සාර්ථක යුග දිවියක් උදෙසා වටිනා අදහස් ටිකක්

couple_expecting_a_baby

විවාහක යුවළක් මුහුණ දෙන ගැටලු අතරින් ප්‍රමුඛතාවය ලැබෙන්නේ ‘ දරුපල අහිමි වීම’ය. දරුපල අහිමි කාන්තාවන් හෙලාදකින්නවු වචනයක්ද සමාජයේ ස්ථාපිත වී තිබේ. ඒ ‘ වද ගැහැණිය’ ක යන්නයි. දරුවන් නොමැති වීමේ දී ප්‍රමුඛව ඇඟිල්ල දිගු වන්නේ කාන්තාවන්ට වුවද, වර්තමානයේ පුරුෂ වදභාවය හෝ මඳසරුභාවය 40% ඉක්මවා ඇත.

දරු සම්පත ලොව ඇති උතුම්ම සම්පත බව සැලකේ. විවාහක යුවළකට ඇති ප්‍රධානතම සම්පත වන්නේ ද දරු සම්පතයි. ඒ මිනිස් වර්ගයාගේ පැවැත්ම රඳා පවතින්නේ ඔවුන් නිසා බැවිනි. විවාහයේ ප්‍රතිඵලයක් ලෙස මෙලොව එළිය දකින දරුවන් අපගේ අනාගතයයි. එහෙත් අද විවාහක බහුතරයකගේ ප්‍රධනතම ගැටලුවක් බවට දරු සම්පත් නොමැති කම බලපා ඇත. සෑම විවාහක යුවළ පහකගෙන්ම එක් අයෙකුම  මෙම ගැටලුවට මුහුණ දීමට සිදුව ඇත.

තමන් බලාපොරොත්තු වන කාලයේදී දරුවෙකු පිළිසිඳ නොගැනීම වර්තමානේ තවත් ගැටලුවකි.වර්තමානයේ බොහෝ විවාහයන් තුල ඇති වැරදි මතයක් වනුයේ, තමාගේ ඉලක්ක සියල්ල සපුරා ගැනීමෙන් පසු අවුරුදු 35ක දී වුව ද ඔවුනට දරුවෙකු සෑදීමට හැකියාව ඇති බව සිතීමයි. තමාගේ ඉගෙනීම් කටයුතු වලින් ඉහල ගොස් තම ජයග්‍රහණ උදාකර ගන්නා පුද්ගලයන් ජීවිතයෙන් පරාජය වන්නේ එතැනින් විය හැකි බව මතක තබා ගත යුතුය. කාන්තාවකට ජීවිතයේ ලබා ගත හැකි ඉහළම උපාධිය වන්නේ මව් පදවියයි. කඩෙන් බඩුවක් ගන්නා සේ අපිට අවශ්‍ය ඕනෑම වේලාවක ඔබට දරුවෙකු ලබා ගත නොහැකි බව සිහි තබා ගත යුතුය.

විවාහ වී දරුවෙකු පතන යුවළක් අපේක්ෂා කරන මාසයේ දී දරු පිළිසිඳ ගැනීම සිදු නොවන්නේ නම් එය මඳසරුභාවය ලෙස ආයුර්වේදයේ හදුන්වනු ලැබේ.කාන්තාවන්ට මඳසරුභාවය ඇතිවීමට හේතු ගණනාවක් බලපායි. එය ආහාරමය, විහරණ සහ මානසික යන හේතු ලෙස ප්‍රධාන කොටස් තුනකට වෙන්කළ හැකිය. යම් කාන්තාවක් නිසි පෝෂණයෙන් යුතුව නොසිටියහොත් ඇයගේ සිරුර තුල දරුවෙකු පිළිසිඳ ගැනීමට අවශ්‍ය නිසි පරිසරය සකස් නොවේ. විශේෂයෙන් තෙල් අධික ආහාර, විනාකිරි, ලුණු, මිරිස් ආදී ආහාර නිතර ගැනීමෙන් වැලකිය යුතුය.

නිසි දරුපලයක් සඳහා කාන්තාව මෙන්න පිරිමියා ද නිරෝගී දිවියක් ගත කළ යුතුය. කාන්තාව මෙන්න පිරිමියාද වෙහෙසකර ජීවිතයෙන් ඈත්ව, තම මනස නිරවුල්ව තබා ගැනීමට උත්සාහ ගත යුතුය. තද යට ඇඳුම්, අපිරිසිදු යට ඇඳුම්  වැනි විහරණ වලින් වැලකිය යුතුය. විශේෂයෙන් කාන්තාවන් යට ඇඳුම් ඇඳීමේදී ඒවා නිතර සෝදා අව්වේ වේලා ගැනීම ඉතා වැදගත් වේ. පැය 6කට වරක්වත් ඔබ සනීපාරක්ෂක තුවා මාරු කල යුතුය.

එමෙන්ම කාන්තාවකගේ ගර්භාෂයේ නීරෝගී භාවයද ඉතා වැදගත් වේ. යම් අයෙකුට ගර්භාෂයේ ගෙඩි, ඩිම්බ කෝෂ ආශ්‍රිතව ගෙඩි පවතී නම් එය මඳසරුභාවය ඇති වීමට හේතු වේ. කලලයක් පිළිසිඳ ගත්තද එය විකෘති කලලයක් වීමේ හැකියාව පවති. තවද මාස්වීමේදී පිටවන රුධිර ප්‍රමාණය පිළිබඳවද ඔබ අවධානය යොමු කල යුතුය. මාස්වීමේදී ඇතිවන අධික වේදනාව, මාස්වීමේ අක්‍රමවත් බව, ඉතා අඩු ප්‍රමාණයක් මාස්වීම, මාසය පුරා කඩින් කඩ මාස්වීම ආදී කරුණු වලින් හැගෙන්නේ ඇයට බීජ නොමේරීමේ රෝගී තත්වය ඇති වී ඇති බවයි.

මේකී නොකී සියලු රෝග තත්වයන්ගෙන් ඔබට මඳසරුභාවය ඇති බව හදුනාගත්තේ නම් ඔබ එයට නිසැක ආයුර්වේදයේ ප්‍රතිකාර ලබා ගත යුතුය.ආයුර්වේදයේදී ස්වාභාවිකව පරිසරය තුල ඇති ස්වාභාවිකව ඖෂධ භාවිතා කර ඖෂධ සකස් කිරීම ඉහත කී රෝගී තත්වයන්ට ආරක්ෂිත ප්‍රතිඵලදායක වූත් ප්‍රතිකර්මයකි. නිරවුල් මානසිකත්වයක් තුලින් ගොඩනගාගත් ධනාත්මක සිතුවිලි ද ප්‍රභලව ඔබට නීරෝගී දරු උපතකට මඟපාදයි. මෙහි වගකීම කාන්තාව මෙන්න පිරිමියා සතු බව ද මතක තබා ගත යුතුය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here