වරලස සරසන “කුමාරිකා” සත්කාර

0
7985
komarika-F-image

කාන්තාවකගේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරවන වරලස ඇය සොබදමෙන් ලද අපූරු දායාදයකි. නමුත් වර්තමානය වන විට බහුතරයක් කාන්තාවන් තම වරලසේ කුමක් හෝ ගැටලුවක් හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. එයට මූලික හේතුව හිසකේ සඳහා අවශ්‍ය නිසි පෝෂණ සත්කාරය නොලැබී යාම විය හැකිය. ඒ වගේම දුම්, දුවිලි සහිත දූෂිත පරිසරය, පෝෂ්‍යදායී ආහාරවලින් ඈත් වීම, මානසික ආතතිය, දිගු වේලාවක් වායු සමීකරණ ආශ්‍රිතව කාලය ගත කිරීම වැනි හේතුවලට අමතරව ඔබ පාවිච්චි කරන විවිධ රසායන අන්තර්ගත ප්‍රමිතියෙන් තොර ෂැම්පු /කන්ඩිෂනර් වර්ග හිසට දැමීම, හිස හොඳින් පිරිසිදු නොකිරීම වැනි හේතු ද ප්‍රධාන හේතු ලෙස දැක්විය හැකිය.

කෙසේ වුවද ඔබ භාවිත කරන ෂැම්පු සහ කන්ඩිෂනර්වලට හිසකේ පිරිසිදු කරනවා සේම බාහිරින් හිසකේ මනාව පෝෂණය කිරීමේ හැකියාවක් ද තිබිය යුතුය. කුමාරිකා ෂැම්පු සහ කන්ඩිෂනර් ශ්‍රී ලංකාව තුළින් ලබා ගත නොහැකි ස්වභාවික අගනා අමුද්‍රව්‍ය රාශියක් අන්තර්ගත කරමින් නිපදවන්නේ ඔබේ වරලස තව තවත් සුන්දර කර ගැනීමට  අවස්ථාව උදා කර දෙමිනි.

ඔබේ සිහිනය පිරිපුන්, ශක්තිමත් කෙස් කළඹක් නම්, කුමාරිකා Thick and Strong

strong-thick-komarika

පිරිපුන්, ශක්තිමත්, දිගු කෙස් කළඹක හිමිකාරියක් බවට ඔබ පත්කරන්නට කුමාරිකා Thick & Strong ෂැම්පු සහ කන්ඩිෂනර් සූදානම්.

කුමාරිකා Thick and Strong ෂැම්පු සහ කන්ඩිෂනර්වල අන්තර්ගත Green Almond Oil  මගින් ඔබේ හිසකේ ගැලවී යෑම පාලනය කරයි. විටමින් වර්ග, ඛනිජ ලවණ මෙන්ම තවත් පෝෂකාංග සහිත Green Almond Oil ඔබේ හිසකේ අග සිටම පෝෂණය කරමින් ශක්තිමත් කරයි. එපමණක් නොව හිසකේ පිරිපුන් හා ශක්තිමත් කරවීමේ හැකියාව Green Almond Oil සතුය. ඒ වගේම Green Almond Oil මගින් ඔබේ වරලස පෝෂණය කරයි.

එසේම ෆෘට් විටමින්වල අන්තර්ගත විටමින් A, C සහ E මගින් හිසකේවල තෙතමනය සුරකිමින් මනා පෝෂණයක් එක් කරයි.  100%ක Green Almond Oil ස්වභාවික සාරය  සහ විටමින් A, C සහ E අන්තර්ගත ෆෘට් විටමින් අන්තර්ගත කුමාරිකා Thick & Strong ෂැම්පු සහ කන්ඩිෂනර් නිසා ඔබේ කෙස් කළඹ පස් ගුණයක පිරිපුන් බවක් එක් කරන බව සායනිකව සනාථ කර ඇත.

ඔබේ සිහිනය සුමුදු බවින් වැඩි දිදුලන කෙස් කළඹක් නම්, කුමාරිකා Soft & Shine

කුමාරිකා Soft & Shine ෂැම්පු කන්ඩිෂනර් 100%ක් ස්වභාවික ඇවකාඩො ඔයිල් සාරය සහ Shea Butter එක් කරමින් නිපදවා ඇති නිසා ඔබේ වරලස සුමුදු බවින් යුතු දිදුලන වරලසක් බවට පත් කරයි.

Avocado Oil මගින් හිසකේවලට දිදුලන බවක් එක් කරයි. එසේම කෙස් ගසෙහි ශක්තිමත් බව ඇති කරන අතරම හිස්කබල මත වන හානි නැවත සකස් කරමින් හිසකේ වර්ධනයට සහය වේ.

එසේම එහි අඩංගු Shea Butter ලබාගන්නේ Shea ශාකයේ ගෙඩි නිස්සාරණයෙනි. හිසකේවල වියළි බව දුරලමින් තෙතමනය පවත්වා ගැනීමට Shea Butter සමත් වේ. එසේම හිසකේ පෝෂණය කරයි.

ඔබේ සිහිනය කලුවන් දිගු කෙස් කළඹක් නම්, කුමාරිකා Long & Black

Long-and-black-komarika

කුමාරිකා Long & Black, 100%ක්ම ස්වභාවික ඔයිල් වර්ග හතක පෝෂණය කැටි කරගනිමින් සැකසී ඇත. ඒ නිසාම එමගින් ඔබේ හිසකේ මනාව වර්ධනය කරන්නටත් ස්වභාවික නිරෝගී කලුවන් පෙනුමක් ලබා දෙන්නටත් සමත් වේ.

කුමාරිකා Long & Black ෂැම්පු සහ කන්ඩිෂනර්වල අන්තර්ගත Coconut Oil, Black Seeds Oil, Chamomile Oil සාරයන් හිසකේ නිරෝගී කරමින් දිදුලන කළු පැහැයක් එක් කරයි. එසේම එහි අන්තර්ගත Rosemary, Sweet Almond සහ Orange Oil හිසකේ වර්ධනය කරමින් සවිමත් කිරීමට සමත් වේ.

වසර ගණනාවක් පුරා විශ්වාසනීයව වෙළඳ පොළට තත්ත්වයෙන් ඉහළ නිෂ්පාදන ලබා දුන් හේමාස් ආයතනයෙන් ශ්‍රී ලංකාව තුළ සොයා ගත නොහැකිවන 100% ක් ස්වභාවික අමුද්‍රව්‍යයන්ගේ සාරය කැටි කරමින් නව ෂැම්පු සහ කන්ඩිෂනර් වර්ග තුනක් හඳුන්වා දී ඇති අතරම කාන්තා ඔබේ වරලසට හිමිවන උපරිම සත්කාරය ඒ හරහා හිමි වන බවට සහතිකය.

komarika-banner


About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here