නොහිතපු වෙලාවක ගෙදරට එන අමුත්තෙක්ට නොහිතන විදියේ සංග්‍රයක් කරමුද?

0
3977
visitors-came-home

නිවසට ඔබ නොසිතූ අවස්ස්ථාවකදි ආගන්තුකයෙක් ගොඩ වදින්න පුලුවන්. ආගන්තුක සත්කාරයට සිංහලයන්  පිළිබඳව වූ පිලිගැනීම අනාදිමත් කාලයක පටන් පවතිනවා. ඒ නිසා අපිත් ආගන්තුක සත්කාරයට බෙහෙවින්ම හුරුව ඇති පිරිසක්.

ඉස්සර කාලයේදී නම් නෑදෑයෙක් එහෙම නැත්නම් හිතමිතුරෙක් එන පණිවිඩය නිවරැදිව නොලැබෙන නිසා හැම කාන්තාවක්ම ඒ වෙනුවෙන් පෙර සූදානමක් තිබුණා. අද වගේ  දිවා රාත්‍රි විවෘතව ඇති සුපිරි වෙළඳසැල් නොතිබුන නිසා හැම කාන්තාවක්ම තමන්ගේ නිවසේ හදිසියේවත් ආගන්තුකයෙක් ආවොත් කියන සිතුවිල්ල නිසා ආහාරපාන ගබඩා කර ගෙන සිටියා. ඒ වෙනුවෙන් තිබුනේ සම්බා වැනි විශේෂ සහල් කිලෝවක් දෙකක්, පරිප්පු, සැමන් වැනි ටින් මාලු වර්ගයක්, හදිසියේ පුඩිමක් පිළියෙළ කර ගත හැකි ටින්කිරි ටින් එකක් වැනි දේ …..

ආගන්තුකයෙක් පැමිනියාම බත් කටක් නොදී යැව්වෙත් නැහැ. ඒ වගේම පැමිණෙන අය සමග ඉතා හොදින් කථා බහ කරන අතරම උයන පිහන කටයුතුද කරනු ලැබුවා. ඒ වෙනුවෙන් ඉතා ඉක්මන් ඉවුම් පිහුම් යොදා ගත්තා. කල් තබා දන්වා එනවා නම් පොළොස් ඇඹුලක්, මාලු ඇඹුල් තියල් වැනි දේ පිලියෙළ කර ගත්තා. මේවා අද වගේ ක්ෂණිකව සකස් කළ ගත් ආහාර නොවෙයි. හොදින් තුනපහ යොදා ගත් ආහාර නිසා ගුණාත්මක බවෙන් ඉතාම ඉහලින් තිබුනා.

අද දවසේ වුනත් හදිසියේ ආගන්තුකයන් ඔබ නිවසට පැමිණිය හැකියි. ඒ වෙනුවෙන් මුහුණ දීමට ඔබටත් යම් කිසි ආහාර පාන වර්ග ගබඩා කර ගෙන තබා ගැනීමට පුලුවන්. අවශ්‍ය  දේ මිළට ගැනීමේ පහසුකම් තිබුනත් ඊට වඩා තමන් වෙත ගබඩා කර ගත් අමුද්‍රව්‍ය තිබුනොත් පහසුයි. අපේ අත මිට වුනත් හැම වේලාවේම එකම විදිහට සරු නොවන නිසා ඒ අපහසුතාවයටත් මේ ක්‍රමයෙන් පහසුවක් වේවි.

ආගන්තුකයෙක් වෙනුවෙන් ආහාර පිළියෙල කරන විට එයින් ඔබ දක්වන සුහදතාවය ගැන ඔවුන්ට දැනෙන විදිහට හැසිරෙන්න. වෙච්චාට වෙනුවෙන් පිලියෙල කරනවාට වඩා සුහදතාවය දක්වන්න. හැම පුද්ගලයෙක්ම පිළිගැනීමට දක්වන්නේ ඉමහත් කැමැත්තක්. ඒ නිසා ඔබ නිවසට එන හැම කෙනෙක් වෙනුවෙන්ම සුහදතාවය දක්වන්න.

එක් එක් අය වෙනුවෙන් පාට පාට කන්ණාඩි අවශ්‍ය නැත හැම කෙනෙකුටම සංග්‍රහශීලී සිතින් සැලකීම ඉතා වැදගත්. ඔබ පමණක් නොව ඔබේ සැමියා/ බිරිඳ වගේම දරුවන්ද ආගන්තුකයා වෙනුවෙන් සුහදශීලීව සිටීම වැදගත්. ඇතැම් නිවෙස්වල බිරිදගේ නෑදෑයෙක් හිතවතෙක් පැමිණි විට සැමියා ඔවුන් වෙනුවෙන් කිසිම ප්‍රතිචාරයක් නොදක්වන අන්දමින් හැසිරෙනු ඇත. මෙම ආගන්තුකයන්ට අඩුම තරමින් වේලාවේ හැටියට වචන දෙක තුනක් හෝ කථා බහ නොකරන විට එම නිවසට ගිය තැනැත්තාට ඇති වෙන්නේ මහත් අගෞරවයකි. ඔබ‍ කොතෙක් හොඳ සහ සුහද චරිතයක් වුනත් සැමියා සහ දරුවන් විසින් දක්වන ප්‍රතිචාර ඉදිරියේ ඔවුන් අසරණ වෙනු ඇත.

අද බොහෝ දරුවන් ආගන්තුකයන්ට තබා නැන්දා , මාමා, පුංචිඅම්මා, ලොකු අම්මාටවත් සුහද සිතින් සලකන ආකාරයක් නැත. ජංගම දුරකථන සමග මිස පවුලක් තුළ දරුවන් ජීවත් වන්නේ නැත. එදා වැඩිහිටි නෑදෑයෙක් නිවසට පැමිණෙන විටම ඔවුන්ට ‍වැඳ පිලිගත්ත වාතාවරනය අද නොමැත. දරුවන් තමන්ගේ කාමරයෙන් එළියටවත් පැමිණෙන්නේ නැත එදා නෑදෑයෙක් නිවසට පැමිණි විට මව්පියන් නිවසේ නොසිටියත් දරුවන් පැමිණි පිරිසිට ඉතා හොදින් සංග්‍රහ කළහ. වේලාවේ හැටියට ආහාරපාන පවා පිස දුන්හ. අද මෙන් පැමිණෙන පිරිස් දවසින් පිටව ගියේ නැත. ගාල්ල , මාතර වැනි පළාතකින් උඩරටට පැමිණි නෑදෑයෙකුට එදා දවසින් නැවත තමාගේ ගම් බිමි බලා යෑමට කාලයක් තිබුනේ නැත. මේ නිදා දින දෙක තුනක් ඔවුන් නැදෑ නිවසේ රැඳී සිටි අතර ඒ කාලයේදී මේ දෙපිරස අතර ඉතා සුහද ඇසුරක් ගොඩ නැගෙනු ඇත. ඒ වගේම මෙම නෑකම් වර්ධනය කර ගැනීමට අවස්ථාව ලද විටක පැමිණීමට වගේම ලිපි මාර්ගයෙන් සුවදුක් විමසීමට අමතක කලේ නැත.

අද පවුල් වෙතින් මේ සුහදතාවයන් බොහෝ දුරට ගිලිහී ගොස් ඇත. පරම්පරාවෙන් පම්පරාවට එය ඉතා සිඝ්‍රයෙන් දුරස් වේත අලුත් පරම්පරාව හිතන්නේ නෑයින් අවශ්‍ය නැති බවයි. නෑදෑයින් ඔවුන් සමාන කරන්නේ වේයෝ…කාවෝ… මීයෝ වැනි අහිතකර කොටසක් විදිහටයි. ඒත් කිසිම කෙනෙක් අනවශ්‍ය යැයි අපට බැහැර කළ නොහැක. ඒ නිසා දරුව්නටත් මේ බව කියාදෙන්න.  පවුලක් වෙනුවෙන් ඉතිහාසයක්, සම්බන්ධතාවයක් අනාගතය වෙනුවෙන් පවත්වා ගැනීමේ උරුමකරුවන් වන්නේ දරුවන්ය. ඒ නිසා නිවසට පැමිණෙන අය සමග ගණුදෙණු කරන අන්දම ඔවුන්ට කියා දෙන්න.

නිවසට පැමිණි අයෙකුට ගෙට ඇතුළු වීමට ආරාධනා කොට වාඩිවෙන්න කීමට මිළ මුදල් වැය වෙන්නේ නැත. නිවසේ දොර බාගෙට ඇර “අම්මා ගෙදර නැහැ…” කීමට වඩා එන්න…වාඩිවෙන්න..යන ආරාධනයෙන් පසුව අම්මා , තාත්තා නොමැති බව පැවසීම වඩාත් උචිතය.

නාදුන්න අයෙක් නිවසට ඇතුලු කර ගැනීම අනුමත නොවුනත් දුරකතර ගෙවා පැමිනෙන අයෙකුට සුහදව සංගුහ කරන අන්දම  දරුවාට කියා දෙන්න. එවිට නිවසට එන උදවිය දරුවා ගැන ප්‍රංශාසාත්මකව කථා බහ කරනු ඇත.

මව්පියන් නොමැති වේලාවක ආහාර වේලක් ආසන්නයේදී නිවසට පැමිනෙන අයෙකු වෙනුවෙන් වේලාවට  ගැලපෙන සේ ආහාරපාන සපයා දීම වැදගත්.හදිසි අවස්ථාවකදී නම් ඉක්මනින් පිසගත හැකි ව්‍යංජන සහ බත් පිළියෙල කර ගන්න. රාත්‍රියකදී නම් නූඩ්ල්ස්, පැස්ටා , ස්පැගටි වැනි යමක් පිලියෙළ කරදීමට හැක. එයින් ආගන්තුකයාගේ බඩකට පමණක් නොව හිත සතුටින් පිරෙනු ඇත.

පැමිණෙන අයට ආහාරපානාදියෙන් සග්‍රහය අමුතු බත් දීම අත් ඇල්ලීමෙන් පෙනෙනවා කියන්නා සේ නොවිය යුතුය. එය සැබෑම සෙනෙහසින් සිදුවිය යුතු දෙයකි. ඔබේ ආහාර වේල දුන්නා නොදුන්නා ආගන්තුකයා බඩගින්නේ සිටින්නේ නැත ඔහු කෙසේ හෝ ආපනශාලාවකින් හෝ අවශ්‍යතාවය පිරිමසා ගනු ඇත. ඔබ වෙහෙසට පත් වෙන නිසා ආහාරපාන වෙනුවෙන් ආරාධනාව ප්‍රතික්ෂෙප කළත් ‍ඔබ කෙසේ හෝ ආගන්තුකයා වෙනුවෙන් සංග්‍රහශීලීව කටයුතු කිරීම ඉතාම වැදගත් වේ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here