හැමදාම නෑවාට මේ ගැන දැනගෙන හිටියේ නෑ නේද ?

අප සියළුම දෙනා පිරිසිදුව සිටිමට කැමැතිය. ස්නානය කිරීමට දිනක් අතපසු වුවහොත් ඒ ගැන සිතමින් ළතැවෙන අයද අප අතර සිටිති. ස්නානය කිරීම මොහොතකට පසෙකින් තැබුවහොත් ඇඟපත සේදීම, මුහුණ සේදීම අතපසු කරන අයෙකු අප අතර නම් නැතිම ගානය.

අප නොදන්නවා වුවද අපේ ශරීරය මත බැක්ටීරියා කෝටී ගණනින් ජීවත් වේ. මෙම බැක්ටීරියා වලින් බහුතරය අපිට කිසිත් ආපදාවක් නොකරයි. එම බැක්ටීරියා අතර අපේ සමට ඉතා වැදගත් කොටසක් ද සිටී.  නමුත් අප උත්සාහ ගන්නේ කිසිදු බැක්ටීරියාවක් නොසිටින සේ පිරිසිදු වීමටය. මෙය ඉතා වැරදිය. වැර යොදා සම පිරිසිදු නොකළ යුතු බව විද්‍යාඥයෝ පවසයි. ස්නානය කිරීමේදී හිස, අතපයට වඩා ඉනෙන් පහළ ප්‍රදේශය පිරිසිදු කිරීමට වැඩි අවධානයක් යොමු කල යුතු බව ඔවුන් පවසයි.

ජලයේ ඇති වියළෙන ගුණය හමුවේ සම වියළීම මෙයට හේතුව බව විද්‍යාඥයන් පෙන්වා දෙන අතර වියළි සමක් තිබීම ආසාදන තත්ව ඇතිවීමට මඟපාදන්නක් බව ඔවුන් අනතුරු හඟවයි.එසේම ස්නානය කිරීමේදී වතුර මල යට ගතකල යුත්තේ උපරිම වශයෙන් විනාඩි 20ක කාලයක් බව ඔවුන්ගේ උපදෙසයි. වැර යොදා සම මත සබන් ආලේප කිරීමේ ආදීනව ගැන ඔවුන් පවසන්නේ, එයින් සම මත ඇති ආරක්ෂක බැක්ටීරියා ස්ථරය ඉවත්වී ආසාදන වලට මාර්ගය විවර වන බවයි. ඊට අමතරව සබන් වල ඇති විවිධ රසායන සමට ඉතාම අහිතකර බවයි. සැර අඩු, ශාකසාර භාවිතයෙන් නිපද වු සබන් වර්ගයක් භාවිතා කිරීම ඔවුන් මෙයට දී ඇති එක් විසදුමකි. අපේ සමහරු ඇඟ පිරිසිදු කිරීම සඳහා නොයෙකුත් දියර වර්ග භාවිතා කරති. නමුත් ඇත්තටම හොඳ සබන් කැටයකුයි, වතුරයි තිබුනොත් ඇඟ හොඳට පිරිසිදු කරගන්න ඒ හොඳටම ඇති. සබන් ගාන කොට ඉකිලි, කිහිලි හා ලිංගාශ්‍රිත ප්‍රදේශ ගැන අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. ආසාදන ඇති වෙන්න ගොඩාක් ඉඩකඩ ඇත්තේ මෙම ප්‍රදේශයි. වයස්ගත වූවන් සබන් භාවිතයෙන් හැකිතාක්දුරට වැලකි සිටින්නේ නම් එය බෙහෙවින් අගෙයි. හේතුව වන්නේ වයස්ගත වීමේදී අපගේ සිරුරු වල සම තුනී ස්වාභාවයක් ගැනීමත්, සබන් භාවිතයෙන් සමට හානි සිදුවීමට තිබෙන හැකියාව ඉහළ වීමත් නිසාය.

වතුර මලෙන්  වැටෙන වතුර තරමක් ප්‍රභලය. වතුර මලෙන්  වතුර වැටෙන විට මුහුණ ඉහලට යොමාගෙන වතුර මුහුණ හා ගැටෙන්නට ඉඩදී සිටීම බොහෝ දෙනාගේ පුරුද්දයි. එය මුහුණ හා ගැටීමට සැලැස්සවීම තරමක් අවදානම්ය. ප්‍රභල වතුර පහරක් ගැටීම නිසා මුහුණේ පේශී දුර්වල වීමත්, මුහුණේ සම අවපැහැ ගැන්වී එහි තත්වය බාල වීමක් සිදු වන බව ඔවුහු කියති. මේ අයුරින් ජලය මුහුණේ සම හා ගැටීමට සැලැස්සවීමෙන් සමේ ආරක්ෂාවට වැදගත් බැක්ටීරියාද ඉවත්ව යයි.මුහුණ සෝදන්න හොදම විදිය තමයි බේසමක් පාවිච්චි කිරීම. එතකොට ඔබගේ මුහුණට වතුර දාන්න සිදුවන්නේ අත් දෙකට අරන්. අඩු වතුර ටිකක් තමයි මුහුණට වැටෙන්නේ.

බහුතරයකගේ පුරුද්දවී ඇත්තේ අත්ලට ඇති පදමට ෂැම්පු ගෙන හිස මත තබා වේගයෙන් ඇතිල්ලීමයි. මෙය අයහපතක් පුරුද්දකි. හිසකෙස් තුඩු හොදින් ආවරණය වන සේ ෂැම්පු ගැල්වීම හොඳටම ප්‍රමාණවත්ය. ෂැම්පු ගල්වා හිසකෙස් තෙරපීම, ඇදීම ආදී කිසිවක් කිරීම අවශ්‍ය නොවේ. ෂැම්පු ගල්වා හොදින් හිස සෝදා පිරිසිදු කලද, හිසකෙහි තෙල් සහිත ස්වාභාවය එලෙසම පැවතිය ද හැක. ෂැම්පු ගල්වා හැකිතාක් සුමටව හිසකෙස් පිරිසිදු කලහොත් මේ කිසිත් කරදරයක් ඇති නොවන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here