ඔබත් සැමියාට කතා කරන්නේ නම කියලද? එහෙනම් අනිවාර්යෙන්ම මේ ලිපිය කියවන්න

තමන්ගේ ස්වාමිපුරුෂයාට නම කියා ආමන්ත්‍රනය කිරීමට අපේ රටේ වුනත් එදා කැමැත්තක් දැක්වූයේ නැහැ. තමන්ගේ ස්වාමිපුරුෂයා යනු ගාම්භීර චරිතයක් විදිහට සලකන ලද නිසාම මේ තත්වය ඇති වුනා. ඒ වුනත් දැන් ඉන්දියාව වැනි රටවල සමාජ ක්‍රියාකාරින්ගේ අදහස අනුව ස්වාමිපුරුෂයා වෙනුවෙන් නම කියා ආමන්ත්‍රනය කිරීම වරදක් නොවේ. මේ ගැන අදහස් ඉදිරිපත් කරමින් බී.බී.සී දිල්ලි කාර්යාලයේ ගීතා පාන්ඩේ සඳහන් කරන්නේ ඇගේ දෙමව්පියන් විවාහ වෙන විට අම්මාට වයස අවුරුදු එකොලහක් තරම් ලාබාල වයසක සිටි අතර දැන් ඔවුන් දෙදෙනාගේ විවාහයට වසර 73 ක් සම්පූර්ණ වී තිබෙනවා. ඒත් මේ දෙදෙනා තවම නම කියා උනුනුන් ආමන්ත්‍රනය නොකරන බව ගීතා පාන්ඩේ සඳහන් කරනවා.

අම්මා දරුවන් සමග පවුලේ අදහස් සන්නිවේදනය කරන විට පියා ගැන සඳහන් කරනු ලැබුවේ “බාබුජි” යනුවෙන්. ඒත් තාත්තා සමග කතා කරන විට අම්මා ඔහු අමතන ලද්දේ “ඒයි” එහෙම නැත්නම් “මෙයා” යනුවෙනුයි.

ඇත්තටම මේ විදිහට ස්වාමිපුරුෂයා වෙනුවෙන් නම කියා ආමන්ත්‍රනය නොකල යුතු යැයි කොතැනකවත් සම්ප්‍රදායක් තිබුනේවත්, ආගමක් මගින් හෝ කුලයක් මගින් හෝ ජාතියක් මගින් හෝ බලපෑමක් තිබුනේ නැහැ.

සමාජ මානව විද්‍යාඥ “ආර් වාසවී” සඳහන් කරන්නේ සැමියා බිරිඳගේ දෙවියා විදිහට සලකන නිසාම ඉන්දියානුවන් ස්වාමිපුරුෂයාට නම කියා ඇමතීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. ගැහැණු දරුවාට බාල කාලයේ පටන්ම පවුලෙන් ලැබෙන ආකල්පය වුනේ පිරිමින් යනු උතුම් පිරිසක්ය යන සංකල්පයයි. විවාහයෙන් පසුව සැමියා සලකනු ලැබුවේ බිරිඳගේ දෙවියාය යන පිලිගැනීමක්. මේ විදිහට දේවත්වයෙන් සලකන අයෙකුට නම කියා ආමන්ත්‍රනය ඇත්තටම එතරම් හොද දෙයක් නොවන විදිහට ඔවුන් සලකනු ලැබුවා.

ඒ විතරක් නොවෙයි.ස්වාමි පුරුෂයාට නම කියා ආමන්ත්‍රනය කිරීමෙන් ඔහුගේ ආයුෂ කෙටි වෙන බවටත් වූ මිථ්‍යාවක්ද තිබුණා.ඉන්දියානුවන් අතර ගතානුගතික අදහස් වෙනුවෙන් ඉහල පිලිගැනීමක් තිබුන අතර මෙම ගතානුගතිකත්වයෙන් ඉවත්ව කටයුතු කිරීම මහා අපරාධයක් විදිහට සැලකීම නිසා අසීරුතාවයට පත් කාන්තාවන් ගැනත් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

ඔරිස්සාවේ ජීවත්වෙන මලිති මහතෝට ඇති වුන අසීරුතාවයක් ගැන පුවත ඔබ ඇසුවොත් ඇත්තටම කාන්තාවන් මුහුණ දෙන ශෝචණීය ඉරණම ගැන ඔබ පුදුමයට පත් වෙනු ඇත. එක් දිනක් මලිතිගේ ස්වාමිපරුෂයා සහ ඔහුගේ මාමා ඇතුලු පිරිසක් නිවසේ ඉදිරිපිට ස්ථානයක වාඩි වී සිටියා.ස්වාමිපුරුෂයාගේ සහෝදරිය ඇවිත් අතන සිටින්නේ කවුදැයි ඇසූ විට ඇය එතැන සිටි පිරිස නම් වලින් සදහන් කලා. පිරිමින්ට නම කියා ආමන්ත්‍රනය කිරීම කාන්තාවකට නොගැලපෙන අතර පිරිමින්ට අපහාස කරන ලදැයි වූ චෝදනා ගොණු කොට ස්වාමිපුරුෂයාගේ සහෝදරිය විසින් ගම්සභාවට පැමිණිලි කරනු ලැබුවා. නම කියා පිරිමින් ආම්න්ත්‍රනය කළ වරද නිසා මලිති සහ දරුවන් ගමේ කෙලවරක පිහිටි නිවසකට පලවා හරිනු ලැබුවා. එපමනක් නොව ගම්වැසියන් විසින් මාස දහඅටක් ඇය කොන් කරනු ලැබුවා.

සමාජ මානව විද්‍යාඥ ඒ . ආර් වාසවී සදහන් කරන අන්දමට පුරුසාධිපත්‍ය පිළිබඳ උරුමය අදියර කිපයකින් ක්‍රියාත්මක වෙන අතර ස්වාමිපුරුෂයා යනු කාන්තාවගේ ජිවිතයට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන චරිතයක්. ඔහු ආර්ථික වශයෙන් බිරිඳ වෙනුවෙන් ශ්‍රමය කැපකරන්නෙක් . ඒනිසාම ස්වාමිපුරුෂයා “යජ්මන්” යනුවෙන් හැදින්වීම සාධාරණ බව ඇයගේ අදහසයි.

මේ අතර ලංකාවේ මෑතකාලීන වැඩි දෙනෙක් ස්වාමිපුරුෂයාට ආමන්ත්‍රනය කරන්නේ “අයිය” යනුවෙන්. ඉන්දියානු සමාජයෙත් මේ ආමන්ත්‍රනය පවතිනවා. අයියලා බොහෝ සිටින විට සැමියා ලොකු අයියා බවට පත් වේ.පීතෘමුලික ඉන්දියානු සමාජය තුළ ස්වාමිපුරුෂයාට නමින් ආමන්ත්‍රනය කිරීමට කාන්තාවන් අතර උනන්දුව ගොඩ නගන ස්වේච්ඡා ව්‍යාපාර දැන් බිහිවෙමින් පවතී.

බටහිර ඉන්දියවේ “පුනා” නගරයේ සමාජ සේවිකාවක වූ රෝහිනී පවර් විවාහ වී අවුරුදු 16 ක් ගෙවුනත් ඇය තමන්ගේ ස්වාමි පුරුෂයාට ඔහුගේ නම හෙවත් “ප්‍රකාශ්” ලෙස ආමන්ත්‍රනය කර කිබුනේ නැත එහෙත් මේ සංකල්පය සමාජගත කිරීම සදහා ඇය පසුගිය වසරේදි ඔහුට නමින් ආමන්ත්‍රනය කිරීම ආරම්භ කළ අතර ප්‍රකාශ්ගෙන් ඊට විරෝධතාවයක් ඇති වුනේ නැත.

දැන් රෝහිනී සිය සැමියාට “ප්‍රකාශ්” කියා ආමන්ත්‍රණය කරන්නීය. ප්‍රකාශ් ගෙන් විරෝධයක් ද නැත. එහෙත් ගමේ ජනතාව ඊට සතුටු නැත.රෝහිනි විසින් ගොඩනගන ලද අලුත් තත්වය ඉදිරියේ බොහෝ කාන්තාවන් තමන්ගේ ස්වාමි පුරුෂයාට නම කියා ආමන්ත්‍රනයට යොමු වුන අතර එක් කාන්තාවක් එසේ නම කියා ආමන්ත්‍රනය කරත්ම ස්වාමිපුරුෂයා විසින් කම්මුලට පහර දී ඇත.නැවත වරක් නම කිව්වොත් දඬුවම මීට වඩා බරපතල වෙනු ඇතැයි අනතුරු දැනුම් දීමක්ද සිදු ව ඇත.

ඒත් සිදුවිය යුත්තේ කුමක්ද..තමන්ගේ නමින් ආමන්ත්‍රනය කිරීම නිසා ඇති වෙන්නේ හදවතට සමීප බවක්. එය ගරුත්වයට හානියක් ලෙස සිතන්න අසිරුයි.සැමියා බිරිදගේ දෙවියාය ලෙසින් සලකන විට නම කියා ආමන්ත්‍රනය ඊට බාධාවක් වෙන්නේ නැහැ. දරුවන්ගේ අප්පච්චි,ළමයින්ගේ තාත්තා, එයා , මෙයා හෝ නම කියා ආමන්ත්‍රනය කළත් හදවත් අතර තිබෙන බැඳීම මිස ආමන්ත්‍රනය වෙනුවෙන් යොදන වචන මගින් බලපෑමක් ඇති කළ හැකිද…යන්නත් විවාදාත්මක කරුණක්.

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

NO COMMENTS