ඇයත් සාමාන්‍ය ගැබිනියක්

0
3357
princess_kate

එංගලන්තයේ විලියම් කුමරු සහ (කේම්බ්‍රිජ් ආදිපාද ) කේට් කුමරිය තුන්වැනි වතාවටත් මව්පිය පදවිය ලැබීමට සුදුසුකම් ලද බව දැන් ප්‍රසිද්ධ රහසක්. රජ පවුලක වුනත් ගැබිනි බව සාමාන්‍යයි. මේ නිසාම ඇය පසුගිය තුන්මාසය පුරාම උදෑසන අපහසුතාවයෙන් පීඩා වින්දාය. මෙම සංකුලතාවය Hyperemesis gravidarum නමින් හැඳින්වෙන අතර එය ගැබිණි බවට සාමාන්‍ය තත්වයකි. 2013 වසරේදී කේට් කුමරිය විසින් රජපවුලේ ප්‍රථම පුරුක ලෝකයට දායාද කලාය. ලන්ඩන්යේ මේරි රෝහලේ උපත ලද බිලිඳාගේ  උපත් බර කි. ග්‍රෑම් 3.80 ක් විය. ඔහුට ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවී යනුවෙන් නම් තබන ලදී.

දෙවැනි දරුවා වෙනුවෙන් කේට් කුමරිය නැවත ගැබ් ගත් අතර එම වතාවේදීත් ඇය උදෑසන ඔක්කාරය ගතියෙන් පීඩා වින්දාය. ඇතැම් අවස්ථාවන්හිදී ඇය දිනකට තිස් වතාවක් පමණ වමනය කළාය. සිරුරේ බර සියයට දහයකින් අඩු විය. මේ නිසා ඇයට රෝහල් ගත වෙන ලෙසින් වෛද්‍යවරුන් විසින් අවවාද කරන ලදී. 2015 වසරේ අප්‍රෙල් මාසය අග වෙන විට දරුවා බිහි වෙනු ඇතැයි වෛද්‍යවරුන් උපකල්පනය කළත් එය අදාල කාලසීමාවේදී සිදු නොවීය. සතියක පමණ ප්‍රමාදයෙන් පසුව මැයි මාසයේදී ඇය දෙවැනි දරුවා බිහි කළ අතර ඇය දියණියක් වූවාය. ඇයට අවශ්‍ය වුයේ සිය දෙවැනි දරු උපත නිවසේදී සිදු කිරීමට වුනත් වෛද්‍යවරුන් ඊට එකග නොවුන නිසා කේට් කුමරිය ශාන්ත මරියා රෝහලට ඇතුලත් වූවාය.

කේට් කුමරිය තෙවැනි දරුවා වෙනුවෙන් ගැබ් ගත් අතර ඇය මේ අවස්ථාවේදී සිය දරු ප්‍රසුතිය නිවසේ සිදු කිරීමට බලාපොරොත්තුව සිටින්නීය. මේ ගැන අදහස් දක්වන කේට් කුමරිය කියා සිටින්නේ තම සහෝදරයා හෝ සහෝදරිය මුලින්ම දැක බලා ගත යුත්තේ ඇගේ වැඩිමහල් දරුවන් විසින් බවයි. රෝහලකදී දරු ප්‍රසුතිය සිද්ධ වුනොත් පැපරාසින්ට මිස දරුවන්ට තම සහෝදර උනුසුම උනු උනුවේ විදින්නනට ඇති අවස්තාව අහිමි වෙන බව ඇගේ අදහසයි.මේ අවස්ථාවේදිත් කේට් කුමරිය උදැසන අපහසුතාවයෙන් පසු වුන හෙයින් ඇගේ පුත් ජෝර්ජ් පාසලට ඇතුලත් කිරීමට සහභාගී වී ඇත්තේ පියා වන විලියම් කුමරු පමණි.

ජෝර්ජ් කුමාරයා පසුගිය සැප්තැම්බර් 7 වැනි දින තෝමස් බැටර්සියා පාසල‍ට ඇතුලත් කරන ලදී. එම පාසලට පහසුකම් ගාස්තු වශයෙන්  පවුම් 18,000 ක් ගෙවිය යුතුය. විලියම් කුමරු පාසලට ඇතුල් වෙන විටම ප්‍රාථමික අංහයේ විදුහල්පතිනිය වූ  “හෙලන් හස්ලෙම්” විසින් ඉතා උනුසුමෙන් ඔවුන් පිලිගෙන ඇත. ජෝර්ජ් කුමාරයා රජ පවුලේ වුනත් පාසලේදී  ඔහු තවත් එක් දරුවෙක් පමණක් බැව් විදුහල්පති බෙන් තෝමස් විසින් සදහන් කරන ලදී.මෙම පංතියේ සිසුන් සංඛ්‍යාව 20කට සීමා වී ඇත. එක් එක් ශිෂ්‍යයා වෙනුවෙන් නම සටහන් කරන ලද ආසනයක් ඇත. මුල් දින කීපයේදී පමණක් අධ්‍යාපන කටයුතු වරුවකට සීමා වේ.

තවත් ආරංචියක් අනුව කේට් කුමරිය මෙවර නිවුන් දරු උපතක් වෙනුවෙන් අවස්තාව තිබෙන බැව් වෛද්‍යවරුන් කියා සිටියදී කේට් කුමරිය කියන්නේ දුවක වුනත්…පුතෙකු වුනත්…නිවුන් දරුවන් වුනත් ඔවුන් මට වටින බවය.

පුංචි ජෝර්ජ් කුමරුගේ බාප්පා වන හැරී කුමරුද ඉතා ලාබාල වියේදී පාසල් ගමන ආරම්භ කරන ලදී. ඔහුගේ සීයා හෙවත් ඔටුන්න හිමි විලියම් කුමරු මුල් වසර කීපයේදී බකිංහැම් මාලිගාවේ අකුරු උගත් අතර එයින් පසුව “බර්ක්ෂයර්” පාසලට ඇතුලත් විය. විලියම් කුමරු පාසට බාර දෙන දිනයේදී ඩයනා කුමරිය ඔහු කැටුව ගියත් අද ජෝර්ජ් කුමාරයා පාසලට ඇතුලත් වුනේ පියා සමගින්ය.

දැන් කේට් කුමරිය සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නීය. ඇය පසුගිය දිනක කුඩා දරුවන් සමග බැඩ්මින්ටන් ක්‍රිඩාවේ යෙදුනාය. කුඩා දරුවන් වෙනුවෙන් වූ ළමා උද්‍යානයක්  විවෘත කිරීමට කේට් කුමරියට ආරාධනා ලැබී තිබුණි.පසුගිය දිනක කේට් කුමරිය තම ස්වාමි පුරුෂය විලියම් සහ ඔහුගේ සහෝදර හැරී කුමරු සමග ලන්ඩනයේ පැඩිග්ටන් දුම්රියලපොලට පැමිණියාය. එහිදී ඇය New paddington 2 චිත්‍රපටයේ නළුවෙක් සමග යුගල රංගනයේ යෙදුනාය. අවසානයේදී පැඩිග්ටන් වෙනුවෙන් පෙනී සිටි නලුවා කේට් කුමරිය හමුවට පැමිනියේය. “ඇය ඉතා සතුටට පත් වුනා… අලංකාර රංගනයක්… ඇය පසුගිය කාලයේම ගෙවූ අපහසුතාවයන්ට මෙය ඉතා හොඳ විකල්පයක්…” මාස ගණනාවක් අසනීප ගතියෙන් සිටි තම බිරිඳ ගැන විලියම් කුමරු  සටහන් කළේ එසේය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here