ඔලිව් ඔයිල් වල අගනා මේ ගුණ ඔබ දැන සිටියාද?

0
14263
benefits_of_olive_oil

සම රැළි වැටීම වළක්වන ආලේපන මෙන්ම ඖෂධ හා සබන් වර්ග නිපදවීමටත් ඔලිව් තෙල් බහුලව යොදාගනු ලබනවා. ඉතාලිය, ග්‍රීසිය වැනි රටවල සම්ප්‍රදායික පහන් දැල්වීමට තවමත් ඔලිව් තෙල් යොදාගන්න බවත් ප්‍රකට කරුණක්. විශේෂයෙන්ම මධ්‍යධරණී රටවල ආහාර පිසීමේ ප්‍රධාන තෙල් වර්ගය ලෙස භාවිත කරන්නේ ඔලිව් තෙල්. පියයුරු වලත්, ආහාර ජීර්ණ මාර්ගයේත්, පුරස්ථි ග්‍රන්ථියේ මෙන්ම ගර්භාෂයේ හටගන්නා පිළිකා තත්වයන් මෙන්ම හෘද රෝග අවම කිරීමේ ශක්තියක් ඔලිව් තෙල් සතු වීම ඊට හේතුවයි.

සලාද, සුප්, මැල්ලූම් වලට ඔලිව් තෙල් භාවිත කිරීම ඉතාම ගුණදායකයි. නැවුම් ඔලිව් තෙල් ඉතාම රසවත් වන අතර වසරක් පමණ පරණ වූ පසු ඔලිව් තෙල් වල ගුණාත්මක බව ක්ෂය වන බව තහවුරු වී තිඛෙනවා. එවැනි ඔලිව් තෙල් ගැඹුරු තෙලෙහි යමක් බැදීම සඳහා යොදාගත හැකියි. මුහුණේ හා සිරුරේ ලප කැලැල්, කලූ ලප මැකීමට ඔලිව් තෙල් වලට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.

ඉතින් මෙන්න මේ කියන දේවල් නිසාම ඔලිව් ඔයිල් වල වටිනාකම තව තවත් වැඩි වෙනවා.

තුවාල සහ සීරීම් සඳහා

වැස්ලීන් හා ඔලිව් තෙල් ස්වල්පයක් මිශ්‍ර කරගන්න. තුවාල හා සීරීම් සඳහා ප්‍රතිකර්මයක් වශයෙන් මෙය ඔබට භාවිතා කරන්නට පුළුවන්.

ඉරිතැළුණු සම සදහා

ඔබේ මෘදු සම වියළි සුළඟ හමුවේ වියළී ඉරි තැළෙනවා. එමගින් සමට වන හානිය ඔබ දන්නවනේ. මෙයට පිළියමක් ලෙස ඔබට ඔලිව්තෙල් ගල්වන්න පුළුවන්. යටිපතුල් පැලීම සඳහාත් මෙය ගුණදායකයි.

මේකප් ඉවත් කිරීම සඳහා

ඔලිව් තෙල් මඟින් මුහුණේ ඇතිවන විවර වැසෙන්නේ නෑ. මුහුණේ ඇති කුණු දූවිලි සහ මේකප් ඉවත් කිරීම සඳහා පුළුන් බෝලයක ඔලිව් තෙල් පොඟවා භාවිත කරන්න.

සමේ තෙතමනය සඳහා

සමේ තෙතමනය හා පෝෂණය ආරක්ෂා කර ගැනීම සඳහා ඔලිව් තෙල් භාවිත කරන්නට පුළුවන්.

සම රැලි වැටීම අවම කරයි

ඔලිව් තෙල්වල විටමින් සී අඩංගු වෙනවා. සම වියපත්වීම පාලනය කිරීමට විටමින් සී වලට ඇති හැකියාව සනාථ වෙලයි තියෙන්නෙ. එය ඔබේ සම මෘදු කරනවා වාගේම හිරු එළියෙන්ද සම ආරක්ෂා කරනවා.

මුහුණේ සමට ගුණදෙන සත්කාරයක්

රූපලාවණ්‍ය නිෂ්පාදන රැසකම ඔලිව් තෙල් අඩංගු වෙනවා. ඉතිං ඔලිව්තෙල් භාවිත කර නිවෙසේදීම මුහුණට සත්කාරයක් හදා ගන්න පුළුවන්. අඹරාගත් පිපිඤ්ඤා ගෙඩියකට කිරි මේස හැන්දක් හා ඔලිව්තෙල් මිශ්‍රකර ගන්න. මේ පැක් එක සාදා මුහුණේ ආලේප කරන්න.

කෙස් කලඹේ රැලි ඉවත්කිරීම සඳහා

නෑමෙන් පසු කෙස් කලඹ හොඳින් වේළා ගන්න. පසුව ඔලිව් තෙල් ස්වල්පයක් ගල්වා ගන්න. එමඟින් ඔබේ කෙස් කලඹේ ඇති අනවශ්‍ය හා බොකුටු ගතිය අඩුකර ගන්න පුළුවන්. කෙස් කලඹට ද දිස්නයක් ලැබෙනවා.

ඉස්හොරි සඳහා

නිතර හිස කැසීම සහ ඉස්හොරිවලින් ඔබ පීඩා විඳිනවාද? එහෙනම් මෙන්න විසඳුම. රාත්‍රියට කෙස් කලඹට ඔලිව් තෙල් ගැල්වීම මඟින් කෙස් කලඹට අවශ්‍ය පෝෂණය ලැබෙනවා.

තොල්පෙති සඳහා සත්කාරයක්

ඔලිව්තෙල් හා සීනි මිශ්‍රකර එම මිශ්‍රණයෙන් තොල්පෙති සම්බාහනය කරන්න. සතියකට වතාවක් මෙසේ මිශ්‍රණය ආලේප කිරීමෙන් ඔබේ දෙතොල්වල වියළි බව හා එයට මෘදු පෙනුමක්ද ලබා දෙනවා.

එක්සිමා හා කුෂ්ඨ සඳහා

ඖෂධීය ගුණ ඇති ඔලිව්තෙල් ඔබේ සමේ ඇති මෙවැනි තත්ත්වයන් සඳහා ඔබට භාවිත කරන්නට පුළුවන්. රෝග කාරක විසබීජ නිරාවරණය කිරීමේ හැකියාව ඔලිව් තෙල් වලට තියෙනවා. දිනකට දෙවතාවක් මේ සම්බාහනය කළයුතුය.

නියපොතු ආසන්නයේ හම යෑම සඳහා

විටමින් ඊ අඩංගු ඔලිව්තෙල් කිහිප වතාවක්ම ගැල්වීමෙන් මේ තත්ත්වය පාලනය කිරීමේ හැකියාව තියෙනවා.

ඇස්යට පිපුම

රෑ නින්දට පෙර ඔලිව්තෙල් ගල්වන්න. එයින් ඔබට හොඳ ප්‍රතිඵල ලබාගන්නට පුළුවන්.

එපමණක් නොව ඔලිව් තෙල් හා ඔලිව් කොළ යුෂ මිශ්‍ර කර විවිධ ආලේපන, ක්‍රීම් වර්ග හා සබන් වර්ග පවා නිපදවනවා. ඔලිව් කොළයේ තෙල් වලින් පිසගන්නා කෑම වර්ග ඉතාම රසවත් මෙන්ම ගුණදායක බවත් අද මුළු ලෝකයම දන්නා කරුණක්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here