මදුරුවන්ගෙන් තොර පරිසරයක්

ඉගුරු දුරු ඈ යුතු මල්ගොමු හා වවා වතු….කාව්‍යශේඛරය රචනා කරන ලද තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කාන්තාවකගේ භූමිකාව ගැන එදා සඳහන් කළේ ඒ විදිහටයි. ඒත් අද අපේ ගෙවත්තෙන් මල් ගොමු නොදැනීම ඈත් වෙලා. මේ අතර පසුගිය දිනක අන්තර්ජාලයේ සදහන්ව තිබන අන්දමින් මදුරුවන් විකර්ශනය කරන මේ මල් වර්ග ඔබේ ගෙවත්තේ වගා කර ගත්තොත් අද අපිට බැට දෙන ඩෙංගු මදුරුවාගෙන් නිදහස් වෙන්න පුලුවනි. අද මදුරුවාගෙන් තිබෙන උවදුර දෙපිට කැපෙන ආයුධයකට සමානයි. මදුරු විකර්ශන විදිහට භාවිතා වෙන බොහෝ දේ තවත් පැත්තකින් ශ්වසන ආබාධ ඇති කරනවා. ඒ නිසාම මේ දෙපැත්ත තුලනය කර ගැනීම බොහොම අසීරු කටයුත්තක්. ඒ වුනත් ස්වබාවික මදුරු විකර්ශනයන් විදිහට එබේ ගෙවත්තේ වගා කර ගත හැකි මෙම ශාඛ මගින් මදුරුවන්ගෙන් තොර කලාපයක් බවට ඔබේ නිවස සහ අවට පරිසරය නිර්මානය කර ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවෙයි.

ලැවැන්ඩර්

මෙය ඉතා සුවඳ මල් වර්ගයක්. මල්පෝච්චියක වුනත් වගා කර ගත හැකි ලැවැන්ඩර් මල් පැලයක් දොර ජනේල අසලින් තබා ගැනීමටත් බාධාවක් නැහැ. ඊට හේතු කීපයක් තිබෙනවා.

  • පැලය කුඩා නිසා ඉඩ ඉතිරියි.
  • මෙයින් වහනය වෙන සුවඳ දරා ගැනීම පහසු වගේම ආසාත්මිකතාවයන් ඇති කරන්නේ නැහැ
  • ඇතැම් මදුරු නාශක දියර වෙනුවෙන් මෙයින් නිස්සාරනය කරගත් රසායනයන් යොදා ගැනේ.
රෝස්මරී

නිවසේ ඇතුලත වගේම ගෙවත්තේ වගා කර ගත් හැකියි. මෙහි පත්‍රිකා පුලුස්සන විට මදුරුවන් විකර්ශනය වෙන බව දැන් හඳුනාගෙන තිබෙනවා.

මදුරුතලා

ඉස්සරකාලයේ මදුරුවන් පලවා හැරීමට යොදා ගත් මදුරුතලා ශාඛ දැන් දකින්නවත් ලැබෙන්නේ නැහැ. කිසිම චෝදනාවක් නැති මෙම ස්වභාවික ශාඛ නිසා අතීතයේදී අද වගේ මදුරු වසංගතවලින් සමාජය පීඩාවට පත් වුනේ නැහැ. මෙය ඉංග්‍රිසියෙන් හදුන්වන්නේ ” හෝලි බැසිල් ” එහෙම නැත්නම් ” සේක්‍රඩ් බැසිල් ” යන නමිනුයි. ඒ තරමටම පූජණීයත්වයක් මේ ශාඛයට ලැබුනා. මෙම ශාඛ පත්‍ර ඉස්සර හැන්දෑවට හැම ගෙදරකම තැන තැන විසුරුවා තැබුවා. එයින් නික්මෙන සුවඳට මදුරුවන් ගෙට ආවේ නැහැ. ආයුර්වේදයේදී කෘමි දෂ්ටනයන්ට ප්‍රතිකා රවෙනුවෙන් මදුරුතලා යොදා ගන්නවා.

බැසිල්

බටහිර රටවල ආහාර රස කාරකයක් ලෙස යොදා ගන්නා මෙම ශාඛයත් මදුරුවන්ගේ විකර්ශනය ඇති කරන පැලෑටියක්. පත්‍රිකා තැලීමක්වත් අවශ්‍ය නැති තරමටම මදුරුවන්ගේ පලවා හැරීම ඉතාම පහසුවෙන් කළ හැකි ශාඛයක්.

සුදුලූණු

ඉස්සර කාලයේ සුදුලූණු පොතු හැම නිවසකම වාගේ ආරක්ෂිතව තබා ගත්තේ සර්පයෙක් ගෙට ඇදුන වේලාවට මේ පොතු පුලස්සන්න. එවිට සර්පයා නිවසේ නොසිට පිටතට ඇදී යන බව අත්දැකීමෙන්ම ඔවුන් දැන සිටියා. සුදුළූණු වගා කරන විට එම ප්‍රදේශ ආශ්‍රිතව මදුරු ගහනය අඩු බව බටහිර පර්යේෂකයන් විසින් දැන් හඳුනාගෙන තිබෙනවා.

කුප්පමේණිය

අපි දන්නේ බළලුන්ගේ ශාඛයක් විදිහට වුනත් මදුරුවන්ගේ පලවා හැරීමට හැකියාව ඇති ශාඛයක්. මෙහි අන්තර්ගත ” නෙපෙටැලක්ටොන් ” නැමැති ස්වභාවික රසායනය මදුරුවන් පලවා හැරීමේ හැකියාවෙන් යුක්ත බව දැන් පිලිගෙන තිබෙනවා. බටහිර රටවල මදුරු දෂ්ටන තුවාලවලට මෙම ශාඛ පත්‍ර තලා ආලේප කරනවා.

ජෙරනියම්

ලෙමන් සුවඳ වහනය වෙන ගෙරනියම් මදුරුවන් ගේ විකර්ශනය ඇති කරන පැලෑටියක්. පැඟිරි ශාඛයට සමාන මෙහෙයක් මදුරුවන් මුල් කර ගෙන මෙම ශාඛයෙන් සිදු වෙනවා.

මින්චි

කුඩා ඉඩක වගා කළ හැකි මින්චි ආහාර රසකාරකයක් විදිහට අපට හොදින් හුරු පුරුදුයි.අද අපි මින්චි ගැන කතා කරන්නේ මදුරු විකර්ශන හැකියාවෙන් යුක්ත ශාඛයක් හෙවත් පුංචි පැලෑටියකින් සිදු වෙන ලොකු මෙහෙයක් වැනි වටිනාකමකිනුයි. මෙයින් නිස්සාරනය කර ගන්නා තෙල් සිරුරේ ආලේප කළ විට මදුරුවන් දෂ්ට කිරීම වැලකෙනවා. මින්චි කොල ටිකක් පොඩි කළ විට වාතයට එක් වෙන සුගන්ධය නිසා මදුරුවන්ගෙන් තොර කලාප නිර්මානය කර ගැනීමට පුලුවන්.

වැනිලා

හොඳින් වියලාගත් වැනිලා පත්‍රයක් නිවසේ එල්ලා තබන්න. එවිට මදුරුවන්ට මෙම නිවස තහංචියි.

කරාබුනැටි හා දෙහි

දෙහි බෑයක් කපා එම පලුවක කරාබු නැටි ඔබා තබන්න.

පෙනිරෝයල්

මින්චි කුලයට අයත් පෙනිරෝයල් මල්පෝච්චියක වුනත් සිටුවා ගත හැකියි. ඔබට අවශ්‍ය නම් නාන කාමරයක වුනත් තබා ගැනීමට බාධාවක් නැහැ. මෙයින් වහනය වන සුවඳට මදුරුවන් මියැදෙන බව දැන් තහවුරුව තිබෙනවා.

දාස්පෙතියා

ඉස්සර කාලයේ හැම‍ගෙවත්කම දාස්පෙතියා ගොන්නක් තිබුනා. ඉතාම පහසුවෙන් වැවෙන , බෝවෙන වගේම එතරම් සාත්තු සප්පායම් අවශ්‍ය වුනේ නැහැ. ඒ අතරම දාස්පෙතියා මගින් මදුරුවන්ට තිබුන විකර්ශනය ඉතාම වැදගත්. මෙම ශාඛයේ අන්තර්ගත ” පයිරෙක්‍රම් ” මදුරුවන්ට විකර්ශනය ඇති කරනවා. මදුරුවන් වගේම වෙනත් කෘමින් විකර්ශනයට දාස්පෙතියා යොදා ගත හැකියි.

සේර

පැලයේ ගොබ වතුර එක් රැස් කරන නිසා ඩෙංගු මදුරු තවාන් ඇති කරනවාය යන චෝදනාව නිසා බොහෝ දෙනා සේර ගස් සහමුලින්ම කපා දැම්මා. මෙහි ” සිබ්‍රනෙල්ලා ” සංයෝග අන්තර්ගත නිසා මදුරුවන්ට විකර්ශනයක්. ස්වභාවික ආහාර රසකාරකයක් විදිහටත් භාවිතා කළ හැකියි. සේර ගොබයේ වතුර නොරඳන විදිහට නඩත්තු කිරීමට පුලුවන්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here