විවාහායක දිග පළල මනින කාන්තාවගේ කන්‍යාභාවය.

0
8259
bride

මෙරට දේශීය සංස්කෘතිය  තුල ස්ත්‍රියකට හිමිව ඇත්තේ රාමුගත ජීවිතයකි. එනම් ස්ත්‍රී පුරුෂ  විවාහායක් තුල දී  සියලු දෙනා පාහේ නෙත් යොමා සිටින්නේ ගැහැනියගේ පිරිසිදු භාවය දෙසටය. සුදු පිරුවටය එයට හොඳම නිදසුනයි. තම මධුසමය දින එළන ලද සුදු පිරුවටයේ කාන්තාවගේ පතිවත මනිනු ලබන ලේ පැල්ලම නැතිනම්  එම කාන්තාව  වෛශ්‍යාවක්  හෝ ගමේ ගොඩේ අයට අනුව ඇය නැට්ටුක්කාරියකී.

ඇත්තටම කන්‍යාභාවය යනු කාන්තාවකගේ පරම පූජනීය මිනුම් දණ්ඩය. නමුත් මෙම කන්‍යාභාවය උපතින්ම ගෙන එන්නක්ද යන්න අද වන විට බොහෝ සෙයින් කට කතා පැතිර ඇත. ස්ත්‍රියකගේ පැවැත්ම රදා පවතින කන්‍යාභාවය මෙලොව සියලුම කාන්තාවන් හට උපතින්ම උරුම දෙයක් නොවෙති. දුකට කරුණ වන්නේද කාන්තාවගේ පිරිසිදු භාවය සොයා ඇය වෛශ්‍යාවක් කරනු ලබන්නේත්  තවත් කාන්තාවක් වීමයි. අද  වන විට කාන්තාවගේ කන්‍යාභාවය ගැන එකිනෙකට වෙනස් මත රාශියක් ඉදිරිපත් වී ඇතැත් දීර්ඝ කාලයක් මුළුල්ලේ මේ පිළිබඳ පර්යේෂණ සිදු කරනු ලැබූ වෛද්‍ය කණ්ඩායම් කියා සිටිනු ලබන්නේ අද වන විට කාන්තාවගේ කන්‍යාභාවය ශල්‍යකර්ම මගින් පවා පිහිටු වීමට හැකි බවය. ඒ අතින් බලන කල මෙම බොළඳ මධුසමයේ  ආධිපත්‍යය නුදුරේදීම ගිලිහී යනු ඇත.

කාන්තාවගේ පාරිශුද්ධභාවය සුදු රෙද්දකින් මැනිය නොහැකි අතර  කන්‍යාභාවය පිහිටනු ලබන්නේ කාන්තාවන් සියයකගෙන් තුනකට පමණ බව නව වාර්තා වලට අනුව සොයා ගෙන ඇත. කාන්තාවන්ගෙන් 50%කට පමණ  උපතින්ම කන්‍යාභාවය අහිමි වන අතර එය පිහිටනු ලබන්නේද කාන්තාවගේ ශරීරයේ පිහිටීම, හැඩය, උෂ්ණත්ව යන දේවල් මුල් කොට ගෙනය. ඇතැමුන්ගේ පලමු එක් වීමේදිම කන්‍යා පටලය ඉරී යන අතර  ඇතැම් කාන්තාවගේ කන්‍යා පටලය එසේ පළමු එක්වීමේදීම ඉරී නොයයි. කාන්තාවගේ ශරීරයේ පිහිටීම අනුව ඇතැම් කාන්තාවන්ගේ කන්‍යා පටලය ඉතා ඝන තත්වයේ පවතී.

අප සමාජයේ පිළිගන්නා වූ අදහසක් වන්නේ දෙදෙනෙකුගේ එක් වීමේදී පමණක් කාන්තාවගේ පාරිශුද්ධභාවය වැනසෙන බවය. නමුත් කාන්තාවගේ පාරිශුද්ධභාවය අහිමි වීමට ශාරීරික එක් වීම පමණක් හේතුවක් නොවෙති. කාන්තාවගේ යෝනි මාර්ගයේ අඟල්  1/4ක් හෝ 1/2ක් පමණ ශරීර අභ්‍යන්තරයේ පිහිටි  රුධිර ඕජසය සහිත 1mm එකක් පමණ ඝනකම  සිවිය  කාන්තාවගේ කන්‍යා පටලය ලෙස හදුන්වයි.   යම් කාන්තාවකගේ කන්‍යා පටලය ඇදෙන සුළු වීම හෝ එය ඝනව පිහිටීම සිදු විය හැක. කෙසේ වෙතත්  කාන්තාවගේ කන්‍යා භාවය පිරික්සීමෙන් බලාපොරොත්තු වන්නේ ඇයගේ පාරිශුද්ධභාවයයි. නමුත් සමහර කාන්තාවන්ට  උපතින්ම උරුම නොවන කන්‍යාභාවය පිරික්සීම සාධාරණ ද?

සුදු පිරුවටයට පමණක් සීමා කළ නොහැකි  කාන්තාවගේ පාරිශුද්ධභාවය මගින් විවාහා  දිවිය මැනිය නොහැක. කන්‍යාභාවය උපතින්ම පිහිටා නැති වුවත් යහපත් ලෙස තම දිවිය පවත්වා ගනිමින් කුල ගෙය තුල චරිවත් ලෙස වාසය කරන්නා වූ කාන්තාවන්ද මෙම සමාජය තුල වෙසෙති.  තම සංස්කෘතිකමය ආකල්ප වලට එහා ගොසින් කාන්තාවකගේ පාරිශුද්ධභාවය සුදු රෙද්දකට පමණක් සීමා නොකොට හරි විදියට මෙම මතයන් තේරුම් ගෙන කාන්තාවට හිමි තැන කාන්තාවට ලබා දිම පුරුෂයකු ලෙස ඔබගෙන් ද විය යුතු යුතුකමකි. සුදු පිරුවටයට කාන්තාවකට  ලේබල්  නොගසා තම විශ්වාසයෙන්  ආදරයෙන් සිය පවුල රැක ගැනීම සැමියාටත් බිරිදටත්  පොදු දෙයකි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here