ආශ්‍රයට සුදුසු නැති මිතුරියන් 7ක්

බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා හොද මිතුරු ඇසුර මංගල කාරණාවක් වගේම ජීවිතයට සම්පතක් කියලා. කල්‍යාණ මිතුරු සම්පත්තිය කියන්නේ එයටයි. ඇත්තටම හොද මිතුරු ඇසුරක් කියන්නේ ජීවිතයට ආශිර්වාදයක්. එවැනි මිතුරු ඇසුරක් ලබන්න ඇත්තටම අපි පිං කරලා තියෙන්නේ ඕන. ඔබටත් එවැනි මිතුරු ඇසුරක් තියෙනවාද බලන්න. ඇසුරු කරන මිතුරිය නිසා ජීවිතයට සවියක්, හදවතට මානසික සහනයක් ලැබෙනවාද හිතන්න..

දුස්ශීල මිතුරිය

දුසිරිත් වලින් පිරුණු දුසිරිතටම යොමුවු තමන් ඇසුරු කරන කෙනාවත් දුසිරිත් වලට යොමු කරන දුසිරිතේම ගුණ කියන මිතුරිය දුස්ශීල මිතුරියයි. එවැනි මිතුරියක් නිසා කවදාක හෝ ඔබට ලොකු ප්‍රශ්නයක් ඇතිවිය හැකියි. ඉක්මනින් ඇයගෙන් ඉවත් වුයේ නැතිනම් ඔබ ගැනත් සමාජය බලන්නේ වැරදි ඇසකින්. පාපය කියන්නේ බෝවෙන ලෙඩක්. ඇයගේ දුස්ශීල සිතුවිලි ඔබටත් නොදැනීම බෝවෙන්න පුළුවන්. ඒ නිසා එවැනි මිතුරියන් හැකිතාක්දුරට දුරින් තියාගන්න.

පරිභව මිතුරිය

ඇය දන්නේ කෙනෙක්ට පරිභව කරන්න පමණයි. නින්දා අපහාස වලින් හදවත පුරවාගෙන එයම අනිත් අයට කියමින් ඇවිදින මිතුරිය පරිභව මිතුරියයි. එවැනි අය මිතුරුකමටත් නින්දාවක්. හමුවෙන සෑම කෙනෙක්ටම, තම මවට පවා පරිභව කිරීම ඇයගේ සිරිතක්. ඇය කවුරු ඉදිරියේ ඔබට කවදා පරිභව කරයිද කියලා හිතාගන්න බැහැ. ඇය කෙනෙක්ට පරිභව කරලා ලොකු සතුටක අත්දකිනවා. සමහර විට මේ වනවිටත් ඔබ ගැන කොහොම කියලා තියෙනවාද කියලා දන්නේ නෑ.. ‘ අපෝ… එයා ඉතින් මගේ යාළුවනේ.මං දන්නේ නැද්ද එයා ගැන.. හොද නල්ල මලේ කේස් එකක්..’ මේ වචන ඔබ ගැන කියලා නැහැ කියලා ඔබ හිතන්න එපා. ඇය ඇගේ සහෝදරියන් ගැන පවා ඔබට මේ වගේ කියලා ඇති. ඉතින් ඔබ ගැන කවර කතාද….

හතුරු මිතුරිය

 ඇය පෙන්නන්නේ ඔබේ හොඳම මිතුරිය කියලයි. අනිත් අයට පවා කියන්නෙ එසේයි. ඇයට හොදින් රඟපෑ හැකියි. නමුත් හදවතින්ම ඇය ඔබ ගැන හිතන්නේ ‘ මට ඉන්න ලොකුම හැතිරි තමයි එයා’ කියලයි. නමුත් එය පෙන්නන්නේ නැහැ. කවර හේතුවක් නිසා හෝ ඇය ඔබ ගැන ඉන්නේ විශ්වාස කල නොහැකි කේන්තියකින් විය හැකියි.  ඒ නිසා ඔබට අදහාගත නොහැකි දේවල් ඇය නිසා වෙන්න ඉඩ තියෙනවා. අහිංසක ඔබට මේ දේවල් තේරුම් ගන්නත් අමාරුයි. මිතුරු වෙසින් සිටින සතුරන් තරම් භයානක අය තවත් නෑ. ඒ නිසා හැකිතරම් සෙවිල්ලෙන් ඉන්න.

ඊර්ෂ්‍යා මිතුරිය

 ඊර්ෂ්‍යාව රුසියාවටත් වඩා ලොකුයි කියලා කට කතාවක් තියෙනවා අහලා ඇතිනේ. ඇය හැම මොහොතෙම සිටින්නේ දැවෙන ඊර්ෂ්‍යාවකින්. ඔබ ගැන, ඔබේ සැමියා ගැන, ඔබේ රූපය ගැන, ඔබේ දේපළ ගැන, ඔබ අදින පලදින විදිය ගැන ඇය හැම මොහොතකම ඉන්නේ ඊර්ෂ්‍යාවකින්. ඒ ඊර්ෂ්‍යාව නිසාම ඇය ඔබට පුදුම විදියට වෛර කරනවා. ඇයට නැති දේවල් ඔබට තියෙන එක ගැන ඇය උදේ හවා ඉන්නේ ඔබ එක්ක දැඩි කේන්තියකින්. ඔබට විරුද්ධව සාක්ෂියක් දෙන්න ලැබුනොතින් එය පවා දෙන්නේ මෙවැනි මිතුරියන්. ඒ නිසා පරිස්සම් වෙන්න.

කාම මිතුරිය 

ඇය කාමයෙන් අන්ධවෙලයි ඉන්නේ. ඒ නිසා ඇයගේ කාමයට ඔබේ ආදරණීය සැමියාව, ඔබේ සහෝදරයන්ව පව ලක් විය හැකියි. ඒ කවුද කියන්න ඇයට අවශ්‍ය නැහැ. ඇගේ කාමය එතරම් දැවෙන ගින්නක්. අවුල් වී විනාශ වී ගිය පවුල් දහයකින්ම පවුල් පහක් එසේ වී ඇත්තේ මෙවැනි කාම මිතුරියන් නිසාය. හැම මොහොතකම ඇය ඉන්නේ ඇයගේ කාමය සංසිදුවා ගැනීමේ අරමුණින්.ඒ නිසා පරිස්සම් වන්න. එවැනි මිතුරියන් හදුනාගෙන ඉවත් කරන්න.

පරපෝෂිත මිතුරිය 

ඇය ජීවත් වෙන්න හදන්නේ ඔබෙන්. ඔබේ වත්කමින්. ඔබේ ජිවිතයේ සාරයෙන්. හැමවිටම ඔබට අතපානවා. ඔබ කොතරම් දුන්නත් ඇයට මදි. හැමවිටම අතපා ගත්ත ගමන්මයි ඉන්නේ. මිතුරුකම කියන්නේ අනිත් කෙනාගෙන් යැපෙන එක නෙවෙයි. නමුත් පරපෝෂිත මිතුරිය එසේයි. ඔබේ මිතුරුකම දඩමීමා කරගෙන ඇය ජීවත් වෙන්න උත්සාහ දරනවා. මේ නිසා ඔබ මහන්සියෙන් උපයා ගත් ධනය මෙවැනි මිතුරියන් වෙනුවෙන් වැය කරන්න එපා.

උදාසීන මිතුරිය 

මෙවැනි උදාසීන මිතුරියක් මිතුරියක් කරගෙන ඉන්නවාට වඩා හොදයි වැටේ ඉන්නක් මිතුරියක් කර ගැනීම. ඇයව දැකීම පවා ඔබට උදාසීන කරනවා. එවැනි මිතුරියන් උදෙන්ම අනිත් අයගේ ගෙවල්වලට ගොස් ඔහේ වැටී ඒ ඇඳවල් වලට වී නිදාගෙන ඔහේ වල්පල් කියවමින් උදාසීනව සිටිනවා. මෙවැනි අයව ආශ්‍රයට කොහෙත්ම සුදුසු නැහැ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here