ඔබේ හෙයාර් කලර් එකත් මේ සුදුසුකම් සපුරනවාද?

0
1823

වර්තමාන සමාජයේ බොහෝ දෙනා තම රූපය සම්බන්ධව වැඩි අවධානයක් ලබා දෙනවා. මෙහිදී මූලිකත්වය හිමිවන එක් දෙයක් වන්නේ හිසකෙස්. හිසකෙස් කියන්නේ ගැහැනු පිරිමි භේදයකින් තොරවම බොහෝ දෙනෙක් උනන්දු වන කාරණයක්. පංච කල්‍යාණ අතරට අයත් වන මෙම හිසකෙස් සම්බන්ධව අද වනවිට බොහෝ දෙනා මුහුණ දෙන පොදු ගැටලු කිහිපයක් අතරින් එකක් මෙම ලිපිය ඇසුරෙන් සාකච්ඡා කිරීම අපගේ උත්සාහයයි.   

කාලයත් සමග හිසකෙස් සුදු වීම, ඒ වගේම අකලට හිසකෙස් පැසීම අද වන විට බොහෝ සුලබව දක්නට ලැබෙනවා. මේ හේතුව මත ඩයි කිරීම, වර්ණ ගැන්වීම සහ හෙනා ගැල්වීම වැනි ක්‍රම වෙත ගැහැනු පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනා යොමු වූවත් ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ඔවුන් තුළ නොමැති වීම ගැටලුවක්. අන්න ඒ නිසාම හිසකෙස් වර්ණ ගැන්වීමේදී කොයි කවුරුත් දැනුවත් විය යුතු කරුණු කිපිහයක් ගැන ඔබව දැනුවත් කිරීමට අපි තීරණය කළා.

අකලකට කෙස්‌ පැසීමට හේතුවන කරුණු 

  • හිසකෙස්‌වලට නිසි සාත්තුවක්‌ නොලැබීම

සවස් කාලයේ ස්නානය කිරීම වගේම හිසකෙස්‌ නිසි ලෙස වියළීම සිදුනොවීම 

  • ජෙල්, මූස්‌, හෙයා ස්‌ප්‍රේ 

හිසකෙස්‌ සකස්‌ කිරීමට යොදාගන්නා මෙවැනි දේ යෙදීමෙන් පසු නිසිලෙස සෝදා ඉවත් නොකිරීම 

  • රසායනික ක්‍රම හරහා කරන අලංකරණ ක්‍රම

‍මෙහිදී හිසකෙස්‌වලට හානිවන අතර ඉන් අනතුරුව නිසි සත්කාර නොමතිකමින්ද හිසකෙස් සුදුවීම වේගවත් වේ. 

හිසකෙස් වර්ණක ගැන ඇති මිත්‍යා මත 

කෙටි කාලයකින් ඉතා ඉක්මනින් පහසුවෙන් සුදු පැහැ වූ හිසකෙස් වර්ණ ගන්වා ගැනීමට හැකි නිසා ලාංකීය සමාජයේ ඇතැමුන් හිසකෙස් වර්ණක යොදාගත්තත් ඇතැම් අය ඒ පිළිබඳව අනවශ්‍ය බියකින් පසුවනවා. 

හිසකෙස් වර්ණක භාවිතයේදී ඇති විය හැකි අසාත්මිකතා ජීවිතය පවා අහිමි කළ හැකි බව සිතන ඇතැමුන් ඒ හේතුව මත හිසකෙස් වර්ණ ගැන්වීමට බියක් දක්වනවා. හිසකෙස් වර්ණ ගැන්වීම නිසා හිසකෙස් සුදු වීම තවත් වේගවත් වනවා වැනි මිත්‍යා මත සමාජය තුළ අද වන විටත් පවතිනවා. හිසකෙස් වර්ණ ගැන්වීම ප්‍රතික්ෂේප කිරීමට එය තවත් හේතුවක්. හිසකෙස් වර්ණ ගැන්වීම නිසා හිසකෙස් ගැලවී යාම ගැන ඇතැමුන් චෝදනා නඟනවා. සමාජයේ පවතින මෙවැනි මිත්‍යා මත හේතුවෙන් සුදුපැහැ හිසකෙස් වර්ණ ගැන්වීමට ඇතැමුන් කිසිදු උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් උසස් තත්ත්වයේ නිෂ්පාදන තෝරාගැනීමෙන් මෙවැනි කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවන බව කිව යුතුමය.

හිසකෙස් වර්ණකවල ඇති ඇමෝනියා සිරුරට හිතකරද? 

කෘතිම ඩයි වර්ගවල බොහෝවිට ඇමෝනියා වැනි හිසට අහිතකර විෂ සහිත රසායනික ද්‍රව්‍ය අඩංගුයි. එයට හේතුව ස්ථිර වර්ණ ගැන්වීමක් සඳහා එම රසායනික ද්‍රව්‍ය පහසුවෙන් ක්‍රියාකාරී වීමයි. එය හිසකෙස්වලට සහ හිස් කබලට හානිකර තත්ත්වයක් වන අතර තමන්ට සුදුසු හිසකෙස් වර්ණකයක් තෝරා ගැනීමේදී ඔබ මෙම අහිතකර රසායනික ද්‍රව්‍යවලින් තොර වූ ස්වභාවික අමුද්‍රව්‍ය ඇතුළත් ගැළපෙන නිෂ්පාදනයක් වෙත යොමුවීම වඩා වැදගත් වෙනවා. 

හිසකෙස් වර්ණක භාවිතයේදී ඔබ සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු

හිසකෙස් වර්ණක භාවිතයට ඇතැම් අය බියක් දක්වනවා. ඒ ඔවුන් නිසි තත්ත්වයේ වර්ණක භාවිත නොකිරීමෙන් ලද අමිහිරි අත්දැකීම් නිසා හෝ සමාජයේ පවතින නොයෙක් අසත්‍ය කට කතා හේතුවෙන් විය හැකියි. නමුත් ඔබේ තේරීම උසස් තත්ත්වයේ නිසි ප්‍රමිතියට අනුව සැකසී ඇති පෝෂණීය සංඝටක අන්තර්ගත වූ වර්ගයක් නම් එවැනි අපහසුතාවයන්ට ලක්වීමට ඔබට සිදු වන්නේ නැහැ. 

ඔබේ හිසකෙස් වර්ණකය ලෙස බ්ලැක් හෙනා තෝරාගත යුත්තේ ඇයි?

තාවකාලික රසායනික නිෂ්පාදනවලට යොමුවීම අහිතකර වන්නේ ඔබටමයි. හිසකෙස් කළු කරලීම ගැන පමණක් සිතමින් හිසට අහිතකර රසායනික ද්‍රව්‍ය ඇතුළත් හෙනා වර්ග තෝරාගන්නවා වෙනුවට ස්වභාවික ශාකසාර භාවිතයෙන් නිෂ්පාදනය වන හෙනා වර්ගයක් තෝරාගැනීමට සෑමවිටම වගකීම් සහගත වන්න. එය ඔබගේත්, ඔබේ හිසකෙස්වලත් නිරෝගී බව තහවුරු කිරීමට නිසැකවම උපකාරී වනු ඇත. සැබවින්ම ඒ සඳහා හේතු බොහොමයකි. අපි ඒ ගැන දැනුවත් වෙමු. 

  • ඇමෝනියා රහිත වීම 

කෘතිම ඩයි වර්ගවල අන්තර්ගත ඇමෝනියා සිරුරට හිතකර රසානික ද්‍රව්‍යයක් නොවේ. මේවා ස්ථිර වර්ණ ගැන්වීම්වලදී පහසුවෙන් ක්‍රියාකාරී වුවත් හිස්කබලට හානිකර වේ. එම නිසා හිසකෙස් වර්ණකයක් තෝරා ගැනීමේදී එවැනි අහිතකර රසායනික ද්‍රව්‍යවලින් තොර වූ ස්වභාවික අමුද්‍රව්‍ය යොදා නිපද වූ හිසකෙස් වර්ණක තෝරාගැනීමට සැලකිලිමත් විය යුතුය.

  • ප්‍රමිති සහතික 

ඕනෑම නිෂ්පාදනයක් තෝරා ගැනීමේදී මෙන්ම හිසකෙස් වර්ණකයක් තෝරා ගැනීමේදීත් අදාල නිෂ්පාදනය පිළිබඳව ප්‍රමිති සහතිකය පිළිබඳ සැලකිලිමත් වීම අනිවාර්ය කරුණකි. එනිසා සෑම විටම ඔබ තෝරාගන්නා නිෂ්පාදනයේ SLS, ISO සහතිකය සහ NMRA අනුමැතිය ලැබී ඇත්දැයි සැලකිලිමත් වන්න. 

  • හිසකෙස් වෙත පෝෂණයක් එක් කළ හැකි විම 

හිසකෙස් පෝෂණයට ඉතා වැදගත් වන පෝෂණීය සත්කාරයක් හැමවිටම අත්‍යවශ්‍ය වන අතරම වදමල් සාරය, ගොටුකොළ, කෝමාරිකා වැනි ඖෂධීය ගුණ රැගත් ඔබේ හිසට පෝෂණීය සත්කාරයක් හිමි කර දෙන හිසකෙස් වර්ණකයක් තෝරා ගැනීම ඉතා වැදගත් වේ.

ඔබේ තේරීම අබා බ්ලැක් හෙනාම විය යුත්තේ ඇයි?

නිරෝගී දිවියක් වෙනුවෙන් වගේම සුන්දර පෙනුමක් වෙනුවෙන් වෙහෙසෙන ඔබ, ඔබේ හිසකෙස් වර්ණකය ලෙස අබා බ්ලැක් හෙනාම තෝරාගත යුත්තේ එය හිසකෙස් පෝෂණය කරන ස්වභාවික අමුද්‍රව්‍ය රැසක් සමගින් සැකසූ විශ්වසනීය බවින් ඉහළ නිෂ්පාදනයක් නිසයි. එසේම අබා බ්ලැක් හෙනා අදාල සියලු ප්‍රමිති සහතික හිමි නිෂ්පාදනයකි.

අබා බ්ලැක් හෙනාවල අන්තර්ගත ස්වභාවික අමුද්‍රව්‍ය

  • උළුහාල් – ස්වභාවිකත්වය රකිමින් හිසකෙස් පෝෂණය කරමින් නව ජීවයක් ලබා දේ.
  • ජටමන්සි – හිසකෙස් සුදුවීම පමා කරවයි.
  • වදමල් – හිසකෙස් ප්‍රාණවත් කරමින් ඝනකමින් යුතු ශක්තිමත් කෙස් කළඹක් ඔබට ලබාදේ 
  • නෙල්ලි මගින් ස්වභාවික කළු වර්ණයක් ලබාදෙයි. 
  • කීකිරිඳිය –  හිසකෙස් ගැලවී යාම වළකා, නිල්වන් වරලසක් හිමිකරදෙයි
  • ෂිකාකායි – ඖෂධීය ගුණය හිසකෙස්වල වියළි බව දුරුකර හිසකෙස් වැටිම වළකාලයි.
  • කෝමාරිකා – ඔබේ හිසකෙස්වලට තෙතමනය ලබාදෙමින් සුසිනිඳු කරලයි
  • ගොටුකොළ –  හිසකෙස් වැඩීමට උපකාර කරයි.
  • කොහොඹ – ඔබේ හිස් කබලේ ආසාදනවලට එරෙහිව ක්‍රිය කරන අතරම හිස්හොරිවලින් ආරක්ෂා කරලීමටද උපකාරී වෙයි. 

නිරෝගී බව මිල කළ නොහැකි අතරම සුන්දරත්වය වෙනුවෙන් එම නිරෝගී බව කැප කළ නොහැකිය. අන්න ඒ නිසාම හිසකෙස් වර්ණ ගැන්වීමේදී ඔබ මූලිකව සැලකිලිමත් විය යුතු වන්නේ හානිදායක නොවන හිසකෙස් වර්ණකයක් තෝරාගැනීම පිළිබඳවයි. ඔබගේ නිසි සෞඛ්‍යාරක්ෂාව රැකගනිමින් හිසකෙස්වල සුන්දරත්වය රැක ගන්නට අබා බ්ලැක් හෙනා ඔබ වෙත ගෙන එන්නේ අපූරුතම අත්දැකීමක් කීවොත් නිවැරදියි. ඖෂධීය ශාක සාර රැසක් අන්තර්ගත නිසි ප්‍රමිතියෙන් නිෂ්පාදනය වූ අබා බ්ලැක් හෙනා, විශ්වාසයෙන් තෝරාගත හැකි ඉතා උසස් තත්ත්වයේ නිෂ්පාදනයක් බව අප ඔබට දැනුම් දෙන්නේ ඉමහත් සතුටිනි. 

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here