අම්මගෙයි පැටියගෙයි සම සුරකින සුමුදු සත්කාරය

0
9698
baby-and-mother

නිරෝගී බව සැමවිටම අපේ ජිවිත වෙත ගෙන එන්නේ දීප්තියක්. අපි ගන්නා ආහාර පාන පිළිබඳව දැනුවත්ව ගුණදායක මෙන්ම හිතකර ආහාර අපේ ජිවිතයට එක් කර ගැනීමේ වගකීම පැවරෙන්නේ අපිටමයි. ඒ නිසාම දැනුවත් බව වඩාත් වැදගත් වේ. මේ දැනුවත් කිරීම ඔබේත් දරුවන්ගේ සිරුරට මෙන්ම සමට ආමන්ඩ් වෙතින් හිමිවන ප්‍රතිලාභ පිළිබඳවයි.

Armond

ආමන්ඩ්, සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසකින් සමන්විත වන අතරම ඔබේ නිරෝගී බව පවත්වාගැනීමට සුවිශාල සේවයක් ඉටු කරනු ලබයි. ඔබේ සෞඛ්‍යයට එසේ දායක වන ආමන්ඩ් අනෙක් පසින් ඔබේ රුව ඔපවත් කිරීමට ද සහය වේ.  ආමන්ඩ් ඔයිල් විටමින් E, බහු අසංතෘප්ත මේද අම්ල, ප්‍රෝටීන්, පොටෑසියම්, සින්ක් සහ ඛනිජ ලවණවලින් සමන්විතය. මෙම පෝෂකාංගවලින් සපිරි ආමන්ඩ් ඔයිල් අපගේ හදවතට පමණක් නොව සමට, නියවලට සහ හිසකෙස්වලටද මනා පෝෂණයක් සපයයි. ආමන්ඩ් අහාරයට ගැනීමෙන් සිරුරේ මේද ප්‍රමාණය පාලනය කරන අතරම දියවැඩියා තත්ත්වය ඇතිවීමේ අවධානම, පිළිකා ඇතිවීමේ අවධානම අවම කරයි. එසේම සම පෝෂණයට ඉවහල් වෙයි. කැල්සියම් සපිරි නිසා සෛල වෙත පෝෂක උරා ගැනීමට සහය වෙන ආමන්ඩ් අස්ථි සෞඛ්‍ය වර්ධනය කරයි, ප්‍රතිශක්තිකරණ හැකියාව සවිමත් කරයි. මේ හේතු මත ආමන්ඩ් ආහාරයට ගැනීම ඔබව රෝගී තත්ත්වයන් රැසකින් ගලවා ගනී.

armolnd-oil

වැඩිහිටිඅපට පමණක් නොව ළදරු වියේ සිටම ශරීර සෞඛ්‍ය සඳහා මෙන්ම සම පෝෂණයටද ආමන්ඩ් වැදගත් වනු ඇත. මවගේ කුස තුළ ස්වභාවික රැකවරණය යටතේ සති 42 දෙකක් කාලයක් පුරා ජීවත්ව මෙලොවට බිහිවන ළදරුවෙකුගේ සම ඉතාම සංවේදී වේ. අන්න ඒ නිසාම මව්වරුන් ළදරු සම පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුමය. ඒ වෙනුවෙන් ස්වාභාවිකත්වයට මුල් තැන ලබා දීම අත්‍යවශ්‍ය වේ. මවක් තමන්ගේ සමේ පෝෂණය වෙනුවෙන් භාවිත කළ යුතු වන්නේද ස්වභාවික අමුද්‍රව්‍යයම පමණකි. මන්ද ළදරුවෙකු මව්තුරුලේ උණුසුම්ව හිඳීම ප්‍රිය කරන අතරම එහිදී මවගේ සම හා ළදරු සම ගැටීම සිදුවේ. මව තම සම සුරැකුමට නුසුදුසු යමක් භාවිත කරන්නේ නම් බිලිඳාගේ සංවේදී සමට එමගින් බලපෑම් ඇති විය හැකිය. ආමන්ඩ් ඔයිල් යනු ඔබේ මෙන්ම බිලිඳාගේත් සමට ගැලපෙනම පෝෂණයයි.

ඔබට සහ ඔබේ බිලිඳාට ආමන්ඩ්වලින් හිමිවන අනර්ඝ ප්‍රතිලාභ මෙන්න

  • සම ගැඹුරින් පිරිසිදු කරයි

ආමන්ඩ් ඔයිල්වල ඇති පිරිසිදුකාරක ගුණය නිසා සම මත රැඳුණු කුණු දූවිලි ඉවත් කරමින් සම පිරිසිදු කරයි. එසේම බ්ලැක් හෙඩ්ස් සහ කුරුලෑ ඇතිවීම වැලක්වීමට ද ආමන්ඩ් ඔයිල් උදව් වේ. සංවේදී සමකට වුවද කිසිදු ගැටලුවකින් තොරව ආමන්ඩ් ඔයිල් යොදා ගනිමින් පිරිසිදු කළ හැකිය. ඒ වගේම ඔබේ මුහුණේ තවරා ඇති මේකප් ඉවත් කිරීමටද ආමන්ඩ් ඔයිල් ප්‍රයෝජනවත් වේ. විෂබීජ විනාශ කිරීමේ හැකියාව ස්වභාවයෙන්ම ආමන්ඩ් ඔයිල් සතුය. එසේම ඔබේ සම UV කිරණවලින් ආරක්ෂා කර ගැනීමේ හැකියාව ආමන්ඩ් ඔයිල් සාරය සතුය.

  • ඔබටත් බිලිඳාටත් සුමුදු නිකැළැල් සමක් ලබාදෙයි

ආමන්ඩ් ඔයිල්වල ඇති සෞම්‍ය බව නිසාම බිලිඳු සමට වුවද කිසිදු ගැටලුවකින් තොරව ආලේප කළ හැකිය. බිලිඳුන් සඳහා වන හොඳම තෙල් වර්ගය ලෙස ආමන්ඩ් ඔයිල් හැඳින්වීමේ වරදක් නැත. ඉතා මුදුව සම මත ආලේප කළ විට සම තුළට උරා ගන්නා ආමන්ඩ් ඔයිල් බිලිඳා නැහැවීමෙන් පසුව සමට ලබා දෙන ඉහළ සත්කාරයකි.

  • බිලිඳු සම මත අසාත්මිකතා හේතුවෙන් ඇති විය හැකි විවිධ තත්ත්වයන් පලවා හරී

මවක් වන ඔබේ සිතට විශාල කනස්සල්ලක් ඇති කරන තත්ත්වයක් ලෙස නැපි රෑෂ් හැඳින්විය හැකියි. නමුත් ඒ ස්ථානයේ මෘදුව ආමන්ඩ් ඔයිල් ආලේප කිරීම මගින් ඉතා ඉක්මනින් මේ තත්ත්වය මගහරවා ගත හැකිය. ඔබේත් බිලිඳාගේත් සම සුරැකිව පවත්වාගැනීම උදෙසා ආමන්ඩ් ඔයිල් ආලේප කිරීමට බිය විය යුතු නැත.

  • සම මත වූ අඳුරු පැහැ ලප ඉවත් කරයි

ඔබේ සමේ අඳුරු පැහැ ලප/ ඇස් යට අව පැහැ ගැන්වීම් ඇත්නම් ඒවා පලවා හරින්නට විශ්වසනීය පිළියම් අතරින් ඉදිරියෙන්ම සිටින ආමන්ඩ් ඔයිල් සුන්දර මෙන්ම නිරෝගී සමක් ඔබට උරුම කරදෙනු නිසැකය. සෑම රාත්‍රියකම ආලේප කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගත හැකිය. එසේම දහදිය බිබිලි හෝ නැපි රෑෂ් ඇතිවී සුව වූ පසු බිලිඳාගේ මුදු සම මත ඇති වූ ලප කැළැල් සහ රළු බව ආමන්ඩ් ඔයිල් ආලේප කිරීමෙන් ඉතා ඉක්මනින් මගහරවා ගත හැකිය.

Mother&Child


About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here