බලාපොරොත්තු නොවන්න.මේ හොඳ ගති ගුණ අතර යම් නරක යැයි සම්මත හැසිරීමක් ගොඩ නැගුන විට එයින් ආවේශ නොවන්න.

නරක යැයි කිසිම අයෙක් හංවඩු ගැසිය යුතු නැත. මොනතරම් නරක වුනත් ඔහු වෙතින් දිවෙන හොඳ ගතිගුණ තිබෙන්නට පුලුවනි. මේ නිසා කිසිම විටෙක යම් යම් පමාවන් සිද්ධ වුන විට ඒ ගැන මහත් දොම්නසට පත් විය යුතු නැත. ඒවා උපේක්ෂාවෙන් දරා ගන්න. මිනිස් ගති ලක්ෂන එසේය.

පවුල තුල වටිනාකමක් දෙන්න

සැමියා ඔබේ ජීවිතයේ සහකාරයා බව සැබෑය. ඒ අනුව ඔහු ඔබේ පවුල තුලද ගරුත්වයට පත් විය යුතු තැනැත්තෙක් වේ. නිතරම ඔහු මුල් කර ගෙන පවුල තුලත් වටිනාකමක් ලබා දෙන්න. විවාහයෙන් පසුව ඇත්තේ මම නොව අපි යන සංකල්පයයි. ඒ නිසා පවුලක ඔබට ලැබෙන අභිමානය , ගරුත්වය සැමියාටත් ලබා දෙන්න.

අවංක වන්න

විශ්වාසය බිඳ වැටුනාට පසුව එය නැවත ‍‍ගොඩ නැගීම එතරම් පහසු කාර්යක් නොවේ. ඒ නිසා සැමියා තුල ඔබ ගැන තිබෙන විශ්වාසය පවත්වා ගැනීමට උත්සාහ කරන්න. එය බිඳ වැටුනාට පසුව ඇති වෙන මතබේද ගැටුම් අවසානයේ කෙලවර වන්නේ දිකක්සාදයෙන්ය. ඒ අවාසනාවන්ත තත්වයට ඔබ පත්විය යුතු නැත. ‍පවුල තුල ගණුදෙණුව එතරම් සරල නැත ඊට හේතුව වන්නේ පවුලක් තුල හැසිරෙන චරිත බොහොය.

සියලු චරිත සමග විශ්වාසවන්තබව ගොඩ නගා ගත යුතුය. එයින් ඔබ්බට ගොස් නිදන්ගත විශ්වාසය බිඳ වැටෙන තත්වයට පත් විය යුතු නැත.

දරුවන් ජීවිතය බව හිතන්න

එදා පවුල් සංස්ථාවන් බොහෝ දුරට ආරක්ෂා වුනේ ඔවුන් නිතරම ගැයූ ජීවිතයේ ගීතය වුනේ අපි ජීවත්වෙන්නේ දරුවන් උදෙසා යන්නයි. ඒත් අද මේ සංකල්පය බොහෝ දුරට මෙසේ වෙනස්ව ඇත. මං එද්දි ළමයි අරගෙන ආවේ නැහැ….ඒත් ඔබ අතර මොන මත ගැටුම් තිබුනත් දරුවන් අහිංසකය. ඔබේ දඩබ්බරගති ඉදිරියේ ඔවුන්ගේ ලපටි හිත් තැලී පොඩි වෙන්නට ඉඩ දිය යුතු නැත. බොහෝ අරගල සංසිඳුනේ දරුවන් නිසාය. නිතරම දරුවන් ජීවිතය බව හිතන්න. එවිට පවුලක අරගල නොදැනීම සංසි‍‍ඳෙනු ඇත.

ආගමට නැඹුරු වන්න

හැම ආගමක්ම කියා දෙන්නේ පවුල නැමැති සංස්ථාව රැක ගැනීමේ වැදගත් කමයි. එය බුදුදහමේ සිඟාලෝවාද සුත්‍රයෙන්ද, ක්‍රිස්තියානි ආගමේ කියා දෙන වාසනාවන්ත කාලයේදීද…අවාසනාවන්ත කාලයේදීද අප එකට රැ‍ඳෙනු ඇත යන සංකල්පය මගින් මනාව පැහැදිලි වේ. ආගම මගින් හික්මීම ලබන විට පවුලක වටිනාකම, පවුලක් තුළ එකිනෙකාගේ ශික්ෂනය ආදි සංකල්පයන් ගැන මනා වැටහීමක් ලැබෙන නිසා මේ ගණුදෙණුව ඉතා අවබෝධයෙන් ගොඩ නගනු ඇත. එය සාර්ථක පවුල් ජීවිතයේ අත්තිවාරම බවට පත් වෙනු ඇත.

ලිංගික ජීවිතයත් අවශ්‍යයි

පවුලක පැවැත්ම වෙනුවෙන් ලිංගික ජීවිතය සමග වූ සම්බන්ධතාවය අවශ්‍ය සාධකයක් වේ. දැන් ලමයි ලොකුයි යන සංකල්පයේ ඔබ නැවතුනත් මෙම අවශ්‍යතාවය අනවශ්‍ය විදිහට මර්ධනය කිරීම එතරම් සුදුසු කටයුත්තක් නොවේ.

ලිංගික ජීවිතයේදී අවංක වෙන්න

ඔබ නිතරම තමාගේ සහකරු සමග පමණක් සම්බන්ධතාවය පවත්වන්න. අනියම් සම්බන්ධතාවයන් නිසා ඒඩ්ස් වැනි ප්‍රතිශක්ති ඌනතා රෝගයන්ට පමණක් නොව හදිසි කෝපය නිසා ඇති වෙන මිනීමරුම් වැනි තත්වයන් දක්වාම වර්ධනය වෙනු ඇත.මෙය එතරම් සුබවාදී නැත. පවුලක එදිනෙදා ජීවිතයේදී ඇති වෙන සාමාන්‍ය ගැටුම්වලට වඩා ලිංගික ජීවිතයේ අනියම් සම්බන්ධතාවයන් මුල් කර ගෙන ඇති වෙන ගැටුම් ඉතා දරුණු ලෙසින් පවුල් අරගල වෙනුවෙන් මුල පුරනු ඇත.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here