ඔසප් දිනට නිවාඩුවක්

මාසිකව ඇති වෙන ඔසප් වීමේ අපහසුව දරුවන් ලැබීමේ හැකියාව ඇති සෑම කාන්තාවකටම පොදු තත්වයක්. මේ තත්වය කාන්තාවන්ට ආශිර්වාදයක් වුනත් එදිනට ඇති වේදනාව ඉතා අපසු  තත්වයක්. මේ දිනයන්හි කාන්තාවන්ට සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ කටයුතු පවා කර ගත නොහැකි තරම් දැඩි අපහසුතාවයකට පත් වෙනවා. මේ විදිහට කියන විට ඉස්සර කාලයේ අම්මලා මෙහෙම කියයි…

අපිටත් ඉතින් ඔය ස්වභාවික දේ සිද්ධ වුනා. ඒත් ගෙදර ඉන්න අයවත් ඒ ගැන දන්නේ නැහැ කියලා. ඒකත් ඇත්ත…ඒ වුනත් අද යුගයේ තිබෙන වැරැද්දක් නිසාදෝ මේ දිනයන්හි කාන්තාවන් බොහෝ සේ අපහසුතාවය පත් වෙනවා. මේ ගැන අදහස් විමසන විට මහනුවර ඩී. ඇස් සේනානායක වීදියේ ” ඩොලායෝ ” ආයුර්වේද මධ්‍යස්ථානයේ ආයුර්වේද වෛද්‍ය අයෝමි ශානිකා දොලපිහිල්ල මහත්මිය කියා සිටියේ අද පවතින ආහාර, ව්‍යායාම මදිකම වගේම ඔසප් අතරවාරයේ ස්නානය නිසා මේ විදිහට අපහසුතාවයන්ට මුහුණ දීමට සිද්ධ වෙන බවයි. ඒ අපහසුතාවයෙන් මිදෙන්න ප්‍රතිකාරයකුත් ඇය කියා සිටියා.

කොත්තමල්ලි ටිකක් කබලේ බැදල හොදින් කුඩු කර ගෙන ඔසප් වීමට දින දෙක තුනකට පෙරාතුව කෝපි වගේ වත්කරල බිව්වොත් මේ අපහසුතාවයෙන් මිදෙන්න පුලුවන් බව ඇය කියා සිටියා.කොහොම වුනත් මේ දිනයන්හි කාන්තාව විඳින අපහසුතාවය නිසා නීතිමය ආවරණයක් යටතේ මේ දිනයන්හි නිවාඩුවක් ලබා දීමට සැම්බියානු රජය අදහස් කර තිබෙනවා. ඔවුන් මේ නිවාඩුව ලබා දෙන්නේ ” මව්වරුන්ගේ නිවාඩුව ” විදිහටයි.ඊ‍ට හේතුව වන්නේ ඔසප් යන වචනය ප්‍රසිද්ධියේ කියන්න තිබෙන අපහසුව නිසයි. මේ නිවාඩුව අවිවාහක කාන්තාවන් , විවාහක මව්වරුන්ට , දරුවන් ලද හෝ නොලද යනුවෙන් කිසිම විශේෂයක් නැතිව ලබා දෙනවා.

යම් ආයතන ප්‍රධාණියෙක් මේ නිවාඩුව ලබා දීමට අසතුටක් පල කරනවා නම් ඒ ප්‍රධාණීන්ට විරුද්ධව කටයුතු කිරීමට පවා මේ නීතියෙන් අවසර ලැබී තිබෙනවා.

මේ අවස්ථාව සැම්බියාවේදී ලබා ගන්න වෛද්‍ය සහතික අවශ්‍ය නැහැ. අතිශය පෞද්ගලිකත්වය සමග මට ”මව්රුන්ගේ නිවාඩුව “ලබා දෙන්න යනුවෙන් සදහන් කිරීම ප්‍රමාණවත්. එතැනින් එපිටට විස්තර අහන්න ආයතන ප්‍රධාණීන්ටත් අවසර නැහැ.

මේ ගැන අදහස් ඉදිරිපත් කරන මහජන සම්බන්ධතා නිළධාරිනි ” දෙකලා මසිබ්බා ” සඳහන් කරන්නේ ඔසප්වීම මට මහත් වේදනාවක්.මුල් දවසේ වේදනාව මට දරා ගන්න

බැහැ. වේදනා නාශක ගත්තත් සාමාන්‍ය විදිහට දවස ගෙවන්න බැහැ. මම වාගේම අපහසුතාවයෙන් එදා දවස ගෙවන කාන්තාවන්ට මේ අවස්ථාව ඉතා වැදගත්.

ඒත් සේවා ප්‍රධාණීන් මේ ගැන ඒ තරම් මනාපයක් නැහැ. ” දෙකලා මසිබ්බා” ගේ ආයතන ප්‍රධාණී ”ජස්ටින් මුකසො” කියන්නේ මේ හේතුව නිසා ආයතනයේ සේවිකාවන් නිවාඩු ලබා දීම ඉතාම මානුෂීය කරුණක් බවයි.

ඒත් මේ වෙනුවෙන් කාන්තාවන්ගේ පැත්තෙන්ම විරුද්ධ අදහස් ඉදිරිපත්ව තිබෙනවා. ” මුටින්ටා චිකොපෙලා ” වෙළඳ ක්ෂෙත්‍රයේ සේවයේ නිරත සේවිකාවක්. ඇය තිදරු මවක්. ඇය කියා සිටින්නේ මේ නිවාඩුව නිසා කාන්තාව ඉතා උදාසීන තත්වයකට පත් විය හැකි බවයි. සැම්බියාවේ සේවයේ නිරත කාන්තාවන්ට නිවාඩු ලබා ගැනීමට කිසිම බාධාවක් නැහැ. ඒ නිසා මේ දිනය වෙනුවෙන් අමුතුවෙන් නිවාඩු ලබා දීම අවශ්‍ය නැති බව ඇගේ අදහසයි. යාඥා කිරීමට පවා නිවාඩු ලබා දෙන රටක මේ අන්දමට ඔසප් දින වෙනුවෙනුත් නිවාඩු ලබා දුන්නොත් ඒ මුවාවෙන් වෙනත් කටයුතු වෙනුවෙන් නිරත වෙන අතර සේවා ආයතනයේ කටයුතු වෙනුවෙන් මේ තත්වය වඩාත් අහිතකර විදිහට බලපාන්නට ඉඩ ඇති බව ඇගේ අදහසයි.

සැම්බියාවේ සේවාදායක සංවිධානයේ ප්‍රධාණී හැරින්ටන් චිබන්ඩා පෙන්වා දෙන්නේ සමාගමක සේවිකාවන් රැසක් එකම දිනයකදී මගේ නිවාඩුව ලබාගත් විට ආයතනික ගැටළුවලට වග කියන්නේ කවුද යන්නයි. තමන්ට අනවශ්‍ය වුනත් තිබෙන වරප්‍රසාදයෙන් ඔවුන් ප්‍රයෝජන ගැනීමට ඇත්තට උත්සාහ දරනවා.

සැම්බියාවේ වෘත්තිය සමිති සම්මේලනය මවගේ නිවාඩුව වෙනුවෙන් සහයෝගයෙන් කතා කරන අතර එහි උපදේශිකා කැත්රින් චිනුන්දා සඳහන් කරන්නේ මෙම නිවාඩුව තමන්ගේ හදවතට එකඟව ලබා ගත යුතු බවයි.ඇතැම් කාන්තාවන් තමන්ගේ ගමන් බිමන් මෙම නිවාඩුව ලබා ගෙන සිදු කරන බවටත් චෝදනා ඇත.ඒ නිසා ඇය කියන්නේ ඔබ මවගේ නිවාඩුව ලබා ගන්නවා නම් එදිනට කඩපිලටවත් නොයන්න…යන්නයි.

ඒ විතරක් නොවෙයි, ඇතැම් කාන්තාවන්ගේ විවිධ රෝග තත්වයන් නිසා ගර්භාෂය ඉවත් කරනවා. එවැනි අයට ඔසප් වීම් නැහ. ආර්තවහරනය වුනත් ඒ අය තමන්ගේ නියම තත්වය වසං කර ගෙන මෙම නිවාඩුව ලබා ගැනීමට තිබෙන ඉඩ නිසා මේ හිදැස් වෙනුවෙනුත් නීතිමය ආවරනය සැම්බියානු රජයෙන් ලබිය යුතු බව ඇය කියා සිටිනවා.

චීනයේ ඇතැම් පලාත් වලත් ඔසප්දිනය වෙනුවෙන් නිවාඩුවක් ලබා දීම අනුමතව තිබෙනවා.උත්සව සංවිධායකවරියක වූ චීනයේ ”චුරාන් ෂෙන් “කියා සිටින්නේ මාසිකව ඇය මෙම නිවාඩුව ලබා ගන්නේ එම දිනයන්හි මුහුණදෙන දරුණු වේදනාව නිසයි.

ඇය මේ දිනයේදී ෆේස් බුක් ගිණුමට ඇතුලත් කරන්නේ කුරුසයට තබා බඳින ලද උදර ප්‍රදේශය පුරා ඊතල ඇනී තිබන කාන්තා රූපයක්. විශ්ව විදයාල අධ්‍යපනයෙන් පසුව රැකියාවක නිරත වෙද්දී මේ තත්වයෙන් මම මහත් සේ පීඩා වින්දා. මම කාන්තාවක් වීම ගැන මටම සාප කර ගත්තා. ඒ නිසා වැටුප් සහිතව මේ දවස වෙනුවෙන් ලබා දෙන නිවාඩුව මට මහත් සහනයක් බව චුරාන් ෂෙන් සඳහන් කර සිටින්නීය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here