උතුරු ඉන්දියාවේ ලඳුන් මෙතරම් පැහැපත් ඇයි දැයි ඔබ දැන සිටියාද?

0
22578

උතුරු ඉන්දියාව කියන්නේ සුරූපිනියන්ගේ දේශය කියල ලෝකේ හැම තැනම ප්‍රසිද්ධයි. ලෝකෙට රූ රැජිනියන් රාශියක් බිහි කරන්නට ඉන්දියාව සමත් වුනා. උතුරු ඉන්දියානු ලඳුන් ඉතාම පැහැපත් නිරෝගී සුන්දර සමකට උරුමකම් කියනවා. එයට හේතුව මොකද්ද කියල ලොව පුරාම කුතුහලයක් පැතිරුනා. විද්‍යාඥයෝ කාලෙක සිට ඔවුනගේ ජන ජීවිතය, ආහාර රටාව වගේ නොයෙක් දේවල් අධ්‍යනය කළා එයට පිළිතුරක් සොයා ගන්නට.

ඔවුනට ලැබුන පිළිතුර ඔබ මවිතයට පත් කරාවි. Curcuma Longa කියන විද්‍යාත්මක නාමෙන් හඳුන්වන ඉන්දියාවේ හට ගන්නා කස්තුරි කහ ආහාරයට සහ රූපලාවන්‍ය සත්කාර වලට යොදා ගැනීම මෙයට එක් ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් නිගමනය කලා. කස්තුරි කහ ශාකයේ මුල උතුරු ඉන්දීය ළඳුන්ගේ ජීවිතයේ අංගයක් වෙලා තිබුනේ වසර 4,000 ක පමණ අතීතයේ සිට. ඖෂධීය ගුණ රැසකින් අනූන කස්තුරි කහ වල කර්කියුමින් (Curcumin) කියන ප්‍රධාන සංඝටකය අඩංගු වෙනවා. Curcumin කියන්නේ ප්‍රතිදාහක (anti-inflammatory) , ප්‍රතිඔක්සිකාරක  (antioxidant) , ප්‍රතිබැක්ටීරියාකාරක ( antibacterial) , ප්‍රතිදිලීරකාරක ( antifungal) අඩංගු ගබඩාවක්. මේ විස්මිත ශාක මුල සහ එහි අඩංගු කර්කියුමින් මගින් උතුරු ඉන්දීය ළඳුන්ගේ සම සුන්දරව, නිරෝගීව තරුණකම රැක ගන්න තාමත් භාවිතා කරනවා.

දැන් බලමු කස්තුරි කහ ඔබේ සමට දෙන ප්‍රතිලාභ මොනවද කියල. මේවා බලල ඔබත් කස්තුරි කහ අඩංගු නිෂ්පාදන වැඩියෙන් ඔබේ රූපලාවන්‍ය කටයුතු වලට යොදාගන්න.

  • කර්කියුමින් වයසට යාම පාලනය කරනවා

උතුරු ඉන්දියානු ගැහැනුන් කස්තුරි කහ ආලේපනය මගින් සමේ වයසට යාමේදී ඇතිවෙන ලක්ෂණ පාලනය කර ගන්නවා. කස්තුරි කහ වල අඩංගු ප්‍රතිදාහක හා ප්‍රති ඔක්සි කාරක බොහොමයක් සම අලුත්වැඩියා වීමේ වේගය වැඩි කරනවා. සාමාන්‍යයෙන් අපි කුඩා කාලේදී ඒ වේගය වැඩියි. වයස සමග සම අලුත්වැඩියා වෙන වේගය අවම වෙනවා. මිය ගිය සෛල කොටස් සමෙන් ඉවත් නොවීම තමයි සම මහලු පෙනුමක් ගැනීමට සහ රැලිවැටීමට ලොකුම හේතුවක් වෙන්නේ. පරීක්ෂණ ගණනාවකින් විද්‍යාත්මකව තහවුරු වුනා කස්තුරි කහ සමේ වයසට යාම පාලනය කරනවා කියල. 2010 වසරේදී “ Journal of American Academy of Dermatology” මගින් තහවුරු කර තිබුනා කස්තුරි කහ අඩංගු නිෂ්පාදන දිනකට දෙවරක් සති 8 ක් නොකඩවා භාවිතා කරද්දී මුහුණේ රැලි සහ අඳුරු ලප වැනි වයස නිසා හටගන්නා සංකූලතා අවම වෙනවා කියල.

  • හිරු රශ්මියෙන් සම රැක දෙනවා

සමේ ඇදෙන සුළු බව නැති වීමට, සමේ ගැඹුරු රැලි හට ගැනීමට සම අවපාට වීමට සහ නහර මතු වීමට ( spider veins) ඉරු රශ්මිය හේතු වෙනවා. අපේ රටවල් ඉතින් හිරු රශ්මිය ගොඩක් වැඩි රටවල්.  නමුත් උතුරු ඉන්දියානු ලඳුන් ඉතාම් පැහැපත්ව සුන්දරව ඉන්නේ මේ ඉර රශ්මියෙන් එන හානි දායක බලපෑම් වලට විරුද්ධව කස්තුරි කහ වල ඇති කර්කියුමින් ඉතාම තදින් ක්‍රියා කරන නිසයි.

රෝම ඉවත් කරන ලද මීයෙක් මගින් පර්යේෂකයෝ තහවුරු කර ගත්තා කස්තුරි කහ හිරු එළියෙන් ලැබෙන අයහපත් ප්‍රතිපල වලින් සම කොතෙක් දුරට ආරක්ෂා කර දෙනවාද කියා. හිරු එළියේ ඇති UVB ආලෝකයට දිනපතාම මීයන් දෙදෙනෙක් ලක් කළා.( ලොම් ඉවත් කරන ලද) එක මීයෙක්ගේ දිනපතාම කස්තුරි කහ දෙවරක් අලේප කර බැලුවා. එකම කාලයකදී කස්තුරි අලේප නොකරන ලද මීයා ගේ සම එල්ලා වැටීම, නහර මතු වීම , දුර්වර්ණ වීම වගේ ලක්ෂ රාශියක් පෙන්නුම් කලත් අනෙක් මීයාගේ හම ඉතාම හොදින් තිබුනා. එයින් හැමෝටම තහවුරු වුනා කස්තුරි කහ වල ඇති විස්මිත කර්කියුමින් සාරය ඉන්දියානු ළඳුන්ගේ මේ පැහැපත් තරුණ සමට හේතු වෙනවා කියල.

  • තෙල් සහිත සම යථා තත්වයට ගෙන එනවා.

සමේ තෙතමනය රැක ගැනීමට sebaceous ග්‍රන්ථි මගින් තෙල් ශ්‍රාවය කරනවා. මේ ක්‍රියාවලිය අධිකව සිදු වීම රෝගයක්. ඒ මගින් සමේ කුරුලෑ වැනි ආසාධන හට ගන්නවා. 2012 දී කළ අධ්‍යනයක් මගින් හෙළි වුනා කස්තුරි කහ වල ඇති මේද අම්ල සහ phytosterols මගින් සමේ තෙල් ශ්‍රාවය කරන ග්‍රන්ථි යථා තත්වයට පත් කරලා අධික තෙල් ගතිය පාලනය කරනවා කියල.

  • සමේ වර්ණය පැහැපත් කර ලප කැළැල් ඉවත් කිරීම

ඉන්දියාවේ ගැහැණු ළමයි හැමදාම උදේට කස්තුරි කහ වතුරෙන් මුහුණ සෝදනවා. කිරි සමග මුසු කර මුහුණේ ආලේප කරනවා. එමගින් හිරු එලිය නිසා හට ගන්නා අඳුරු බව සහ ලප කැළැල් නිසා හට ගන්නා වර්ණ වෙනස්කම් මකා දමනවා. සමේ වර්ණය දීප්තිමත් කිරීමටත් සජීවී බව වැඩි කිරීමටත් කස්තුරි කහ සමත් වෙන බව ඔවුන් හොඳින් දැන සිටියා. ඔවුන්ගේ සදා නොවෙනස් සුන්දර මුහුණේ රහස එයයි.

  • සම පෝෂණය කර තෙතමනය රැක දේ

දේශගුණයේ පවතින කටුකත්වය සහ වයසට යාම සමග අපේ සමේ තෙත් බව නැති වෙනවා. වියලි සමක් කියන්නේ නිරෝගී පෙනුමින් යුතු සමක් නොවේ. අනික සම වියලි නම් නොයෙක් ආපදා වලට ලක් වෙන්නටත් ඉක්මනින් වයසට යාමටත් හේතුවක් වෙනවා. නමුත් ඔවුන්ගේ සම කවදත් තෙතමනයෙන් යුතුව සුන්දරව පැවතුනේ කස්තුරි කහ වල ඇති කර්කියුමින් සම ගැඹුරටම කා වැදිලා ඇතුළතින්ම පෝෂණය කර එහි තෙතමනය රැක දුන් නිසාමයි.

  • ඕනෑම වර්ගයක සමට හිතකරයි

ඔබට ඇත්තේ සාමාන්‍ය සමක් වුනත්, ගොරෝසු සමක් වුනත්, සංවේදී සමක් වුනත් කස්තුරි කහ එක ලෙසම ඔබට ගැලපෙනවා. සම සංවේදී කෙනෙක්ට රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිත කිරීම අමාරුයි. නමුත් කස්තුරි කහ එහෙම නැහැ. එහි අඩංගු කර්කියුමින් සාරය සංවේදී සමක් වුනත් කිසිම ආසාත්මික තාවයකින් තොරවම පෝෂණය කරවනවා.

ඔබට දැන් හිතා ගන්න අමාරු වෙන එකක් නැහැ කස්තුරි කහ කියන්නේ කාන්තාවන්ගේ රූප සම්පත්තිය වැඩි කරන්නට සමත් ඉතාම වටිනා ඖශධයක් බව. එවැනි වටිනා ගුණ ඇති කස්තුරි කහ අඩංගු නිෂ්පාදන අපිත් භාවිතා කරමු. අපේ සුන්දර රූපය හැමදාම ඒ අයුරින්ම තබා ගන්නට එවිට අපිට හැකි වේවි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here