Facebook සමාජ ජාල වෙබ් අඩවියට අභියෝගයක් වන Chainora සමාජ ජාල වෙබ් අඩවිය.

Malshi_Mendis_Womanly_2017_06_12.Doc

අද වෙද්දි  මේ ලෝකේ බොහොමයක් දෙනා භාවිතා කරන සමාජ  ජාල වෙබ් අඩවිය විදියට Facebook එක හඳුන්වා දෙන්න පුළුවන්. බිලියන ගණනක් ජනතාව Facebook සමාජ ජාලයත් එක්ක එකතු වෙලා ඉන්නවා. තමන්ගෙ දැනුම බෙදා ගන්න, අළුත් මිතුරන් හදුනා ගන්න වගේම තම අදහස්, යෝජනා Share කර ගන්නත් Facebook එක හරහා අපේ අය හුරු වෙලා ඉන්නවා.

අැත්තටම Facebook සමාජ ජාල වෙබ් අඩවිය ගත්තොත් මෙය හරහා සමාජයට හොඳ දේවල් වගේම නරක දේවලුත් එකතු වෙලා තියෙනවා. පහුගිය කාලය පුරාවටම අපි දැක්කා ස්වභාවික විපත් වලින් අවතැන් වුන අපේම මිනිසුන්ට Facebook එක හරහා මිතුරන් එකතු වෙලා හැම අතින්ම උදව් උපකාර කළා.ඉතින් එහෙම බැලුවම නම් Facebook එක හරහා රටට, සමාජයට දෙයක් කරන්න අපේ අයට පුළුවන්.  ඒ වගේම තමයි මේ හරහා ගොඩක්  දුෂණ, වංචා සිදු වෙනවා. Facebook එක ගත්තම නම් ටිකක් අනාරක්ෂිත සමාජ ජාලයක් කිව්වොත් මම නිවැරැදියි. මොකද ඕන වෙලාවක වෙනත් අයට ඔබේ ගිණුමට ඇතුළු වෙලා එහි දත්ත වෙනස් කරන්න ඔබේ නම කැත වෙන විදියෙ වැඩ කරන්න පුළුවන්.

හැබැයි අද womanly.lk තුලින් මම ඔබට කියන්න යන්නෙ වෙනස්ම විදියෙ සමාජ ජාල වෙබ් අඩවියක් ගැන. ඇත්තටම ලාංකිකයන් විදියට අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන් තවත් දෙයක් තමයි ඇමෙරිකාවෙ ඉන්න මාර්ක් මහත්මයටත් අභියෝගයක් කරලා මේ අළුත් සමාජ ජාල වෙබ් අඩවිය නිර්මාණය කරලා තියෙන්නෙ වයස අවුරුදු 19ක ඉන්න ලංකාවේ අපේම සහෝදරයෙක්. ලකිඳු ජයතිලක කියන අපේ  මේ තරුණයා විසින් ලොවට හඳුන්වා දුන් අළුත්ම සමාජ ජාල වෙබ් අඩවිය තමයි Chainora  කියලා කියන්නෙ.

මෙම Chainora වෙබ් අඩවියෙ තියෙන එක් විශේෂත්වයක් වන්නෙ ඔබේ Chainora සමාජ ජාල වෙබ් ගිණුමට ඔබට එකතු කර ගන්න පුළුවන් ඔබේ මිතුරන් ඔබට අවශ්‍ය ලෙස තෝරා ගැනීමට හැකි වීම. එනම් ඔබ මෙම ගිණුමට එකතු කර ගන්න මිතුරන් ඔබේ ප්‍රදේශයෙ අයට විතරක් සීමා කරන්න ඔබට පුළුවන්. නැතිනම් ඔබ වෙසෙන රටේ පමණක් මිතුරන් වෙන්න පුළුවන්. Facebook එක තුල නම් අපි දන්න නොදන්නා මිතුරන් හැමෝම ඉන්නවා නෙ. නමුත් Chainora වෙබ් අඩවියට අපි දන්න අය පමණක්ම අපට එකතු කර ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම Chainora වෙබ් අඩවිය ආරක්ෂිත වෙබ් අඩවියක්. මොකද කාටවත් ඔබේ Chainora අඩවියට ඇතුළු වෙන්න අවස්ථාව නෑ. ඒ වගේම මෙහි වෙනස් වෙනස් විදියෙ වැඩ කිහිපයක්ම හදුන්වා දී තිබෙනවා.

ඔබේ තරාතිරම අනුව ඔබට ගැලපෙන සමාජ මට්ටමෙහි මිතුරන් මෙම වෙබ් අඩවිය හරහාම ඔබට හඳුන්වා දෙන්න ඔවුන් කටයුතු කර තිබෙනවා.

එහෙනම් අපි බලමුද කොහොමද  Chainora ගිණුමක් හදා ගන්නෙ කියලා.

ඔබට පුළුවන් Play Store එක හරහා Chainora ඇප් එක ඔබගේ දුරකථනයට Install කර ගන්න.

chainora 1

 

 

 

 

 

 

 

ඉන් පසුව Chainora ඇප් එක හරහා එයට ඇතුළු වන ඔබට පහත ආකාරයෙන්  Application එකක් පෙන්වාවි. එහි Sign Up කොටසෙහි ඔබගේ තොරතුරු ඇතුලත් කරලා ඔබට පුළුවන් එය සම්පූර්ණ කරන්න.

chainora 2

 

 

 

 

 

 

 

එය සම්පූර්ණ කළ පසුව ඔබ එයට ලබා දුන් ඔබගේ email ලිපිනයට ඔබට රහස්‍ය අංකයක් Chainora කණ්ඩායම විසින් එවනු ඇති. එය Vertifiy Code එක ලෙස ලබා දී ඔබට ඔබගේ නම්න් සාදන ලද Chainora ගිණුමට සම්බන්ධ වීමට පුළුවන්.

 

 

 

 

 

 

 

දැන් ඔබගේ Chainora ගිණුම තුලට ගොස් ඔබගේ ගිණුමෙහි සියලු තොරතුරු  ඔබට අවශ්‍ය ලෙස සාදා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා.

Facebook ජාලය තුල වගේම ඔබට ඔබගේ අදහස්, නව තොරතුරු, Photos , Vedios, Chainora ගිණුම තුලදීත් ඔබගේ මිතුරන් සමඟ Share කර ගන්න ඔබට පුළුවන්.

Chainora වෙබ් අඩවිය හා සම්බන්ධ වීමට ඔයාටත් පුළුවන්. www.chainora.com කියන වෙබ් අඩවිය හරහා. Chainora තුල ඔබට ක්‍රියාකාරකම් රැසක් හදුන්වා දී තිබෙනවා. පහත රූප රාමු වලින් ඔබට එය දැක ගැනීමට හැකියි.

chainora 5

 

 

 

 

 

 

 

ඉතින් ලංකාවේ අපේ කොල්ලෙක් බුකියට කරපු මේ අභියෝගය කොහොමද කියලා බලන්න ඔබටත් පුළුවන් අදම chainora එක්ක සම්බන්ධ වෙන්න. Facebook එකට වඩා වෙනස් විදියෙ වැඩ ගොඩක් Chainora තුල හඳුන්වා දී තිබෙනවා. ඉතින් අපේ දේ ජාත්‍යන්තරයත් පරදවන තැනට අරන් එන්න අපිත් chainora එක්ක එකතු වෙලා බලමු නේද?

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here