අලුත් අම්මලාගේ පසු ප්‍රසව සයිකෝසියාව

දරුවා දස මාසයක් කුසේ තබා ගෙන සිටිනවාට වඩා බිහි කිරීමෙන් පසුව කාන්තාවන්ගේ මානසිකත්ව බෙහෙවින් වෙනස් වෙනවා. මේ නිසා ඇති වෙන මානසිකත්වය පසු ප්‍රසව සයිකෝසියාව යනුවෙන් හැඳින්වෙනවා.මේ නිසාම ඇය වෙනදාට වඩා වෙහෙසකර තත්වයකින් වගේම නුරුස්නාව , සැමියා ගැන නොතකා සිටීම වැනි මානසිකත්වයක් පෙන්නුම් කරනවා. ඇතැම් මව්වරුන්ගේ මේ තත්වය උග්‍ර අතට හැරුනාම ඇති වෙන තත්වය මොන තරම් දරුණුද කිවහොත් තමන්ගේම දරුවන් මරා දමන්නට තරම් මේ මානසිකත්වය දරුණු විදිහට ජීවිතයට බලපානු ලබනවා.

කැත්ලින් මේගන් පදිංචිව සිටියේ ඔස්ට්‍රේලියාවේ නිව්කසල් නගරයේ. ඇගේ මුල්ම පිරිමි දරුවා 1989 වසරේ හදිසියේම මරණයට පත් වුණා. දෙවැනි දරුවා 1990 බිහිවුන අතර එක්දිනක් ඇය පැමිණිලි කලේ දරුවාට හුස්ම ගැනීම අපහසු බවයි. රෝහලට ඇතුලත් කිරීමෙන් ඔහුගේ ජීවිතය බේරා ගත හැකි වුණා. එදා ඔහුගේ ජීවිතය බේරුනත් පසු දිනක මේ දරුවා මරණයට පත් වුනා. ඇය තෙවැනි දරුවා 1992 වසරේ බිහි කළ අතර ඔහු ද හදිසියේම මියගියා. දිනක් කැත්ලින්ගේ සැමියාට ඇගේ දින පොතක් හමු වුනා. එහි වූ සටහන් අනුව මේ දරුවන්ගේ මිනීමරු කාන්තාව වුනේ අම්මා බව දැනගත් පියා ඇය නීතිය ඉදිරියට පමුණුවනු ලැබුවා.

ඉස්සර කාලයේ කාන්තාවකට දරුවෙක් ලැබුනාම ඇය වෙනුවෙන් අවධානය ලබා දෙන බොහෝ දෙනෙක් හිටියා. ඒත් අද මේ තත්වය වෙනුවෙන් සැදී පැහැදී ඉන්න පිරිස නැහැ. ඒ නිසාම කාන්තාව දරැ ප්‍රසුතියෙන් පසුව වෙනස් පරිසරයට තනිවම මුහුණ දෙනවා.

දරුවා ලැබුනාට පසුව අලුත් අම්මාව පවුලේ  උදවියගේ විශේෂ ආරක්ෂාවට පාත්‍ර වීම එදා පටන් පැවැති සිරිතක්. ඇය මෙම අත්දැකීමෙන් පසුව කායිකවත් යම් යම් වෙනස්කම් පෙන්නුම් කරනවා. මේ නිසා ඇති වෙන මලබද්ධය,අජීර්ණ රෝගාබාධයන්ගෙන් ආරක්ෂාව ලබා දීම නිසා ඇයට වෙනම පිලියෙළ වුන ආහාර තිබුනා. ඒත් මේවා දිගින් දිගටම දෙන්නෙත් නැහැ. ඊට හේත-ව අලුත උපන් දරුවාට කිරි දෙන්න අවශ්‍ය පෝෂණය අම්මාට තිබෙන්න ඕන.

ඒ දවස්වල පිලියෙල කරන ලද තැම්බුම් හොද්ද ඒ අතර විශේෂයි. එය පිළියෙල වුනේ මෙහෙමයි.

සූදුරු, මහදුරු, කොත්තමල්ලි මේස හැදි එක බැගින් වෙන් වෙන්ව ගෙන හොඳින් අඹරා ගන්න. වියලි මිරිස් කරලක් ගෙන පුලුස්සා ගන්න. කරපිංචා, රම්පෙ වැනි දේ එක් කර

වතුර කෝප්ප හතරක් දමා එය එකක් වෙන සේ සින්දවා ගෙන පානය කිරීම එදා දරුවන් ලත් අම්මාට ලැබුන සත්කාර අතරට එක් වුණා.

කායම් හොද්ද යනුවෙන් හැඳින්වනු තවත් පානයක් තිබුණා. එය පිළියෙල වුනේ මේ විදිහටයි.

සූදුරු, මහදුරු, කොත්තමල්ලි, ග්‍රෑම් විසිපහක් පමණ එක් එක් ද්‍රව්‍යන්ගෙන් ගෙන අඹරා ගන්න. ගොරක, ලුනු, එනසල් තලා ගන්න. පොල් ටිකක්ද බැද ගෙන මේ සියල්ලට වතුර කෝප්ප හතරක් දමා ගොරෝසු මිශ්‍රණයක් වෙන තෙක් හොඳින් හැඳිගාමින් පිසින්න.

දරුවා ලැබුනාට  පසුව අම්මාට දිය නෑමට ලබා දුන්නේ විශේෂ ශාඛ පත්‍ර තම්බා ගත් ජලයයි.පාවට්ටා කොළ, නික කොළ, එඩරු කොළ සහ වෙනිවැල් ගැට මේ දියරට එක්ව තිබුනා. මේ විදිහට හැම අතින්ම ලැබුන ආරක්ෂාව ඉහලින්ම එදා පැවතුනා.කොහොම වුනත් දරුවෙක් ලැබුනාම කාන්තාවක් ශරිරික ලෙසින් වගේම මානසිකවත් වෙනස් වෙනවා . ඒ නිසා අලුත් අම්මා කෙනෙක් තුලින් යම් අමුතු හැසිරීමක් දකින්න ලැබෙනවා නම් යන්තර මන්තර ගුරුකම් නොව ඉතාම ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යොමු වීම ඉතාම වැදගත්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here