සුන්දර කෙස් කලඹක් අවැසි ඔබට උපදෙසක්

0
4095
beautiful-hair

සුන්දර කෙස් කලඹක් කාන්තාවට ආශිර්වාදයක්. ඒත් බොහෝ දෙනෙකුට මේ වෙනුවෙන් සාත්තු සප්පායම් කිරීමට වෙලාවක් නැහැ. ඒ වගේම වියදම් දරාගෙන සැලොන් වෙත යන්නත් කාලයක් සහ අතිරේක වැය බරක් දැරීමත් අපහසු වෙන්න පුලුවන්. ඒ වුනත් ඔබට නිවසේ සිටම තමන්ගේ කෙස්වල ආරක්ෂාව, ලස්සන පවත්වා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවෙයි. ඒ නිසා මේ සරල ක්‍රම අත්හදා බලන්නකෝ..

කෙස් වැටෙනවාද..?

  • කෝමාරිකා හිස් කබල සුවපත් කරන අතර එහි උණුහුම පවත්වා ගන්නවා. ඒ නිසා කෙස්වල ආරක්ෂාව සලසා ගැනීම එතරම් අපහසුවක් නැහැ.කෝමාරිකා යුෂ මේස හැදි බාගයක් ලෙමන් යුෂ සමග මිශ්‍ර කරන්න. එය හොදින් හිස් කබලේ ආලේප කර විනාඩි තිහකින් පමණ සෝදන්න. පොල්තෙල් මේස හැඳි දෙකක් දෙහි යුෂ සමග මිශ්‍ර කර ගෙන හිස් කබලේ ආලේප කරල විනාඩි විනාඩි 30 ක් 35 ක් වැනි වේලාවකින් පසුව සෝදා හරින්න.
  • ළූණු යුෂ මේස හැන්දකට පොල් තෙල් මේස හැදි දෙකක් එක් කර ගෙන හිසේ ගල්වා පැය දෙකකට පසුව සෝදා හරින්න.
  • ළූණු යුෂ මේස හැදි දෙකකට මීපැණි මේස හැන්දක් මිශ්‍ර කර විනාඩි 15 ක් පමණ හිසේ ගල්වා තබා ගෙන සෝදා හරින්න.
හිස කැසීම

සමහර අවස්ථාවල ඔබට හිස කැසීමේ අපහසුතාවය ඉතා තදින් දැනෙන්න පුලුවන්. ඔලුවේ උකුනොත් නැහැ. හැමදාමත් නාලා හිස පිරිසිදු කරනවා. ඒත් මේ කැසිල්ල… ඉවසන්න බැහැ. මේ වගේ අපහසුතාවයන් ඔබටත් තිබෙන්න පුලුවන්.

හිස  කැසීමටත් බලපාන කරුණු : 

  • මානසික පීඩනය
  • කාලගුණ තත්වයන්

මේ වගේ අපහසුතාවයන් තිබෙනවා නම් ලෙමන් යුෂ මේස හැදි දෙකකට ඔලිව් තෙල් එකතු කරල හිසේ හොඳින් ආලේප කරල සම්බාහනය  (මසාජ්) කරන්න. විනාඩි විස්සකින් පමණ සෝදා හරින්න

හිසකෙස් වැටීම

හිසකෙස් වැටෙන්නත් විවිධ හේතු බලපානවා. විශේ‍ෂයෙන් ඔබේ ආහාර රටාව ඉතාම වැදගත්. නිතරම ආහාරයට මාලු, පළතුරු, එලවළු, රතු බත්, පලා අාහාරයට ගන්න.

අව්වට පිලිස්සීම

අව්ව නිසා හිසකෙස් පිලිස්සී දුර්වර්ණ වීමට පුලුවන්. මේ වෙනුවෙන් වූ ප්‍රතිකාරය නිවසේදීම පිලියෙල කර ගන්න පුලුවන්. මී පැණි සහ ඔලිව් තෙල් එකට මිශ්‍ර කරල හිසෙකෙස්වල ආලේප කරන්න. ටික වේලාවකින් හිසකෙස් සෝදා ගන්න.

හිසකෙස් දිගුව වඩා ගැනීමට

හිසකෙස් දිගුව වඩා ගැනීමට ළූණු ඉතා හොඳ ඔසුවක්. මුලුතැන්ගෙයින් ලැබෙන මේ ඖෂධයෙන් ඔබේ කෙස් වඩවා ගන්නේ කොහොමද…?

ළූනු ගෙඩියක් හොඳින් පොතු ඇර ගෙන එය  සෝදා පහසුවෙන් බ්ලෙන්ඩර් කර ගත හැකි ප්‍රමාණයේ කැබලි වලට කපන්න. මේ කපා ගත් ලූණු බ්ලෙන්ඩරයෙන් අඹරා ගෙන එහි යුෂ ලබා ගන්න. මේ වෙනුවෙන් පෙරනයක් හෝ රෙදි කැබැල්ලක් භාවිතා කරන්න. දැන් මේ යුෂ හොදින් හිසේ ගල්වා ගෙන එය මසාජ් කරන්න. විනාඩි 20 ක් පමණ වේලාවක් මෙය හිසකෙස් අතර තබා ගෙන අනතුරුව සෝදා හරින්න. සතියකට වතාවක් හෝ දෙවතාවක් මේ විදිහට කළොත් ඔබේ හිසකෙස් වැඩෙන අන්දම ඔබටම දැක ගත හැකියි.

ඔබ ළූණු ගුණ හඳුනනවාද…?

ළූණු ප්‍රතිඔක්සිකාරකයන්ගෙන් පොහොසත් නිසා ඔබ නොදකින ගුණ බොහොමයක් ලබා ගන්න පුලුවන්. කැලරි ශක්තියෙන් අඩු වුනත් විටමින් සහ ඛණිජ බහුලයි. කැල්සියම්, යකඩ, මැග්නීසියම්? පොස්පරස්, පොටෑසියම් වගේම සල්ෆර්ත් අඩංගුයි. ඉතින් ගෘහණියෙක් විදිහට ළූණුවල තිබෙන ගුණ හදුනාගෙන පවුලේ පෝෂණය වගේම රුව ලස්සනත් රැක ගැනීමට පුලුවන්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here