සියලු රෝග නිවාරණය කරන දිය පිරිතේ බලය ගැන ඔබ දන්නවාද?

0
9625
සියලු රෝග නිවාරණය කරන දිය පිරිතේ බලය ගැන ඔබ දන්නවාද?

අප මහා ලොව් තුරු අමා මෑණී බුදුපියාණන් වහන්සේගේ  ධර්මයට අනුව ධර්ම මාර්ගයේ ගමන් කරන්නා ධර්මය විසින්ම රකිනු ලබයි. අප කරන ලද කුසල් අකුසල් අනුව අපගේ ජීවන මං පෙත  විවර වේ. පෙර භවයක හෝ මෙම සසර තුල කරන ලබන සියලු ක්‍රියා ඇතුලත් වන්නේ අපගේ ලැබීම් නොලැබීම් වලටය. දිට්ට ධම්ම වේදය අනුව අප කරන ක්‍රියා මත මෙලොව තුලදිම පව් පඩිසන් දීම සිදු   වෙනු ඇත.  අපගේ උපත පවා සිදු වන්නේ අපගේ පව් පිං වලට අනුවය.
මිනිසුන් වන අප කා හටත් වැලදෙන ලෙඩ රෝග පවා අපගේ පව් පිං අනුව වැලදෙන බව මාගේ විශ්වාසයයි. දරුණු  සුව නොවන ලෙඩ රෝග වලින් පෙලෙන සමහර රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර වලින්  පවා ලබා  ගැනීමට නොහැකි සුවයක් ධර්ම මාර්ගය ඔස්සේ ලබා ගැනීමට හැකි බව මාගේ අත්දැකීමෙන් පවසමි. ලොව උතුම් සම්බුද්ධත්වයට පත් අප තිලෝ ගුරු බුදුපියාණන් වහන්සේ පවා තම ධර්මයේ බලයෙන් දමනය කිරීමට නොහැකි වුන් පවා දමනය  කොට ඇති බව ඔබටත් මටත් රහසක් නොවේ. ඉතින් මම අද කියන්න යන්නෙ වෛද්‍ය ප්‍රතිකාර වලට එහා ගිය අප කාටත් කල හැකි සියලුම රෝග නිවාරණයට මඟ පෙන්වන දිය පිරිත ගැනය.
සෙම් රෝගයේ සිට පිළිකා රෝගය දක්වා රෝගීන්ට මෙම දිය පිරිත මහත් වූ දිව්‍යමය  දෙයක් බව  මට විශ්වාසයෙන් කිව හැකිය.
දිනපතා උදෑසන නැගිට   මද රස්නය සහිත එනම් තමන්ට පානය කල හැකි රස්නය පි‍ට වතුර  වීදුරුවක් ගෙන පහසු ලෙස බුදු පිළිමයක් ඇති තැනක හිඳ ගන්න.පසුව හත් වරක් මෙම පිරිත ඔබගේ දෑත මත තිබෙන වතුර වීදුරුවට ඔබ විසින්ම මතුරන්න.
එය මෙසේ කිව යුතුය.

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

බුද්ධ රත්නයේ අනන්ත ගුණ බලයෙන්
ධම්ම රත්නයේ අනන්ත ගුණ බලයෙන්
සංඝ රත්නයේ අනන්ත ගුණ  බලයෙන්
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන්
ශ්‍රී දළදා වහන්සේගේ පිහිටෙන්
සියලුම රහතන් වහන්සේලාගේ පිහිටෙන්
සියලුම දෙවියන්ගේ පිහිටෙන්
නව ග්‍රහ මණ්ඩලයේ පිහිටෙන්
මා කර ගත් කුසල් වල බලයෙන්
මෙය මට දිව්‍ය ඖෂධයක් වේවා !
දිව්‍ය ඖෂධයක් වේවා !
දිව්‍ය ඖෂධයක් වේවා !

මෙයින් මා නිදුක් වේවා..
සුවපත් වේවා…
දීර්ඝායුෂ ඇති වේවා..
මාගේ ශරීරයේ ඇති සියලුම රෝගාබාධ  සුවපත් වේවා… !

මේ ලෙස හත් වරක් එය ජප කොට හිස් බඩ උදෑසන වතුර වීදුරුව පානය කරන්න.
ඔබ දියවැඩියා රෝගයෙන් මෙන්ම ආතරයිටිස්, ගෑස්ටික් වැනි රෝග වලින් පෙලෙන කෙනෙක් නම් මෙය නොකඩවා  දින 07ක් කරන්න.
එමෙන්ම අංශභාග  රෝග හා හිසේ අමාරු ඇති  කෙනෙක් නම් මෙය නොකඩවා දින 12ක් කරන්න.
පිළිකා රෝගීන් සදහා මෙය කොකඩවා දින 30ක් සිදු කරන්න.
ධර්මානු බලයෙන් ඔබගේ සියලු ලෙඩ රෝග සදහා මෙම දිය පිරිත ඔබට පිහිට වනවා වගේම ඔබට මෙන්ම ඔබගේ ශරීරයටත් මහත් නිදහස් බවක් මෙයින් දැනෙනු ඇත. බුදු ගුණ  බලයෙන් රෝග නිවාරණය කර ගැනීමට ඔබටත් මෙය සිදු කල හැකිය.
“ධම්මෝ භවේ රක්ඛති – ධම්ම චාරී”

හිතේ විශ්වාසය රදා පවත්වා ගනිමින් ඔබත් මෙය කර බලා හොද ප්‍රතිඵල ලබා ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here