ගර්භනී කාලයේ දියවැඩියාව හැදුනොත්

රුධිරයේ සීනී සහිත කාන්තාවන්, රෝගය පාලනය කර නොකර හෝ ගැබ් ගැනීමෙන් සිදුවිය හැකි ගැටලු රැසක් අනාවරණය කර ගෙන ඇත. මෙවැනි අවස්ථාවකදී අනුගමනය කලයුතු පිළිවෙත් පිළිබඳව අප අවධානයක් දිය යුතුය.

කාන්තාවක් ගැබ් ගැනීමෙන් පසු එම කාලයේ පමණක් ඇති වන දියවැඩියාව අද පෙරට වඩා දක්නට ඇත. එයට බලපාන හේතු රැසක් ද ඇත. විශේෂයෙන් දකුණු ආසියානු කාන්තාවක් වීම පෙන්වා දිය හැක. තම මව්පියන් සහෝදර සහෝදරියන් මෙම රෝගයෙන් පීඩා විදීමත්, මීට පෙර ගැබ් ගැනීමකදී බර වැඩි දරුවන් බිහි වීමත් සහ පෙර බිහිවු දරුවන් උපන් පසු මිය යෑමත් මෙම රෝගය ඇති වීමට හේතු ලෙස පෙන්වා දිය හැක.

ගර්භනී කාන්තාවකගේ රුධිරයේ සීනී ඇති බව දැනගත් විට පලමුව කෑම ගෙන පැය දෙකකින් පරීක්ෂණයක් කරයි.රෝගය තව දුරටත් පැහැදිලි කර ගැනීම සඳහා ග්ලුකෝස් ග්‍රෑම් 75ක් පානය කරන්නටදී රුධිරයේ සීනී පරික්ෂා කරයි. ගර්භනී සෑම මවක්ම මෙම කාලයේදී දියවැඩියා රෝගයෙන් පෙලුනත් නැතත් දරු ගැබට සති 24 – 28 කාලයේදී දියවැඩියාව පරීක්ෂා කර ගැනීම සුදුසුය. මෙම රෝගයට ගොදුරු වන පිරිස වැඩි හෙයින් අද වන විට සෑම ගර්භනී මවක්ම එම පරීක්ෂණය කල යුතුය යන්න සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් විසින් දැනුවත් කර ඇත.

ගැබ්ගත් පසු රුධිරයේ සීනී වැඩි වු කාන්තාවන්ට බොහෝ විට දරු ප්‍රසුතිය සිදු කරන්නේ සිසේරියන් සැත්කමිනි. සීනී පාලනය අපහසු කාන්තාවන් බොහෝ විට සති 40 වීමට පෙර ගැබට සති 28 ක් වු විට මෙම සැත්කමට සුදානම් කරන අවස්ථා තිබේ. එසේ කරන්නේ මෙම තත්වය අවදානම් නම් පමණි. මේ සියල්ල කරන්නේ වෛද්‍යවරයාගේ තීරණය මතය.

ගර්භනී සමයේ කාන්තාවකට දියවැඩියා රෝගය ඇති බව හඳුනා ගත හොත් එය මුල් කාලයේ සිටම පාලනය කල යුතුය. එසේ නොවුන හොත් එය කුසෙහී වැඩෙන දරුවාට ගැටලුවකි. එවිට, දරුවා අධික ලෙස වර්ධනය වීමත් භූණ තරලය වැඩි වීමත් ප්‍රසුත සංකුලතා ඇති වීමටත් බලපායි.  ගර්භනී කාලයේ දියවැඩියා තත්වය මුලින්ම හඳුනගත හොත් එය නිසි ලෙසට පාලනය කර නිරෝගී දරු උපතක් සිදු කල හැකිය. මෙම රෝගය හඳුනාගත් පසු ආහාර පාලනය ඉතා වැදගත්ය. එවැනි මව්වරුන් හට ගැලපෙන පරිදි නිසි පෝෂණීය ආහාර වේලක් ලබාදිය යුතුය. මෙම පිෂ්ඨය වැඩි ආහාර ලබාගත යුත්තේ අඩුවෙනි. බතට වඩා එළවළු වැඩිපුර ගත යුතුය. එසේම මාසිකව රුධිරයේ සීනී පරීක්ෂා කරගත යුතුය. සාමාන්‍යයෙන් ගර්භනී කාලයේ දියවැඩියා තත්වයෙන් පෙළේ නම් නිතර නිතර රුධිර සාම්පල ගැනීමට සිදුවේ.

රුධිරයේ සීනී සහිත කාන්තාවක් තම දරුවාගේ වර්ධනය ගැන සැලකිලිමත් විය යුතුය. දරු ගැබට සති 28, 32, 36 වන විට ස්කෑන් පරීක්ෂණවලට භාජනය කල යුතුය. එසේ කරන්නේ කළලයේ වැඩෙන දරුවාගේ යම් සංකුලතා තිබේ දැයි හඳුනා ගැනිමටය.

කාන්තාවකට මෙම කාලයේදී ඖෂධ නියම කරනු ලබන්නේ එම රෝගය පාලනය කරගත නොහැකි නම් පමණි. දරු ප්‍රසුතියෙන් සති හයකට පසුව යලි දියවැඩියා රෝගය පරීක්ෂා කරගත යුතුය. එය අත්‍යවශ්‍යමය. එයට හේතුව දියවැඩියා රෝගයට ගොඳුරු වු කාන්තාවකට පසු කාලීනව එම රෝගය යලි වැලදීමේ ඉඩකඩ බොහෝ ඇති නිසාය. ඒ නිසා ආහාර, ව්‍යායාම ගැන විශේෂයෙන් සිතිය යුතුය. මාස හයකට වරක්වත් මෙම රෝගය පිළිබඳව පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වේ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here