කාලය කලමනාකරණය කර ගන්නේ කොහොමද

0
13223

දවසටම තිබෙන පැය 24 මනාව කලමනාකරණය කර ගන්නේ නම් අපට එම දිනයට තිබෙන වැඩ ඉතාමත් පහසුවෙන් කර ගන්න පුළුවනි. නමුදු බොහෝ පිරිස් යම් දෙයක් කරන්නට යන විට මැසිවිලි නගන්නේ ඕවාට කොහෙන්ද අපට වෙලාවක් කියාය. නමුදු ඔබට එදින  නියමිත දවසේ වැඩ කටයුතු නියමාකාරව කර ගන්න නම් කාලය කළමනාකරණය කර ගන්න අවශ්‍යයයි. සමහරුන්ට තමන්ගේ වැඩ කර ගැනීමට පැය 24 ප්‍රමාණවත් නෑ. ඇතමුන්ට තම බිරිද වෙනුවෙන්, පෙම්වතිය වෙනුවෙන්වත් කාලය වෙන කර ගැනීමට නොහැකිය. නමුදු කොතරම් වැඩ තිබුනත් කාලය මැනවින් හසුරුවනු ලබන තැනැත්තාට විනෝද වෙන්න, තම දරුවන් සමග කල් ගත කරන්න බොහෝ වේලාවන් ඉතිරි වෙනවා.

  1. කාලය ගත කල යුතු ආකාරය පිලිබදව සැලසුමක් පවත්වාගෙන යන්න
  2. කාල සටහනේ දක්වන ලද කාරණා ක්‍රියාවට නංවන්න
  3. කාල සටහන ක්‍රියාවට නගන ආකාරය පිලිබදව සටහන් කර ගන්න
  4. ඒ සදහා තිබෙන දුෂ්කරතා හදුනා ගන්න
  5. දුෂ්කරතා මග හරවා ගත යුතු ආකාරය ගැන සිතන්න
  6. කාලය වඩාත් ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්නා ක්‍රම මොනවා දැයි සොයන්න

මෙහිදී එදිනට නියමිත කාර්යයන් මොනවාද මේ සදහා ගත වන කාලය සටහන් කර ගන්න. මෙහිදී එදිනෙදා සිදු කරන කාර්යයන් අනුව ගත වන කාලය වෙනස් වේවි. මේ නිසා පවතින වැඩ ප්‍රමාණය අනුව කාලය සකසා ගන්න. සෑම විටම මෙහිදී සෑමවිටම තම පවුලේ අය වෙනුවෙන් මිතුරන් වෙනුවෙන් කාලය වෙන් කර ගන්න පුරුදු වෙන්න. බොහෝ බටහිර රටවල මිනිසුන් දිවි නසා ගන්න අධික වැඩ ප්‍රමාණය හේතු වී තිබෙනවා. වැඩ අධික වූ විට විශාල ආතතියක් ලැබෙනවා. මේ පීඩනය මග හරවා ගැනීමට ඔබට විනෝදය, සතුට අවශ්‍යයි. එවැනි මොහොතක තම දරුවන් සමග පෙම්වතිය සමග කල් ගත කරන්න කාලය යොදවා ගන්න.

විනෝද වෙන්න, සතුටු වෙන්න වෙලාවක් නැතැයි කීම අසත්‍ය කරුණකි. මන්ද බටහිර රටවල් සමග සසදන විට අපට ඉතුරු වන කාලය බොහෝය. මේ නිසා අප අපතේ යවන කාලය පිලිබදව සැලකිලිමත් විය යුතුය. බොහෝ අවස්තා වල කාලය වැය කරන්නේ අප අපේක්ෂා නොකරන කරුණු සදහා හෝ බොහෝ පරිබාහිර දෙයක් නිසා විය හැකිය. මේ නිසා කාලය වැය වන ආකාරය හදුනා ගෙන අපතේ යන කාලය අවම කර ගත යුතුය. මෙහිදී ඔබ අපතේ යන කාලය සති කිහිපයක දී හදුනා ගන්න.

මෙහිදී අපතේ ගිය කාලය සහ අපතේ යෑමට හේතුව පැහැදිලිව සටහන් කර ගන්න. ඉන් පසු එම කාලය අපතේ යෑමට හේතුව සලකා බලා එම කාලය ප්‍රයෝජනවත් වැඩකට යෙදීමට කටයුතු කරන්න.මෙහිදී සියල්ල සලකා බලා කාල සටහනක් සකස් කර ගන්න. කාල සටහනක් අනුව වැඩ කිරීම මුලින්ම දුෂ්කර වුවත් පසුව ඔබට එය අතිශයින්ම ප්‍රථිපලදායක වනු ඇත. එදිනෙදා ජීවිතය ප්‍රයෝජනවත් ලෙස ගත කිරීමට පුළුවනි. තමන්ගේ එදිනෙදා නියමිතට වැඩ වලට අමතරව පොත් කියවීමට වැනි ප්‍රයෝජනවත් වැඩ බොහොමයක් කර ගත හැකි වේ.

මදකට සිතන්න ඔබ කොතරම් දුරකථනය වෙනුවෙන් කාලය වෙන් කරනවාද කියා. දුරකතනයට යොදන කාලය මදක් අඩු කොට ඒ  කාලය වෙනත් වැඩකට යොදවන්න. ඇතමුන්ට දිනකට  අවශ්‍ය නියමිත නින්ද පවා මේ දුරකථනය නිසා මග හැරෙනවා. මේ නිසාම බොහෝ බුද්ධිමතුන් නින්දට යන විට දුරකථනය විසන්ධි කරනවා. එසේම තවත් පිරිසක් දුරකථනය විසන්ධි කොට වෙන වෙනත් කාමරයක තබන්නද පුරුදු වෙලා තිබෙනවා.

මේ ආකාරයට කාලය අපතේ යන්නේ ඇයිදැයි වටහා ගෙන එය අවම කර ගැනීමට තමන්ටම අවේණික ක්‍රමයක් සකස් කර ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here