කාන්තා හැඩ, වැඩි කරන රහස

0
16685
teenage gl

හැඩට වැඩට අදින්න කරන්න කොයි කෙනාද අකමැති. කාර්යාලයට, ගමනට බිමනට, විනෝද චාරිකාවකට, මිතුරන් හමුවෙන්න යන්න ලස්සනට සැරසෙන්න අපේ යුවතියන් පසුබට වෙන්නෙ නම් නෑ. එහෙම නේද? අපි කොයි කොයි විදියේ විලාසිතා තෝරාගත්තත් අපේ රුව ඔප් නැංවෙන්න නම් කාන්තා අපි අවදානය යොමු කළ යුතු තවත් දේවල් තියෙනවා. අපි අඳින ඇඳුම කොයිතරම් ලස්සන වුණත් අපි තෝරාගන්න යට ඇඳුම් නිසා ඒ සුන්දරත්වය අඩු වෙලා යනවා. දැන් දන්නවා නේද? කාන්තා හැඩ වැඩි කරන රහස මොකක්ද කියලා.

යට ඇඳුම් පිළිබඳව සාකච්ඡා කිරීමේදී බ්‍රෙසියරය, යට කලිසම (පෑන්ටි), යට සාය, වෙස්ට් මෙන්ම කෝසෙට්, ගර්ඞ්ල් වැනි සිරුර හැඩ කරන යට ඇඳුම් පමණක් නොව උකුලට නියම හැඩය ගෙන එන ෂේප් වෙයාර් පෑන්ට්ස් යන සියලු යට ඇදුම් ඇතුළත්. මෙම යට ඇදුම් වර්ග කුමන අවස්ථාවන්වලදී කුමන විලාසිතාව සඳහා සුදුසු ද යන්න පිළිබඳව මෙන්ම යට ඇඳුම් තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද යන්න පිළිබඳවත් අපි දැනුවත් වෙමු.

අපේ රටේ දේශගුණ තත්ත්වයට අනුව යට ඇඳුම් තෝරා ගැනීමේදී කොට්න් සහ ඉලාස්ටීන් හෝ කොට්න්වලින් නිමවන ලද රෙදි වර්ගයක් තෝරා ගැනීම වඩා වැදගත්. කොට්න් රෙදි මගින් සිරුරේ දහදිය උරාගන්නා අතරම සිරුරට පහසුව ඇති කරනවා. ඒ වගේම ඔබ දවසින් වැඩි කාලයක් කාර්යාලයේ එනම් වායුසමනය කරන ලද කාමරයක ගත කරනවා නම් ඔබට වඩාත් සුදුසු වන්නේ ඉක්මණින් වියලෙන යට ඇඳුම් වර්ගයක් තෝරාගැනීමයි. එනම් නයිලෝන් සහ ඉලාස්ටීන් මිශ්‍රව සැකසුණු යට ඇඳුම්ය. ඉලාස්ටීන් මගින් සිරුරේ සහ පියයුරුවල හැඩය ඉස්මතු කරනවා.
යට ඇදුම් නිමැවූ රෙදි වර්ගය පිළිබඳව මෙන්ම අදාල අවස්ථාව සහ කාලය අනුවද යට ඇදුමේ වර්ණයද තීරණය කිරීම තවත් වැදගත් කරුණක්.

පරිසරයේ උෂ්ණත්වය වැඩි නිසා දිවා කාලයේදී වඩාත් සුදුසු වන්නේ ලා පැහැති යට ඇදුම්. පරිසරයේ උෂ්ණත්වය රාත්‍රී කාලයේදී අවම නිසා තද පැහැයන් තෝරාගැනීමේ වරදක් නොමැත. එසේම ඔබේ විලාසිතාවට ඔබින යට ඇඳුම් තෝරාගැනීමට උනන්දු විය යුතුය.

කාන්තා යට ඇඳුම් අතරින් ප්‍රධාන තැනක් හිමි වන බ්‍රෙසියරය, කොටස් කිහිපයකි. ඒ පිළිබඳ දැනුවත් වීම තුළින් ඔබේ පියයුරුවල හැඩයට සහ ප්‍රමාණයට අනුව ඔබේ විලාසිතාව සඳහා සුදුසුම බ්‍රෙසියරය තෝරාගැනීමට විශාල සහායක් ලැබෙනු ඇත. ඔබගේ බ්‍රෙසියරයේ හැඩය ඔබගේ අවස්ථාව මෙන්ම ඔබ තෝරාගත් විලාසිතාව තවත් සුන්දර කරන අතරම ඒ තුළින් ඔබට ආත්ම ශක්තියක් ඇති කර පහසුව වඩාත් තහවුරු කරයි.

බ්‍රෙසියරයේ Cup මගින් පියයුරුවල හැඩය සහ පිහිටීම නිසි ලෙස පවත්වාගනී. Center Front Gore පියයුරුවල ස්වභාවික පරතරය ඒකාකාරීව තබාගනී. Straps අවශ්‍ය පරිදි සීරු මාරු කොට සකසා ගත හැකි අතරම ගින් පියයුරුවල බර දරා සිටී. Cradle මගින් පියයුරුවල බරා දරාගන්නා අතරම  හැඩය නිසියාකාරව පවත්වා ගනී. Wing හරස් අතට පියයුරු ඇති කරන පීඩනය අවම කරයි. තවද සිරුරේ හැඩයට අනුව පියයුරු දරා සිටී. Hook & Eye ඔබේ සිරුරේ ප්‍රමාණයට අනුව බ්‍රෙසියරය පැළඳ ගැනීමට උපකාරී වේ.

bra

බ්‍රෙසියරය හා සමානවම වැදග් අනෙක් යට ඇඳුම වන්නේ යට කලිසමයි. ඒ නිසාම යට කලිසම් වර්ග සහ හැඩයන් පිළිබඳව මෙන්ම එහි අමතර කොටස් පිළිබඳවත් දැනුවත් වීම වඩා වැදගත් වේ.

underware

යට කලිසම් තෝරා ගැනීමේදී ඔබේ වැඩි අවධානයක් යොමු විය යුතු කරුණ වන්නේ ටමිැඑ ්රු් කොටස සඳහා යොදාගෙන ඇත්තේ කුමන රෙදි වර්ගයක්ද යන්න පිළිබඳවයි. යෝනි පෙදෙසේ ඉතා ඉක්මණින් බැක්ටීරියා ආසාදනයන් ඇති විය හැකි අතරම කපු ස්ථරයට අමතර ආවරණයක් ඇතුළතින් තිබීම ඉතා වැදගත් වේ. එමගින් තෙත් ස්වභාවය මෙන්ම දහදිය හොඳින් උරාගනිමින් යෝනි පෙදෙසෙහි ඇති සියුම් සම රැක ගනී.

ආරක්‍ෂිත කිරීමත්, ස්භාවිකව ඇතිවන තෙත් ස්වභාවයත් දහඩියත් ඉක්මනින් උරාගනිමින් පරිසරයට මුදාහැර යෝනි පෙදෙස වියලිව තබා ගැනීමට උපකාරී වේ- එසේම යට කලිසම පිරිසිදු කරගැනීමේදී ටමිැඑ පෙදෙස හොඳින් පිරිසිදු කරගැනීමටත්, අවපැහැය ආරම්භවනවාත් සමඟම එම යට ඇදුම් ඉවත් කිරීමටත් සැළකිලිමත් වන්න- මෙම පෙදෙසෙහි ඉතා ඉක්මනින් බැක්ටීරියා වර්ධනය වී යෝනි පෙදෙසෙහි සම ආසාධනය වීමත්, අනවශ්‍ය දුඟදක් ඇති විය හැකි නිසාත් ඔබ ජලය යොදා යෝනි පෙදෙසෙ පිරිසිදු කරන සෑම අවස්ථාවකදීම සෞඛ්‍යාරක්‍ෂිත ලෙස හොඳින් පිසදමා වියලිව තබා ගැනීම ඉතා වැදගත් වේ.

අවස්ථානුකූලව, විලාසිතාවට අනුව නිවැරදි හැඩයේ පෑන්ටි වර්ගය තෝරා ගැනීම තුළින් ඔබේ ඇඳුමට සහ සිරුරට වැඩි පෙනුමක් ගෙන දෙන අතරම ඕනෑම විලාසිතාවක් තෝරාගැනීමටත් යෝනි පෙදෙසේ සෞඛ්‍යාරක්‍ෂිත බව තහවුරු කරගැනීමටත් ඔබට හැකි වේණ වන්නේ ඔබ මිලදී ගන්නා යට ඇදුම් හොඳින් සෝදා වියලා ඇදීම ඉතා වැදගත් බවයි. ඊළග ලිපිය හරහා බ්‍රෙසියර වර්ග හා යට කලිසම් වර්ග පිළිබඳව දැනුවත් වෙමු.

තවත් වැදගත් කරුණක් වන්නේ ඔබ මිලදී ගත් යට ඇදුම් භාවිතයට පෙර හොඳින් සෝදා වියලා ගත යුතුය යන්නයි.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here