කාන්තාවක් වුනොත් ජලය වැදගත්

0
3945
woman_drinking_glass_of_water

පවුලක වැදගත්ම භූමිකාව වන්නේ කාන්තාව. ඇගේ ක්‍රියාශීලීත්වය මත පවුලේ වැඩ කටයුතු වඩාත් පහසු වෙනවා වගේම කාර්යක්ෂමතාවයෙන් සිද්ධ වෙනවා. ඒ වුනත් ඇගේ සිරුරේ ඇති අප්‍රාණිකතාවය නිසා වැඩ කටයුතු අතපසු  වුනොත් එය පවුලේ හැම සාමාජිකයෙකුගේම ජීවිතයට බලානවා. මේ නිසා ඔබ ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න. එවිට ඔබේ ක්‍රියාශීලීත්වය ජීවිතය පුරාම පවත්වා ගත හැකියි. වෛද්‍යවරුන් කියන විදිහට ඔබ උදෑසනම වතුර වීදුරුවක් පානය කරන්න. එයින් මනසට ඇති වෙන උත්තේජනය ඔබට හැම දවසක් පමණක් නොව ජීවිතයම අලුත් කරන බව ඔබ දන්නවාද…?

ජලය පානයෙන් ඇති වාසිත් දැනගමු….


  • රුව ලස්සන රැක ගැනීමට

ලස්සන වෙන්න කුවද අකමැති…   කාන්තාවන් තමන්ගේ රුව ලස්සන රැක ගැනීමට උනන්දුවක් දැක්වීම අරුම පුදුම දෙයක් නොවෙයි. එය කාන්තාවගේ චරිතයේම ගති ලක්ෂනයක්. මේ වෙනුවෙන් මුදල් හදල් විය පැහැදම් කරන ඔවුන්ට මේ පුවත ඉතාම සුබ ආරංචියක් වේවි.

තරුණ පෙනුම වෙනුවෙන් සමේ තෙතමනය රැකගැනීම අවශ්‍යයි. කොහොමද ඉතින් සමේ  තෙතමනය රැකගන්නේ කියමින් ඔබ ලතැවිය යුතු නැහැ. ඔබ නිතරම හොඳින් ජලය පානය කරනවා නම සමේ තෙතමනය රැකගැනීම එතරම් ගැටලුවක් නොවෙයි.මුහුණේ තිබෙන කුරුලෑ, ලප, කැලැල් තත්වයන් ඇති නොවන සේ සම නිරෝගීව තබා ගැනීමටත් ජලය පානය කිරීමෙන් ලැබෙන හැකියාව ඉහලයි.

  • කාන්තාවන්ගේ මද සරුබවට

අද බොහෝ කාන්තාවන්ගේ මද සරුබවට බලපාන විවිධ හේතු තිබුනත් සමහර කාන්තාවන්ට පැහැදිලිව පෙනෙන හේතු නැහැ. ජීව විද්‍යාත්මකව ඔවුන් සුදුසුකම් ලබා සිටියත් ගැබ් දරන්නේ නැහැ. මේ ගැන හේතු කියන නාරි හා ප්‍රසව වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ ශරීරයේ ඇති උෂ්ණත්වය නිසා ශුක්‍රාණු සමග ඩිම්බය සංසේචනය වීම සිදු නොවන බවයි. මේ නිසා හොදින් ජලය පානය කිරීමෙන් සිරුර සිසිල්ව තබා ගැනීමට හැකියාව ඇති බව දුන් හඳුනාගෙන තිබෙනවා.

  • සිරුරේ තෙතමනය හොදින් ආරක්ෂා වීමට

සිරුරට ජලය අවශ්‍ය වුනාම අපට පිපාසය දැනෙනවා. එය සාමාන්‍ය තත්වයක්. ඒ වුනත් අපි පිපාසය දැනෙන තෙක්ම නොසිට ජලය පානය කළ හැකියි. බොහෝ දෙනා ආහාරයෙන් පසුව වැඩිපුර ජලය පානය කළත් ඉතාම හොඳ ක්‍රමය වන්නේ ආහාරයෙන් පසුව ජලය ස්වල්ප ලෙසින් පානය කිරීමයි. පැය දෙකකට වරක්වත් ජලය පානය කළොත් මේ පිපාසය තත්වයෙන් ඔබව මිදෙනවා පමණක් නොව සිරුරේ තෙතමනය හොදින් ආරක්ෂා වෙනවා.

  • අස්ථි ආශ්‍රිත ආබාධවලින් නිදහස් වෙන්න

අද බොහෝ දෙනෙක් අස්ථි ආශ්‍රිත ආබාධවලින් පීඩා විඳිනවා. මේ තත්වයෙන් නිදහස් විය හැකි පූර්ව ප්‍රතිකර්මයක් විදිහට දිනකට ජලය ලීටර් 2. 5 ක්වත් පානය කිරීම අවශ්‍ය බව වෛද්‍ය විශේෂඥයින්ගේ අදහසයි. කැල්සියම් අන්තර්ගත කිරි වර්ග මේ තත්වයෙන් මිදෙන්නනට නිර්දේශ වුනත් ඔබට ජලය පානයෙන් මේ රෝග තත්වයෙන් නිදහස් විය හැකි නම් එතැනින් එපිටට කවර කතාද?

  • හෝර්මෝන පිලිබඳව ඇති වෙන වෙනස්කම්

කාන්තාවන්ගේ හෝර්මෝන පිලිබඳව ඇති වෙන වෙනස්කම් නිසා ඔවුන්ට පිරිමින්ට සාපේක්ෂව ජලය වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.සම රැලි වැටීම වැලක්වීම,හමේ නිරෝගිතාවය වෙනුවෙන් ජලය හැකි තරම් පාවිච්චි කරන්න. නිරෝගී පුද්ගලයෙක් වුනත් දිනපතා උණු දිය පානය කරනවා නම් ඉතා පහසුවෙන් මළ පහ පිට වෙන තත්වය ඇති වෙනවා.ජලය පානය කරන විට ඇති වෙන කුස පිරුන ස්වභාවය නිසා අනවශ්‍ය විදිහට ආහාර ලැනීම අවශ්‍ය වෙන්නෙත් නැහැ.

  • ගැස්ට්‍රයිටිස් රෝගයට ගුණ

හිස්බඩ උණුවතුර පානය නිරීමෙන් අම්ලපිත හෙවත් ගැස්ට්‍රයිටිස් රෝගයට ගුණ ලැබෙන බව ආයුර්වේද වෛද්‍යවරුන් සඳහන් කරයි. මලබද්ධයට පහසු විසඳුමකි.උණුදිය හිස්බඩ පානය කිරීම නිසා මුත්‍රා උත්තේජනය වේ.පිපාසය දුරු වේ.

  • මුත්‍රා රෝගාබාධයන්ට

අද දරුවන් අතර බොහෝ දෙනෙක් මුත්‍රා රෝගාබාධයන්ට ගොදුරුව ඇත්තේ නිසි පමණ ජලය පානය නොකිරීම නිසා ඇති වෙන අතුරු ආබාධයන් නිසා බැවින් දරුවාගේ ජලය ගැනත් අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

  • බැක්ටීරියා සහ වෛරස ආසාදනවලින් නිදහස්

ඒ වගේම අපි රෝග තත්වයන්ට පත් කරන හේතු කාරකයන් අතර අතර බැක්ටීරියා සහ වෛරස ආසාදන ප්‍රධානයි. ජලය තුළ තිබෙන සේදුම් කාරක ගුණය නිසා විෂබීජවලට එරෙහිව ස්වභාවික ආරක්ෂාව ලැබෙනවා. ව්‍යායාම කරන විට ව්‍යායාම වලින්  අනතුරුවත් ජලය පානය කිරීමට උපදෙස් දෙන්නේ ඇයි කියල ඔබ දන්නවාද…?ව්‍යායාම කරන විට සිරුරේ ජලය බැහැර වෙනවා. ඒත් එක්කම සිරුරේ අනවශ්‍ය දේත් බැහැර වෙන නිසා ජලය පානය කිරීම අවශ්‍යයි. එවිට සිරුර සිසිල් වෙනවා.සිරුරේ බර අඩු කර ගැනීමට යෝග්‍ය ස්වභාවික පානය විදිහට වෛද්‍යවරුන් ජලය නිර්දේශ කරන බවත් ඔබ දන්නවාද? කිසිම වියදමක් නැති අමිල පානයක් විදිහට ජලය ඉතා වැදගත්.

කාන්තාවක් විදිහට ඔබ නිවසේ සාමාජිකයන්ට අවශ්‍ය තරම් ජලය පානයට පහසුකම් සලසා දීම ඉතා වැදගත් වේ. ඒ වෙනුවෙන් අද දවසේ වතුර පිල්ටරයක් නඩත්තු කිරීම ඉතා පහසුවෙන් කළ හැකි කටයුත්තකි. එසේ නොමැති නම් වතුර ගුරුලේත්තුවක් නිවසේ තබා ගැනීම නිසාද පවුලේ උදවියට අවශ්‍ය පිරිසිදු පානීය ජලය ඉතා පහසුවෙන්ම සපයා දීම වැදගත් වේ.

අද ගමනක් යන විට වතුර අවශ්‍ය තරම් රැගෙන යෑමට දෙමව්පියන් ලෙස ඔබ උනන්දුවක් දැක්වීම ඉතා වැදගත්ය. කුඩා දරුවන් සමග ගමනක් යන විට ඔවුන්ට ඇති වෙන පිපාසයට පිරිසිදු වතුර ඉතා හොද පානයක් වේ. උණුකර නිවා ගත් ජලය ඔබ මුලින්ම සූදානම් කල යුතු දෙයයි. එසේ නොමැතිව මගට ගොස් පැණිබීම වෙතින් දරුවාගේ පිපාසය සංසිඳවීමට උත්සාහ නොකරන්න.

-web med / daily mail ඇසුරින් –

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here