අපි ගැන

“ගෑනුන්ගේ නුවණ හැඳි මිටේ දිගයි” “ගැහැනුන් චපලයි”. මේ කාන්තාවන් පිලිබඳ අපේ රටේ වඩාත් ප්‍රචලිතව භාවිතා වන කියමන් කිහිපයක්. මෙවැනි කියමන් තුලින්, කාන්තාව අඩු බුද්ධියක් ඇති කෙනෙකු ලෙස හුවා දක්වනවා මෙන්ම, කාන්තාව දෙවන පන්තියේ පුරවැසියන් ලෙස දැකීමට මග පෙන්වීමක් කරනු ලබනවා. ලොව පළමු අගමැතිනිය මෙන්ම ලොව ප්‍රථම විධායක ජනාධිපතිනිය බිහිවුනේ ශ්‍රී ලංකාවෙන් වුවත්, තවමත් මෙවන් කතා අපේ රටේ නිතර අහන්නට ලැබෙනවා.

මෙවැනි වැරදි මත තව තවත් ස්ථාපිත වීමට අපේ රටේ සමහර මාධ්‍ය භාවිතා වන ආකාරයත් දැඩි බලපෑමක් ඇති කරනවා. උදාහරණයක් ලෙස අපේ රටේ පලවන කාන්තා පුවත් පත් වල 90%ට වඩා කතා බහ කරන්නේ ඉවුම් පිහුම් කටයුතු සහ ගේ දොර වැඩකටයුතු වැනි මතෘකායි. උදේ වරුවේ හෝ සති අන්තයේ විකාශය වන රුපවාහිනි වැඩසටහන් වලත් මීට වෙනසක් දකින්න නැහැ.

මෙවැනි වටපිටාවකයි අපි Womanly.lk වෙබ් අවකාශය ආරම්භ කරන්න හිතුවේ. 2014 වසරේදී Parenting.lk වෙබ් අඩවිය ආරම්භ කර, සාර්ථකව වසර දෙකක් පවත්වාගෙන ඒමෙන් අප ලැබූ අත්දැකීම් මනාව භාවිතයට ගනිමිනුයි අපි මේ වෙබ් අඩවිය සැලසුම් කලේ.

අපේ වෙබ් අඩවිය ඉවුම් පිහුම් සහ ගේ දොර වැඩකටයුතු සඳහා පමණක් කොටු වෙන්නේ නැහැ. ජීවිතය සහ සමාජ සම්බඳතා, රැකියාවේ සාර්ථකත්වය, ව්‍යාපාරික තොරතුරු, ගමන් බිමන්, තාක්ෂණික දැනුම ආදී මාතෘකා රැසක් ඔස්සේ විශේෂාංග ගෙන ඒමට අපි සුදානම්.

අපේ කතෘ මණ්ඩලයට ඔබත් දායක වීමට කැමතිනම්, hello@womanly.lk ඊ-මේල් ලිපිනයෙන් අප හා සම්බන්ද වන්න.