මේ, AIDS පිළිබදව දැනුවත් වෙන්නට සුදුසුම කාලයයි.

0
2909
hiv_aids

ගමක් අවුළුවා රටක් ඇවිළවූ ඒඞ්ස් පුවත ඔබට මතක ඇති. එතුළින් කියාපෑවේ අපේ සමාජය තුළ ඒඞ්ස් පිළිබදව නිසි අවබෝධයක් නොමැති බවයි. ඉතිං මේ උදාව ඇත්තේ ඒඞ්ස් පිළිබද ඔබට දැනුවත් වෙන්ට සුදුසුම කාලයයි.

ඒඞ්ස් ඇති වන්නේ මානව ප‍්‍රතිශක්ති ඌණතා වෛරසය මගිනි. එය මානව ප‍්‍රතිශක්ති ඌණතා සහලක්‍ෂණය හෙවත් ඒඞ්ස් ලෙස හදුන්වයි. වෛරසය ශරීරගතවී දිගු කාලයක් පුරා ප‍්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරයි. එමගින් සිරුරේ ප‍්‍රතිශක්තිකරණ හැකියාව අඩුවී යන අතරම වසර 8 – 10ත් අතර කාලයකදී ශරීරයේ ප‍්‍රතිශක්තිකරණ හැකියාව අවම වේ. රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම ආරම්භ කරන්නේ මේ අවස්ථාවේ සිටය. ඒ අවස්ථාවේ රෝගය ඒඞ්ස් ලෙස හදුන්වයි. මෙම තත්ත්වයට ළ`ගා වන තෙක් තමා එච්අයිවී ආසාදිකයෙකු  බව රෝගියාද නොදනී. එයට හේතුව වන්නේ රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීමට අවුරුදු අටක් දහයක් වැනි කාලයක් ගතවීමයි. ජනතාව මේ පිළිබදව දැනුවත් විය යුතු කාලය දැන් එළඹ ඇත. අදවන විට තමා එච්අයිවී ආසාදිතයෙකුද නැතිද යන්න පිළිබදව පරීක්‍ෂා කරවා ගැනීමට ජනතාව යොමුව තිබේ. කෙසේ වුවද විශේෂයෙන්ම රෝගය සම්පේ‍්‍රෂණය වීම වළක්වා ගැනීම සදහා රෝග තත්ත්වය පිළිබ`දව අවබෝධයක් තිබීම ඉතා වැදගත් වේ. අද වන විට එච්අයිවී ආසාදනය සදහා ඖෂධ වර්ග ඇති බැවින් රෝගයට බදුන් වූවන්ගේ ජීවිත කාලය දීර්ඝ කරමින් වෙනත් අසාදන තත්වයන්ගෙන් ආරක්‍ෂා වීමට අවස්ථාව ලැබේ. මෙම ඖෂධ මගින් ජීවිතයේ ගුණාත්මකබව වැඩි කරයි.

එච්අයිවී වෛරසය සම්පේ‍්‍රෂණය වන ක‍්‍රම :

  • එච්අයිවී ආසාදිත පුද්ගලයෙකු සමග ඇති වන අනාරක්‍ෂිත ලිංගික සබදතා (මූඛ, යෝනි, ගුද)
  • ආසාදිත කාන්තාවන්ගෙන් බිහිවන දරුවන්ට
  • ආසාදිත රුධිරය හෝ රුධිර නිෂ්පාදන රුධිර පාරවිලයනයේදී හෝ සිරුරට ඇතුළු වීම

ලොව පුරා මෙන්ම අපේ රට තුළත් රෝගය ව්‍යාප්ත වීමට බලපාන ප‍්‍රධානතම හේතුව වන්නේ වැඩිවශයෙන්ම කාන්තාවන් සහ පිරිමින් අතර ඇතිවන අනාරක්‍ෂිත ලිංගික සබඳතාවන්ය.

ඒඞ්ස් රෝගයෙන් වැළකෙමු

  • ආරක්‍ෂිත ලෙස ලිංගික සබදතා පැවැත්වීම
    ඔබේ ලිංගික සබදතාවයන් විශ්වාසවන්ත එක් අයෙකුට සීමා කරන්න. අනවශ්‍ය ගැබ්ගැනීම් මෙන්ම ඒඞ්ස් ඇතුළු ලිංගිකව සම්පේ‍්‍රෂණය විය හැකි බොහොමයක් රෝගවලින් ආරක්‍ෂා වීමට කොණ්ඩමයක් භාවිත කිරීමට හුරුවන්න.
  • විවාහයට පෙර ලිංගික සබදතා නොපැවැත්වීම
    තරුණ වයසේ දරු දැරියන් වැඩිහිටි විවාහක පුද්ගලයන් සමග අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධතා සදහා යොමු නොවී තම ආදරවන්තියට හෝ ආදරවන්තයාට පමණක් සීමා වීම වැදගත් වේ. තරුණවියේ දරුවන් දැනුවත් කිරීම සහ සුරැකීම වැඩිහිටියන්ගේ යුතුකමක් වනු ඇත.
  • මවගෙන් දරුවාට සම්පේ‍්‍රෂණය වීම වළක්වා ගැනීම
    සෑම ගර්භණී මාතාවක්ම එච්අයිවී පරීක්‍ෂාව සිදු කළ යුතුය. එය අද වන විට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදු කරනු ලබයි. එච්අයිවී ආසාදිත මවක් වේ නම් ඖෂධ ලාබාදීමෙන් දරුවාට සම්පේ‍්‍රෂණය වීම 99.9%කින් වළක්වා ගත හැකිය.
  • අනාරක්‍ෂිත ලිංගික සබදතා ඇති කරගත් අයෙක් රුධිරය ලබා නොදීම
    ඔබ අනාරක්‍ෂිත ලිංගිකව සබදතාවයක් පැවැත් වූ අයෙක් නම් ඒ පිළිබද නිවැරදි තොරතුරු දන්නේ ඔබම නිසා කිසිදු විටෙක ලේ දන් නොදීමට වගබලා ගැනීම ඔබේ යුතුකමකි. ඒ, වෛරසය ශරීරගත වී පළමු සති දෙක තුළ (වින්ඩෝ පීරියඞ්) රෝගය ඇත්දැයි හදුනාගැනීමට නොහැකි වුවද රෝගය සම්පේ‍්‍රෂණය විය හැකි නිසාය.
  • තම දරුවන් දැනුවත් කිරීම
    නිවසේ වැඩිහිටියන් මව්පියන් තම දරුවන් මේ සම්බන්ධව හොදින් දැනුවත් කළ යුතුය. දුරකතනය හෝ අන්තර්ජාලය තහනම් කිරීම නොව යම් සීමාවක් තුළ රදවා ගනිමින් කිසිවෙකුටත් හානි නොවන ලෙස ඒවා පරිහරණය කිරීමට අවශ්‍ය වටපිටාව දෙමාපියන් විසින් සකස්කළ යුතුය. දරුවන්ගේ යහළු යෙහෙළියන් පිළිබදවද අවධානය යොමු කිරීම වැදගත් වේ.

ඔබත් අදම එච්අයිවී පරීක්‍ෂණය සදහා යොමුවන්න

පරීක්‍ෂණය සදහා යොමු වීමෙන් නොදැනුවත්ව හෝ වෛරසය ශරීරගත වී ඇත්නම් ඒ පිළිබදව දැනුවත් වීමට අවස්ථාව ලැබේ. නිසි වෛද්‍ය උපදෙස් වෙත යොමුවී අවශ්‍ය ප‍්‍රතිකාර ලබා රෝග තත්ත්වය පාලනය කර ගැනීමට එය වැදගත් වේ. එවිට වෛරස තත්ත්වය අඩු වී යාමෙන් අනාරක්‍ෂිත ලිංගික සබදතාවයකදී වුවද අනෙකාට රෝගය බෝ වීම වැළකේ. තවද ආයු කාලය වැඩිවේ. ප‍්‍රතිකාර ලබා රෝගය පාලනය කරගැනීම මුළු මහත් සමාජයටම යහපතකි.

පූර්ණ කාලීන ලිංගාශ‍්‍රිත රෝග /ඒඞ්ස් මර්දන සායන 30 ක් හා ශාඛා සායන 22ක් මේ වන විට දීපව්‍යාප්තව ක‍්‍රියාත්මකව පවතී. ඒ සායන සදහා යොමු වීමට වෛද්‍යවරයෙකුගේ හෝ වෙනත් ආයතනයකින් ලිපි අවශ්‍ය නොවේ. රහස්‍යභාවය සුරකිමින් නොමිලේ සිදු කෙරෙන මෙම එච්අයිවී පරීක්‍ෂණ සදහා යොමු වීම තුළින් ඒඞ්ස් මර්දනය කිරීමට ඔබෙන්ද විශාල සහයක් ලැබෙනු ඇත. උදෙසා ලබාදෙන විශාල සහයෝගයකි.

ඔබත් අදම එච්අයිවී පරීක්‍ෂාවට යොමුවන්න.

සෞඛ්‍ය අමත්‍යාංශයේ ජාතික ලිංගාශ‍්‍රිත රෝග /ඒඞ්ස් මර්දන වැඩසටහනේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ජානකී විදානපතිරණ මහත්මිය සමග සකස් කරන ලද ලිපියකි.

About The Author

Previous articleප්‍රශ්න වලින් තොර වූ සැබෑ ආදරයක් තුල මෙම කරුණු 05 අනිවාර්යයෙන්ම තිබිය යුතුය.
Next articleකාන්තා හැඩ, වැඩි කරන රහස
අධ්යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here