කාන්තා ඔබත් ඔසප් කාලයේ අපිරිසිදු වුණොත් නොසිතන ලෙඩ රැසක්

දරුවන්ට කුඩා කාලයේ පටන් පිරිසිදු කම ගැන කියා දිය යුතුය. කුඩා කාලයේ පටන් පිරිසිදු කමට හුරු වු දරුවන්ට ලෙඩ රෝග බෝවීම අඩුය. මෙය ගැහැණු දරුවාට පිරිමි දරුවාටත් වඩා වැදගත් වේ. ගැහැණු  දරුවා උපතේ පටන් පිරිමි දරුවන්ට වඩා පිරිසිදුව තැබිය යුතුවේ. ගැහැණියගේ යෝනි ප්‍රදේශය විවෘතව තිබීමත්, ස්වාභාවිකවම පවතින තෙත ගතියත් නිසා පිරිසිදු බව තව වැඩි විය යුතුය. හේතුව ඔසප් කාලයේ අපිරිසිදු කමින් කාන්තාවන්ට විවිධ ලෙඩ රෝග සෑදීමට ඉඩ තිබෙන නිසාය.

ඕනෑම වයසක සිටින කාන්තාවන්ට එම ප්‍රදේශය අපිරිසිදුව තබා ගත හොත් සෑදිය හැකි ලෙඩ රෝග කිහිපයකි. එනම්,

සුද යාම
මුත්‍ර ආසාදනය 
ඉකිලිය කෑසීම වැනි දෑ බහුලය.

ඔසප් කාලයේ කාන්තාවන්ට දිය නෑම අහිතකර යැයි මතයක් පවති. එය වැරදි මතයකි. මේ කාලයේ නෑම අවශ්‍ය වන්නේ රෝග ඇති විය හැකි නිසාය. විෂබීජ නිසා පැසවීම්, කෑසීම්, දුඟද හැමීම් ඇති විය හැකිය. මෙවැනි දෑ වලකාලීමට  නම් දිය නෑ යුතුය.ඔසප් කාලයේ දිය නෑම අවශ්‍යම බව කිය යුතුවේ. දිය නෑමෙන් කිසිදු රෝගයක් ඇති නොවේ.

සුද යාම

සුද යාම දීලීර රෝගයකි. දීලීර ආසාදනය වැඩි වන්නේ එම ප්‍රදේශයේ තෙතමනය නිසාය. මේ හේතුව නිසාම සෑම කාන්තාවක්ම මුත්‍ර පහකිරීමෙන් පසු එම ප්‍රදේශය සෝදා පිසදමා වියළිව තබා ගත යුතුය.ඒසේම සෝදා වියළිව තැබිය යුතු අතරම රෝම ඉවත් කල යුතුය. බටහිර රටවල කාන්තාවෝ ඒවා අනිවාර්යයෙන්ම කරති. එවිට එම ප්‍රදේශයේ ආසාදනය අඩුය. අපේ රටේ නම් මෙවැනි පුරුදු අඩුය. එම ප්‍රදේශය වියළිව තැබුවත් රෝම තිබෙන විට පිරිසිදුව තබා ගැනීම අපහසුය. ඒ නිසා ඉකිලිය කෑසීම්, සුද ඒම, දැවිල්ල වැනි ගැටලු ඇතිවේ. අපිරිසිදුකම හා තෙතමනය සහිතව තබා ගැනීම නිසා ඉකිලිය මත, දද වැනි ගැටලු පවා ඇති විය හැකිය. ඒ නිසා සෑම කාන්තාවක්ම සෑම විටම යෝනි ප්‍රදේශය පිරිසිදුව තබා ගත යුතුය.

අසාමාන්‍ය ශ්‍රාවයක්

යම් කාන්තාවකට මෙම ප්‍රදේශයේ අසාමාන්‍ය ශ්‍රාවයක්, දුඟදක් හෝ සුදු මී කිරි වැනි හෝ කහ හෝ දුඹුරු පැහැති ශ්‍රාවයක් පිටවේ නම්, ඒවා කසනවා නම්, නැතහොත් දැවිල්ල සහිත නම් පමා නොකර ප්‍රතිකාර ගන්න. මෙවැනි දෑ සඳහා නිසි ප්‍රතිකාර අවශ්‍යය. ඉක්මනින් නිට්ටාවටම සුව කර ගත යුතුය. එවැනි දෑ ගණන් නොගෙන සිටීමෙන් ගැටලු ඇති විය හැකිය.

සමහරු මෙම ප්‍රදේශය සබන් ගා නිතර සෝදති. එයින් මෙම ප්‍රදේශයේ තිබිය යුතු විෂබීජ පවා නැතිව යා හැකිය. ඒසේම නිතර සබන් ගෑම සුදුසු නොවේ. අද වෙළෙඳ පොලේ මෙවැනි ස්ථාන පිරිසිදු කිරීමට විශේෂයෙන් නිපදවන දියර වර්ග පවා තිබේ. ඒවා වුවත් ස්වල්ප වශයෙන් ගෙන සෝදා පිරිසිදු කළ යුතුය. මෙවැනි ස්ථාන සෝදා පවිත්‍රව තබා ගැනීම ලෙඩ රෝග බොහෝමයකින් ආරක්ෂා වීටම හේතුවේ.ඒසේම මලපහ කල විටද මුත්‍ර පිට කරන සෑම වාරයකදීම වතුර ගොඩකින් නිතර සේදීම නොකල යුතුය. එසේ කිරීමෙන් එම ප්‍රදේශයේ ආරක්ෂාවට තිබෙන විෂබීජ විනාශ විය හැකිය.
සෑම කාන්තාවක්ම අත්වල නිය කොටට කැපිය යුතුය. දිගට වැවි ගිය නිය කැසීමෙන් එම ප්‍රදේශය තුවාල විය හැකිය.මේ හැර නියපොතු අතර ඇති විෂබීජ ඉකිලිය වැනි ප්‍රදේශ පුරා පැතිරී දද, පුස්වැනි දෑ හට ගැනීමට ද පුලුවනි.

යම් කාන්තාවකට ඉහත සඳහන් ගැටලු සහිත අපහසුතා තිබේ නම් පමා නොකර ප්‍රතිකාර ලබා ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here