ලස්සන හා අවලස්සන

0
5968
ugliest-woman

කාන්තාවක් කී විට ඒ සමග ඇති අනෙක් සම්බන්ධතාවය ලස්සනයි. සාහිත්‍ය කෘතින්හි පවා නිරන්තරවම අගය කෙරුනේ කාන්තාවගේ රුව ලස්සනයි. පෙර පින් පව් අනුව ලස්සන සහ අවලස්සන ලැබෙන බවට අපේ විශ්වාසයයි. කියමනටත් අපි කියන්නේ මල් පූජා කලාම ලස්සන වෙන බවයි. ඒත් ලස්සන නිසා හිස උදුම්මා ගත් පිරිසකුත් අප අතර සිටිනවා. වරදේ බැඳීමටත් ලසස්න කාන්තාවන්ට තිබෙන සම්භාව්‍යතාවය ඉහලයි කිව්වත් ඒ පිලිබඳව සීමාවන් තමන් විසින් පනවා ගැනීම වැදගත්. ලස්සන නිසා තමා මුල් කර ගෙන අධිතක්සේරුවක් ගොඩ නගා ගත යුතු නැහැ.

හැම දෙයකම දෙපැත්තක් තිබෙනවා වගේම ලෝකයේ අවලස්සන කාන්තාවන්ද ඉන්නවා. බොහෝ දෙනෙක් හිතන්නේ අවලස්සන නිසා ඔවුන් සමාජයෙන් කොන් වෙන පිරිසක් බවයි. වචනයටත් කියන්නේ අරූප ස්ත්‍රියගේ පතිවත වගේ කියල වුනත් ඔවුන් තුළත් වටිනා ගුණදහම් තිබෙනවා. ලස්සන වුනත්, අවලස්සන වුනත් ඒ මුල් කර ගෙන මානසික හැල හැප්පීම් ගොඩ නගා ගත යුතු නැහැ. සමහර කාන්තාවන් නිතරම හිතන්නේ ” අනේ මම කැතැයි.. කසාදයක් බඳින්න කවුරුත් කැමැති වෙයිද..?” ඒක කිසිම ගැටළුවක් නැහැ. ඔබ හදවතින් සමීපව කටයුතු කිරීමට සූදානම් චරිතයක් නම් විවාහයට එයින් බලපෑමක් නැහැ.

අපි නිරන්තරව ලස්සන පසුපස ලුහුබැඳ ගියත් අවලසස්න කාන්තාවන් වෙනුවෙනුත් දෙනෙත් ඇර බලන්න. නිතරම කතා කරන්නේ ලසස්න සහ ලස්සන වීමට වුනත් “ලිසී වෙලෙක්සි” ගේ ධෛර්ය ගැන මදක් සිතන්න. එයින් අපි බොහෝ දේ උගත හැකියි.

“ලිසී වෙලෙක්සි” උපත ලැබුවේ දුර්ලභ රෝග තත්වයක් සමගයි. මේ නිසාම ඇය ඉතාම විරූප ශරීර ලක්ෂණයන්ගෙන් යුක්ත වුණා. සිරුරේ මේද ප්‍රතිශතය බින්දුවක අගයෙන් තිබුන අතර කිසිම දිනක සිරුර මහත් වෙන ලකුණක්වත් තිබුනේ නැහැ. ඇගේ එක් ඇසක්ද පෙනුමෙන් දුර්වල වුණා. සිරුර ඇටසැකිල්ලකට සමානයි කිව්වත් වරදක් නැහැ.මේ අතර ඇය ඉතාමත් ධෛර්ය සම්පනන්යි. අනේ මගේ අවලස්සන යැයි හඩා  වැටුනේ නැහැ. කවුරු අපහාස කළත් මට ගැටලුවක් නැහැ..මමත් ජීවත්විය යුතුයි. ඇය හිතුවා. මේ නිසා තමාගේ ජීවිත කථාව වැඩසටහන TEDx talk මගින් ප්‍රචාරය කළා.නොසිතූ අන්දමින් ප්‍රතිචාර ලැබුණා පමණක් නොව ඇගේ ජීවිත කතාව මුල්කරගෙන චිත්‍රපටයක් නිෂ්පාදනය කලා. ඒ චිත්‍රපටය නම් කරනු ලැබුවේ “නිර්භීත හදවතක්A Brave Heart”යනුවෙන්.

ඇත්තටම අපිට ඇගේ ජීවිතයෙන් ගත යුතු ආදර්ශ මොනතරම්ද….

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here