කාන්තා ඔබගේ පෞර්ෂත්වය ගොඩ නගා ගන්න අපෙන් ඔබට ඔවදනක්

0
7722
woman_power

කාන්තාව යනු ජීවයේ උල්පතයි. ඇයගෙන් තොරව මනුෂ්‍ය වර්ගයාට පැවැත්මක් නොමැත. එවැනි ලොවක අප සවිඥ්‍යානිකව මෙන්ම අවිඥ්‍යානිකව ද ඇයට ගරහමින් සිටින්නෙමු. ගෝලීයකරණය වූ සමාජයක් තුළ අධ්‍යාපනය හා ශ්‍රම බලකාය පවා කාන්තාකරණය වෙමින් පවතී. එවැනි වට පිටාවක කාන්තාවගේ දෙසට ඇඟිල්ල යොමු කිරීම තරමක් කනගාටුදායකය. ගැහැනිය යනු පුරුෂයාගෙ ආශාවන් සන්සිදවා ගැනීමට නිදි යහනට පමණක් රැජිනියක් නොවන බව මතකයට ගත යුතුය. කාන්තාවටද පුරුෂයන්ට මෙන්ම ගෞරවනීය ස්ථානයක් අද වන විට මෙම සමාජයේ ඇත. ඉතින් අද womanly.lk තුලින් මා කියන්න යන්නේ කාන්තා අපගේ පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට කාන්තා අපටම වටිනා කරුණු කිහිපයකි.

පෞර්ෂය කියන්නේ ඇග පතින් ලොකු වෙන එකවත්, උස මහත් වෙන එකවත් නෙවෙයි.
ඔබ සමාජයට මුහුණ දෙනවිදිය, ප්‍රශ්නවලට මුහුණ දෙන විදිය, ඔබගේ හැසිරිම, පිළිවෙල, ආදී කරුණු පෞර්ෂය විදියට ගන්න පුළුවන්. ඔය යම්කිසි පුද්ගලයෙක් එක්ක කතාකරන විදිය, අප්‍රසන්න විදියටනම්, විශ්වාසය ගොඩනැගෙන්නෙ නැත්තන්, අපැහැදිලිනන් එතන පෞර්ෂයෙ පොඩි ප්‍රශ්නයක් තීයෙනවා.

පිරිසක් ඉදිරියේ හැසිරෙන විදිය, වේදිකාවකට ගොඩවෙන විදිය, ඔබ හසුරවන භාෂාව.. ගොඩක් දේවල් තියෙනවා. මුලින් පෞර්ෂය හදාගන්න ටිකක් අමාරු වේවි. මොකද ස්වයන් පාලනයක් අනිවාර්යයි. නමුත් මනා පුහුණුවකින් සාර්ථක පෞර්ෂය හෙබි පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මතක තියාගන්න. කෙනකුගෙන් කෙනෙකුට පෞර්ෂය වෙනස්. කාවවත් අනුගමනය කරන්න එපා. තමාට අවේනික පෞර්ෂය ගොඩනගාගන්න.

අපි ගොඩක් වෙලාවට අනිත් කට්ටිය දිහා බලල ඒගොල්ලොන්ගෙ ජීවිතත් එක්ක අපෙ ජීවිතේ compare කරනව. ඒක තමයි මුලින්ම කරන ලොකුම වැරැද්ද. වෙනකට්ටියගෙ ජීවිත ගැන අපි මොනවද දන්නෙ? හැම වෙලාවෙම තමන්ට එක විදියක් තියාගන්න. කාවවත් එක්ක තමන්ව සසඳන්න යන්න එපා.

බොහෝ දෙනෙක් ඔබේ දියුණුව වළක්වන්න නොයෙක් විවේචන කරාවි. ඔබ කරන්නේ නිවැරැදි දෙය නම් විවේචන ගැන සිතීමට කාලය වෙන් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔබ සැම විටම ඔබකළ නිවැරැදි දේවල්ම මතකයට නගන්න. එය ඔබේ ආත්ම විශ්වාසයට මනා රුකුලක් වේවි.

ඒ වගේම තමයි ජීවිතය කියන්නෙ නොයෙක් හැල හැප්පීම් මත්තෙ ගොඩ නැගුණු දෙයක් මිසක් සරලව ගලා ගෙන යන දෙයක් නම් නෙවෙයි. මේ ජීවිතේ අපිට ජය වගේම පැරදුමත් උරුමයි. කෙටියෙන් කිව්වොත් ජීවිතේ කියන්නෙ ක්‍රීඩාවක්. අද දිනුම් කණුවට ගියොත් හෙට යන්න තියෙන මඟ මොනම හේතුවකින් හරි මඟ හැරෙන්න ඉඩ තියෙනවා. ඉතින් අස්ථිර මේ ජීවිතේ කිසිම දෙයක් ස්ථීර නෑ.ඒ නිසා අපි කවදාවත් ගැහැනියක් වුනා කියලා කිසිම විදියකින් පහු බහින්න නරකයි.නිතරම මට පුළුවන් මම ඒක කරනවා කියන ධනාත්මක සිතුවිල්ල හිතේ තියා ගන්න. ගැහැනියක් කියන්නෙ ලොවක් බිහි කරන්නෙක්.සමාජයක් ගොඩ නගන්න වගේම නැති කරන්නත් ගැහැනියට පුළුවන්.ඉතින් කවදාවත් සෘණාත්මක සිතුවිලි වලින් හිත පුරවන් ජීවිතේ කාලකණ්ණි කර ගන්න හිතන්න එපා. ඒ නිසා නිතරම ධනාත්මක සුභවාදි සිතිවිලි ඇතිව දවස පටන් ගන්න , වැඩ කරන්න හුරු වෙන්න.

කාන්තා ඔබ කවදාවත්  සමාජයට වත් පෙමවතා හෝ සැමියට වත් පේන්න භාහිර රූපෙ ලස්සන කරන්න දඟලන්න එපා. මොකද කාන්තාවක් සැබවින්ම ලස්සන වෙන්නෙ බාගෙට ඇඟ පේන්න ඇදුම් ඇදලා, මේකප් කරලා  ඉන්න විට නෙවෙයි හදවතින් සුභවාදි  අවංක, ප්‍රතිපත්ති ගරුක කෙනෙක් වුනොත්.  ඉතින් තැනට ගැලපෙන විදියට හැසිරෙන එක නම් කාන්තාවන්ට ගොඩක් වටින කාරණාවක්. ගැලපෙන විලාසිතා තෝරා ගෙන තැනට සරිලන විදියට කතාබහ කිරීම තුලින් ඇත්තටම ඔබට ඔබේම කියලා ප්‍රතිරූපයක් ගොඩ නගා ගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. අනිත් අයගෙ කතාබහට ලක්වෙන චරිතයක් වෙන්න ඔයාට පුළුවන් හැබැයි ඔයා අනිත් අය අතර කතා බහට ලක්වෙන චරිතයක් වෙන්න නම් ඔයා ඔයාටම කියලා හොඳ සමාජ වටපිටාවක් ප්‍රතිරූපයයක් ගොඩ නගා ගන්න ඕන ඒක  ඔයාගෙ හොඳ ගති ගුණ , අවංක බවෙන් යුතු එකක් වෙන්න ඕන.

ඒ විතරක් නෙවෙයි ඔබේ ආදායමට සරිලන ලෙස වියදම් කරන්න. නුවමනා දේවල්වලට අනවශ්‍යය වියදම් කිරීමෙන් වළකින්න. ණය බර වැනි ගැටලු ඔබේ මානසික නිරෝගීකම සම්පූර්ණයෙන් නැති කරනවා. හැමවිටම ඉතුරුම් ලෙස කොටසක්, හදිස්සියකදී පරිහරණය කිරීමට ළඟ තබාගන්න.

රටක සංවර්ධනයේ එක් මිනුම් දණ්ඩක් වනුයේ සියල්ලන්ටම සමානත්වයෙන් සැලකීමයි. ඒ තුළ පිරිමියා මෙන්ම ළමයා හා කාන්තාවද සිටිති. එවැනි පරමාදර්ශී සමාජයක් බිහි කිරීම තුළ කාන්තාවට සුවදායක සහ සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම කාගේත්  වගකීම වේ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here