කාන්තා හැඩරුව ස්වභාවිකත්වයෙන් මවන්න

කාන්තාවන්ගේ රුව ලස්සන ගැන සැලකිලිමත් වීම සාමාන්‍ය දෙයක්. ඒ අතරම තමන්ගේ රුව ලස්සන කර ගැනීමට පිරිවැයක් වෙන් නොකර තමන්ගේ හැඩ රුව ගැන යොමු වෙන්න පුලුවනි.මේ ගැන කියනවිට මුලින්ම ස ඳහන් කරන්න පුලුවන් වගේම ඔබට කිසිම අපහසුවකින් තොරව ලබා ගත හැකි දෙයක් වෙන්නේ ජලය. ජලය මගින් ඔබේ රුව රකින්නේ කොහොමද කියන ගැටලුව හිතේ සමහර විට ඇති විය හැකියි.

මිනිස් සිරුරේ ඇති අපද්‍රව්‍ය බැහැර කිරීම මගින් ඇති වෙන නිරෝගිතාවය වචනයෙන් විස්තර කළ නොහැකි තරමටම විශිෂ්ටයි. ඒත් බොහෝ දෙනෙක් දැන් පැණි බීම එහෙම නැත්නම් කෝලා බීම වෙනුවෙන් යොමු වෙනවා මිසක වතුර ගැන උනන්දුවක් යොමු වෙන්නේ නැහැ. දිනකට අඩුම වශයෙන් වතුර ලීටර් හයක්වත් පානය කිරීමෙන් සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට පුලුවන්. අපේ සිරුරේ ඇති වෙන රුධිර සංසසරනය වැනි කටයුතු හොඳින් පවත්වා ගැනීමට වගේම විජලන තත්වයෙන් සිරුර ආරක්ෂා කර  ගැනීමට වතුර ප්‍රමාණවත් තරම් පානය කිරීම ඉතාම වැදගත්.

අනවශ්‍ය විදිහට තරබාරුව සිටි එක් කාන්තාවක් මෑතකදී හමු වෙන විට ඉඟ සුඟ ගත හැකි මිටින කිව හැකි තරමටම සිරුරේ තරබාරුව මට්ටු කර ගෙන සිටියා. ‍ජිම් ගියාවත්ද….? විමසා සිටි විට ඇය කියා සිටියේ කිසිම ජිම් එකකට ගියේ නැති බවත් කළ එකම දෙය ප්‍රධාන ආහාර වේලට පසුව උණුවතුර පානය කළ බවත්ය. උණුවතුර නිසා මේද වැනි දේ අවශෝෂනය නොවන නිසා තරබාරුවට පිලියම් ලැබෙන බවත් මෙහි එක්තරා රහසක්.

ඒ වගේම කොළ කැඳ ගැන අපි එතරම් තක්සේරු නොකලත් කොළකැඳ ඉතාම පහසුවෙන් සිරුරට අවශ්‍ය පෝෂනය ලබා ගත හැකි මාර්ගයක්. අපි ඉතා හොඳින් දන්නා කොළ වර්ග ඒ කියන්නේ ගොටුකොළ, පොල්පලා වැනි දේ යොදා ගෙන කොළ කැඳ පිලියෙල කර ගැනීමෙන් සිරුරේ ගිනිහම් බව අඩු වෙනවා. දැල්ලෝ , ඉස්සෝ වැනි මත්ස්‍ය විශේෂයන් රස බව ඇත්ත. එහෙත් මේවා සිරුරට ඉතාම අහිතකරයි. ඒ නිසා නිතරම පොඩි මාලු වර්ග ආහාරයට ගන්න. ඒ වගේම බෙලි මල්, රණවරා මල් වැනි දේ තම්බා ගත් ජලය පානයෙන් සිරුර සිසිල් වෙනවා.

පළතුරු යුෂ සිරුර ලස්සන කරන පාන වර්ග ලෙසින් සැලකෙනවා.මොනතරම් පළතුරු කන්දරාවක් කාණු පල්ලේ කුණු වුනත් අපේ කාන්තාවන් පළතුරු යුෂ ආහාරයට ගැනීමට උන්දු වෙන්නේ නැහැ.ආහාරයෙන් පසුවත් පළතුරුක් අතුරුපස ලෙසින් ලබා ගන්න අමතක කරන්න එපා. බත් නම් පොල්කටු හැඳි එකහමාරකට සීමා කරන්න. ඒ අතරට පලා, එළවලු, වර්ග වැඩියෙන් එක් කර ගන්න. හවසට සුප් කෝප්පයක් පානය කිරීමෙන් කුසගින්නට යම්කිසි සහනයක් ලැබෙන නිසා ආහාර වෙනුවෙන් අධික ඉල්ලුම නොදැනීම නවතිනවා.

සිරුරේ ආලේපන වෙනුවෙන් ස්වභාවික දේ අපි අතර එමටයි. ඒවා ගැන යොමු වුනොත් ඔබේ රුව ලස්සන කර ගැනීම එතරම් අපහසුවක් නොවෙයි. සමේ තිබෙන ලප කැලැල්වලට ඉරමුසු තම්බා ගත් ජලයෙන් මුහණ සෝදන්න.

සිරුරේ උෂ්ණත්වය පාලනය කරන කෝමාරිකා සමේ පැහැපත් පෙනුමට ඉතාම හිතකරයි.

රණවරා මල් තම්බාගත් ජලය පානය කිරීමෙන් සම රන්වන් පැහැ ගැනෙන තරම් ප්‍රබල බව එදා කාන්තාවන් විශ්වාස කලා.

මුහුනේ කුරුලෑ සහ ඇසේ නගන ඇති වුනාම කලාදුරු ඇල් දියෙන අඹරාගෙන එම ස්ථානයන්හි ආලේප කරනු ලැබුවා.

සම වර්ණවත් කිරීමට වගේම විෂබීජ නැසීමට වෙනිවැල්ගැට ඉතාම ගුණදායක නිසාම බාල කාලයේ දරුවන් දියනාවන විට වෙනිවැල්ගැට තම්බා ගත් ජලයෙන් ඔවුන් නාවන්න තිබුනේ පුදුම කැමැත්තක්. ලේ වහනය වෙන තුවාලයකදි වගේම ඇණයක් ඇනුනම වෙනිවැල්ගැට තම්බාගත් ජලය පානය කිරීමෙන් පිටගැස්ම රෝගයෙන් ආරක්ෂාව ලැබෙන බවට එදා විශ්වාස කරනු ලැබුවා.

නෙල්ලි තුන්දොසටම සහනය දුන්නා විතරක් නාවෙයි. හිස්හොරිවලින් ආරක්ෂාවට , ලේ පිරිසිදු කිරීමට වගේම තරුණ පෙනුම රැකගැනීමට නෙල්ලි තරම් සමීපව කටයුතු කරන ඔසුවක් වෙනත් නැහැ.කොකුම් හෙවත් කුංකම සමේ ආලේප කිරීමෙන් සම පැහැපත් වෙනවා. සිරුරේ උෂ්ණය නිවන සුදුහඳුන් සමේ ආලේප කිරීම අනාදිමත් කාලයක පටන් සිද්ද වුනා. පෙරදිග කාන්තාවන් අතර මෙය ඉතාම සුලබයි. කහ රුව ලස්සන කිරීමට ආලේප කළ අතර එය විෂබීජ නාශක ඔසුවක් විදිහටත් කාන්තාවන් ගේ රුව ලස්සන කරන කටයුතු වෙනුවෙන් යොදා ගත්තා.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here