කැරට් බෝංචි වර්ජනයක්… ඉතිං කන්න දෙයක් නැද්ද?

0
3046
woman-at-market

ගෘහණියක්  විදිහට ඔබ වෙළදපොලට ගියාම වටපිට ටිකක් ඇස් ඇර බලන්න. වෙළඳපොලෙන් ඔබට හීලට, බතට අතුරුපසට අවශ්‍ය බොහෝ දේ තිබෙන්න පුලුවන්. ඒත් අපි සාමාන්‍යයෙන් යොමු වෙන්නේ බීට්, බෝංචි සහ කැරට් වැනි එලවලු වර්ග වෙතටයි. මේ ගැන නිදසටත් කරුනු තිබෙනවා. ඉක්මනින් පිස ගැනීම, සුද්ධ කිරීමට තිබෙන පහසුව , කාර්යාලයට රැගෙන යන බතට ගැලපීම නිසා මේ එළවලු වර්ග අපි තෝරා ගැනීම සාධාරණයි. ඒත් වස විස ගැන මේ එළවළු වර්ග වෙනුවෙන් පැමිණිලි තිබෙන නිසා ඔබට වඩාත් යෝග්‍ය විදිහට නම් තලනබටු, තිත්බටු, වට්ටක්කා වැනි එළවලු වර්ග වෙත යොමු වෙන්න පුලුවනි. පොළොස් වුනත් මිළට ගැනීමේදී පහසුව වෙනුවෙන් පැකට් කල පොලොස් මිලට ගැනීම නම් එතරම් හිතකර නැහැ. අපි සාමාන්‍යයෙන් පොලොස් ගෙඩියක් කැපුවාම ඉතාම ඉක්මනින් කහට පිපෙනවා. ඒත් වෙළඳපොලේ තිබෙන පැකට් කළ පොළොස්වල මේ ගතිය නැති වීමට  “සෝඩියම් මෙටා බයි සල්ෆයි” යොදනවා. මෙය සිරුරට ඉතාම අහිතකරයි

පළතුරු මිලදී ගැනීමේදීත් කාබයිට් චෝදනාව දැන් ප්‍රසිද්ධ රහසක්. එක යායට කහ පාටට ඉදී තිබෙන පැපොල්, කෙසෙල් වෙනුවට පුංචි ප්‍රමාණයක් අලෙවි කරන තැන් වලින් මිළට ගැනීම ආරක්ෂිතයි. සාමාන්‍යයෙන්  ගස්ලබු ඉදෙන්නේ පසුපස සිට ඉදිරියටයි. මේ ගැන ටිකක් විමසිල්ලෙන් බලන්න. ඉදිරියේ සිට පසුපසට ඉදී තිබෙනවා නම් ඒ පැපොල් කාබනික යැයි අපිට සහතික වෙන්න බැහැ. පළතුරු මිලට ගැනීමේදී වැල්දොඩම්, ජමනාරං වැනි පළතුරු ගැනත් අපේ අවධානය යොමු වීම වැදගත්. දරුවන්ට  මද්දහන වේලාවට පළතුරු යුෂ දෙන විට මේ වාගේ විටමින් “සි” අඩංගු පළතුරු තෝරා ගැනීම ඉතාම ‍ගුණයි.

පුංචි වෙළඳපොලවල්වල කුරහන් ඇට මිලට ගන්න තියෙනවා. සුලු පරිමාණයෙන් වගා කරන ගොවියන් මේවා තමන් විසින්ම වෙළඳපොළට ගෙනත් පාරිබෝගිකයන්ට සෘජුවම අලෙවි කරනවා. ඔවුන්ටත් අත හිත දීමක් විදිහට කුරහන් ඇට මිළට ගැනීම වඩාත් සුදුසු වෙන්නේ දැන් නිවසේ කුරහන්ගලක් නැතැත් වැඩපහසු කරන මෙවලම් විදිහට ග්‍රයින්ඩරයක්හෙම තියෙනවානේ. ඉතින් කුරහන් ඇට පොඩි කර ගෙන තියාගත්තොත් කැඳ, හැලප, පිට්ටු, රොටී වැනි ආහාර වර්ග තමන්ටම පිළියෙළ කර ගන්න පුලුවනි.

වියලි මිරිස් , ගම්මිරිස් කුඩු ගැනත් විවිධ චෝදනා තිබෙනවා. මේවා අඹරන විට විවිධ දේ එකතු කරන බවට පැමිනිලි තියෙන නිසා කරල් මිරිස් මිළට අරගෙන අවශ්‍ය පරිදි සූදුරු, කොත්තමල්ලි වැනි තුනපහත් සෝදා වේලා ගෙන ගෙදරදීම අඹරාගන්න පුලුවනි. ගම්මිර්ස් ඇට වුනත් වෙළදපොලෙන් මිලට අරගෙන අඹරා ගත්තාම ඔබට ලොකු විශ්වාසයක් ඇති වෙනවා.

පලා මිළට ගැනීමේදීත් ටිකක් ඇවිදලා බලන්න. සලාදයටය මැල්ලුමට පමණක් නොවෙයි, කැදට ව්‍යංජනය ගැලපෙන පලා වර්ගත් ඕනෑ තරම් තිබේවි. හාතාවාරිය, ඉරමුසු , හීන්බෝවිටියා  වැනි වර්ග කොළ කැඳ හදාගන්න අවශ්‍ය පලා වර්ගයක්. අගුන කොළ,. කෝවක්කා ( නිතරම පාවිච්චිය හොඳ නැති බවටත් අදහස් ඇත ) කෝප්ප කොල, වැට මුරුංගා කොළ, වැල්දොඩම් කොළ , සාරණ, තම්පලා, ගොටුකොළ, දඹල කොළ, කළුතැන්වේරියා, හිඳකොළ, කූර කොළ, නවුසි කොළ (ජපන් බටු) නිවසේ පරිභෝජනයට වඩාත් සුදුසුයි.

අල කිව්වොත් අපි දන්නේ ඉතින් අර්තාපල් විතරයි

අල කිව්වොත් අපි දන්නේ ඉතින් අර්තාපල් විතරයි. ඒත් අල වර්ග රාශියක් අපේ වෙළදපොල තුල අපි නොදැන සිටියට තිබෙනවා. අර්තාපල් අපි ලේසියටත් පහසුවටත් තෝරා ගත්තාට තරබාරුවට මුලක්. අර්තාපල්වල එතරම් පෝෂණීය ගුණයක් නැහැ.

පිලිකාවලට ගුණ මඤ්ඤොක්කා විතරද…?

මඤ්ඤොක්කා පිලිකා රෝගයට බෙහෙවින් ගුණදායක බව අපි කවුරුත් දැන් දැන සිටින කරුණක්. ඒත් අපි නොදැන සිටියට ආහාරයට ගත හැකි බොහෝ අල වර්ග තිබෙනවා. රට අල /රජ අල/ඌරල/කහට අල/රැවුල් අල/කටු අල/ කුකුලල/හිගුරල/කිරිඅල/ දන්දිල/බුත්සරණ සහ හුලංකීරියා වැනි අලවර්ගත් ආහාරයට ගැනීමට පුලුවනි. දන්දිලවල “ඇන්තොසයොනික්” පිලිකා නාශක ශක්තිය අඩංගුයි.

මෙම අල වර්ගවල තන්තු බහුල නිසා ප්‍රතිඔක්සිකරණය සිදු වීමත් පිලිකා සෛලවලින් සිරුර ආරක්ෂාවට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. ඒ වගේම බෝ නොවෙන රෝගවලින් ආරක්ෂාවට වගේම ශරීර ප්‍රතිශක්තිකරණයටත් හේතු වෙනවා.

රම්පෙ කරපිංචා කුරුදු අමතක කරන්න එපා

කෘතිම රසකාරක වෙනුවට අපේ ආහාර රස කරන මෙම ස්වභාවික රසකාරක වෙළදපොලට ගියාම මිලට ගන්න අමතක කරන්න එපා. රම්පේ කොළ ටී බෑග්ස් ලෙස භාවිතයට ගන්නේ එය පිළිකා නාශකයක් මෙන්ම, අධිරුධිර පීඩනය පාලන කරන ඖෂධයක් බවට සොයා ගන්නා ගෙන තිබෙන නිසයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here